දිවි පුදා දිනාගත් යාපනය රටට අහිමිවෙයි?

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    දිවි පුදා දිනාගත් යාපනය රටට අහිමිවෙයි?

    යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදු වනු ඇති බවට විද්‍යාඥයන් පිරිසක් අනතුරු හඟවා තිබේ. ඇතැම් විට යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යට විය හැකි බවයි ඉහත කී විද්‍යාඥයන් පිරිස පවසන්නේ.

    විද්‍යාඥයින් විසින් කරනු ලැබ තිබෙන අනතුරු හැඟවීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ නියැළී සිටින උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්කරනේෂන් පවසන්නේ ජනතාව පරිසරයට මීට වඩා ආදරය කරන්නේ නම් මෙම අර්බුදයෙන් ගැලවිය හැකි බවයි.

    යාපනයේ පිහිටි භූගෝලීය විෂමතාවයක් හේතුවෙන් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ඛාදනයට ලක් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව කියා සිටි කෘෂිකර්ම අමාත්‍යවරයා එම තත්වය මැඩපැවැත්විය හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.

    මේ පිළිබඳ අදහස් දක්වමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත සඳහන් කළේ යාපනය අර්ධද්වීපය මේ වන විටත් ඉහත කී අවදානමට ගොදුරු වී ඇති බවයි.

    151230115451_lanka_jaffna_624x351_getty.jpg


    යම් හෙයකින් යාපනයේ මුහුදු ජල මට්ටම සෙන්ටිමීටර පණහකින් පමණ ඉහළ ගියහොත් යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවීම වළක්වාගත නොහැකි වනු ඇති බවත් මහාචාර්ය සෙනෙවි එපිටවත්ත පෙන්වා දෙයි

    යාපනය පුරාම ඇති හුණුගල් තට්ටු ජලය සමග දිය වී යාමත් සමගම විශාල ඇළි හෑරී එම ඇළි මුහුදට විවෘත වීම නිසා ජලය සමග මුහුදු වතුර මිශ්‍ර වන බව කියා සිටි මහාචාර්යවරයා ජනතාව භූගත ජලය වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා තරමට ඒ හා සමානව මුහුදු ජලය සාමාන්‍ය ජලය සමග මිශ්‍ර වන බවයි පෙන්වා දෙන්නේ.

    අතීතයේදී යාපනයේ වැසියන් 'ආඬියා මැනීමේ' ළිං ක්‍රමයට අයත් ජල සම්පාදන ක්‍රමයකින් ජලය ලබාගත් අතර එම ක්‍රියාවලියේදී නිතරම ජලය කැලඹීමක් සිදු වූ බැවින් ජලය පිරිසිදු වූ බව පෙන්වා දුන් මහාචාර්ය සෙනෙවි එපිටවත්ත එකල අඩු ජනගහනයක් සිටීම නිසා ගැඹුරු ජලය සොයා යාමට අවශ්‍යතාවක් නොතිබුණු බවද කියා සිටියේය.

    මෙම අවදානමෙන් යාපනයේ වැසියන් ආරක්ෂා කර ගැනීම පිණිස කළ හැකි වන්නේ ජනතාව ප්‍රයෝජනයට ගන්නා ජල ප්‍රමාණයට සරිලන ජල ප්‍රමාණයක් පිටතින් සපයා දීම බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඒ සඳහා සපයා ගත යුතු ජලය සොයා ගත හැකි වන්නේ මුහුදු ජලය හෝ කලපු ජලය පිරිසිදු කිරීමෙන් හෝ පිටස්තර පළාතක සිට ජලය යාපනයට යැවීම තුළින් බවද සඳහන් කළේය.

    නමුත් මෙම ක්‍රමවේදයන් සඳහා විශාල මුදලක් වැය වන බවද ඔහු පැවසීය.

    151230120259_lanka_jaffna_624x351_getty.jpg


    යාපනයේ වැසියන්ට කෙසේ හෝ පානීය ජලය සපයා දීමට හැකි වුවත් ඔවුන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු සඳහාත් සෙසු අවශ්‍යතා සඳහාත් ජලය ලබා දීම අසීරු කරුණක් වනු ඇති බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

    යම් හෙයකින් යාපනයේ මුහුදු ජල මට්ටම සෙන්ටිමීටර පණහකින් පමණ ඉහළ ගියහොත් යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවීම වළක්වාගත නොහැකි වනු ඇති බවත් මහාචාර්ය සෙනෙවි එපිටවත්ත පෙන්වා දෙයි.

    දැනට පවතින තත්ත්වය අනුව බලන විට එය ක්‍රමක්ක්‍රමයෙන් සිදු වන බවක් පෙනෙන්නට ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා එය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් පිළිබදව පැහැදිලිව යමක් ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළේය.

    151230115004_lanka_jaffna_624x351_getty.jpg


    මීට දෙවසරකට ඉහතදී ආසියානු සංවර්ධන බැංකුව කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය, පානීය ජලය වශයෙන් යාපනයට ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඉරණමඩුවේ ගොවීන් ඊට විරෝධය පල කිරීම නිසා එම ව්‍යාපෘතිය නතර කොට දැමීමට සිදු වුණි.

    එම ව්‍යාපෘතිය නතර කොට දැමීමේ පල විපාක යාපනයේ වැසියන්ට ඉදිරි වර්ෂ පහ තුළදී විඳීමට සිදු වන බව ඒ පිළිබඳ අදහස් දක්වන උතුරේ වැසියෝ කියා සිටිති.

    BBC
    http://offair.nethfm.com/article/31231#sthash.MxbWjcB3.dpuf
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    දැන් ඕක නේ මේ රටේ තියන ප්‍රශ්නය ? ඔය පර දෙමලුත් එක්කම ඕක යට වෙලා යනවා නම් හොඳා... හැබැයි දෙමලු දකුණට එන්න බැහැ හරිද