දිවුල්_වල_ගුණ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    12540574_931869093557460_4251080717397903389_n.jpg

    අප බොහෝ විට දිවුල් භාවිතා කරනුයේ පළතුරක් ලෙසය. කටට කෙළ උණනා අච්චාරුවක් ගැට දිවුල් හෝ පැසුණූ දිවුල් භාවිතයෙන් පිළියෙල කරගත හැකි බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
    නමුත් අපේ මුතුන්මිත්තන් දිවුල් ගසේ පංචාගයෙන් මින් ඔබ්බට ගිය බොහෝ ප්‍රයෝජන ගෙන ඇති බව ආයුර්වේද මුලාශයන්හි සදහන් කර තිබේ.

    ශ්‍රි ලංකාවේ සහ ඉන්දියාවට පමණක් ආවේණික දිවුල් ශාකය, වියළි කලාපයෙත්,අන්තර් මධ්‍යම කලාපයෙත් හොඳන් වැඩෙන පළතුරකි.පැණි රසින් වැඩි ලොකු ගෙඩි සහිත දිවුල් සහ ඇඹුල් රසයෙන් වැඩි කුඩා ගෙඩි සහිත දිවුල් වශයෙන් දිවුල් වර්ග කෙරේ.ඉදුණූ පැණි රස දිවුල් පළතුරු මධුර අම්ල ගතියෙන් යුක්ත වන අතර විටමින්, ඛණිජ ලවණ, පළතුරු අමිල,එහි බහුලව අන්තර් ගත වේ.අමු දිවුල්හි ඇරෝමැටික් අම්ලය බහුලව ඇති අතර එය ග්‍රහණිය සහ අතීසාරය ඇති අවස්ථාවන්හි දීත් කක්කල් කැස්ස අවස්ථාවන් හිදීත් භාවිතා කර තිබේ.හෘද රෝගින්ටත්, අක්මා රෝගින්ටත් රෝගි අවස්ථාවේදී ඖෂධයක් ලෙස මෙන්ම ආහාරයක් ලෙසද ඉඳුණූ දිවුල් දිය හැකිවේ.

    12417657_931869086890794_5644513976905516087_n.jpg

    ඉඳුණු දිවුල් ඇටවල අසංතෘප්ත මේද අම්ල අඩංගු බැවින් කොලොස්ට්‍රොල් පාලනය කිරිමේ හැකියාවක් ඇත. එවැනි රෝගින්ට ද මෙය වඩාත් යෝග්‍ය පළතුරකි.ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ ඉඳුණූ දිවුල් මද රුධිරය පිරිසිදු කිරිමේ ගුණයෙන් ද යුක්ත වන බවත් ප්‍රතිශක්ති ගුණයෙන් ඉහළ බවත් සොයා ගෙන තිබේ.කාන්තාවන්ගේ පියයුරු හොඳින් වර්ධනයට ඉඳුණූ දිවුල් මදය පියයුරේ ආලේප කළ බවද පැරණි ආයුර්වේද ග්‍රන්ථිවල සඳහන්ය.දිවුල් ළුලයේ යකඩ බහුලව ඇති බැවින් ප්‍රසුතියෙන් පසුව මව්වරුන්ට ඉදුණූ දිවුල් ආහාරයක් වශයෙන් අතීතරයේ දි ලබා දී තිබේ.

    ග්‍රහණී රෝගයට දිවුල් කොළ ඉස්ම මෝරු සමඟ එකට එක්කර පානය කිරිමට ලබාදේ.
    විෂ නාශක ගුණයෙන් ඉහළ දිවුල් පංචාගය මීයන් සපා කෑ විට මී විෂ නැසිමටත් කැඳ සාදා පානය කිරිමට ද තිබේ.මී මැස්සන් දෂ්ඨ කළ විටත්, කෘමි දෂ්ඨ කළ විටත් විෂ නැසිමට දිවුල් මද ඉස්ම අමුකහ සමඟ මිශ්‍රකර භාවිතා කෙරේ. මේ සඳහා දිවුල් මද වෙනුවට දිවුල් කොළ ඉස්ම ද භාවිතා කළ හැකිය.කුඩා දරුවන්ට ආහාර නොදිරවන අවස්ථාවලදීත්, පණූ රෝග ඇති අවස්ථාවේදිත් , ඖෂධයක් වශයෙන් මෙන්ම පළතුරක් වශයෙන් ද දිවුල් ලබාදීම අතීතයේදී සිදුව තිබේ.

