දිවුරන්නම් මම...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිවුරන්නම් මම...

    විලේ ගැඹුර ඔරුව නොදන්නා සේද...
    මලේ සුවද ජලය නොදන්නා‍ සේද ...
    ඔබේ ආදරය මුළු ලෝකයම නොදන්නවා වූවත් ...
    මම දනිමි....
    ඔබ ඔබට වඩා මට ආදරය කරන බව
    මම දනිමි...
    මා මාගේ මුළු ආත්මයෙන්ද..
    මාගේ මුළු සිතින්ද
    ඔබට ලං වූයේ ඒ ආදරයට
    මා තුල ඇති කැමැත්ත නිසාය....
    ආත්මයෙන් ආත්මය වෙලී....
    භවයෙන් භවයේ එකට ඉපදී...
    සසර සැරිසරන තුරා
    ඔබ මගේම වේවා....
    දුකේදීත් සැපේදීත් ...
    වඩ වඩා ඔබට ලං වන්නටත්...
    ඔබේ ඕනෑ එපාකම් සොයා බලා
    ඔබට දිවි ඇති තෙක් අසීමිතව ආදරය කිරීමටද...
    මම පොරොන්දු වෙමි...
    අවසාන කොට.... මෙතෙක් අප ගෙවා දැමූ
    වාසනා හා අවාසනා කාල වලදී...
    මාගෙන් යම් වරදක් වූවා නම්
    අපගේ පිවිතුරු ආදරයේ නාමයෙන්
    එය නැතිකර දමන ලෙස ඉල්ලමි..
    ඔබ මට මෙතෙක් කල් පෑ
    ස්නේහයේ ගංගාවේ
    නිදහසේ කිමිදෙන්නට කාලයයි මේ...
     
    • Like
    Reactions: coollifestyle4u