    හොඳින් ඉඳුණු දිවුල් පළතුර භාවිතයෙන් ශරිරයේ විකෘති සෛල නිර්මාණය විම වැළකේ. එම නිසාම ශරිර සෛල විකෘති විමෙන් ඇති වන පිළිකා කාරකයක් , විශේෂයෙන්ම අක්මාගත පිළීකා රෝගයන් ඇති විමේ ප්‍රවනතාව අඩු කිරිමේ හැකියාවක් ද ඉඳුණූ දිවුල් ආහාරයට ගැනිමෙන් හැකි වේ.
    රුධීර පිඩනය, කොලෙස්ටෙරෝල්, දියවැඩියාව (මධුමේහය) ඇල්සයිමර්, ඩීසිස් නැමැති ස්නායුගත රෝගි තත්ත්වයන්ට හෙවත්, බෝ නොවන රෝග වැළැක්වීමටත් දිවුල් පළතුර, භාවිතයෙන් ඉහළ ඖෂධිය ගුණයෙන් යුක්ත වේ. පාලනය නොවන මධූමේහය අවස්ථාවේදිත් දිවුල් ශාකයේ මැලියම් ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ.

    රුධිරය කැට ගැසිම වැළැක්විමේ මහා ගුණයකින් යුතු ඉඳුණූ දිවුල් පළතුරෙහි මදයෙහි සහ ඇටවල අත්‍යවශ්‍ය මේ අම්ල විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. එම නිසා ඉඳුණු දිවුල් භාවිතා කිරිමේදි ඇට, රොඩු වශයෙන් ඉවත් නොකර ගැනිමට වග බලා ගත යුතුය.නොනවතින වමනය සඳහා ඉඳුණූ දිවුල් මද ඉස්ම ලබාදෙන අතර, ඉක්කාවට දිවුල් කොළ ඉස්ම මී පැණිත්,තිප්පිලි කුඩුත් සමඟ මිශ්‍රකර වරින්වර පානය කිරිමට ලබාදිම සුදුසු වේ.විදුරුමස් වලින් ලේ ගලනා අවස්ථාවේදී දිවුල් මල් තැම්බු වතුර සීනක්කාර කුඩු සමඟ මිශ්‍රකර කට සේදිමෙන් සුවය ලබාගත හැකිවේ.

    මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන්නන්ට ආහාර දිරවීම පහසු කිරිමට වියළි දිවුල් මද , වියළි බෙලි මද , ඇඹුල් ඇඹිලියා කොළ ,දෙළුම් ලෙලි කුඩු කර පානය කිරිමට දි තිබේ.ආමාශගත තුවාල සුව කිරිමේ ඉහළ ගුණයක් ද දිවුල් සතුවේ.සම සුදුවිමේ රෝගය ඇති අවස්ථාවන් හිදි ද දිවුල් පංචාංගයෙන් කැඳ සාදා ඖෂධයක් වශයෙන් දි ඇත.කාන්තාවන්ගේ සුද යාම පාලනය කිරිමටද පණූ රෝග පාලනය කිරිමට ද දිවුල් භාවිතා කෙරේ.දීලිර බැක්ටීරියා ආසාදන වැළෑක්වීමේ ඉහළ ගුණයක් ඇති දිවුල්, රසායනාගාරයන්හි ක්ෂුද්‍ර ජිවින් වර්ධනය කිරිමේ මාධ්‍යයක් ලෙසට ද දිවුල් ගෙඩිය භාවිතා කෙරේ. සමේ දිලීර ඇති අවස්ථාවන් හිදි පත්‍ර සහ පොතු ඖෂධ වශයෙන් භාවිතා කර ඇත.

    දිවුල් හා බැඳුණූ තවත් වැදගත්ම කරුණක් වනුයේ මදුරු කීට මර්දනය කිරිම සඳහා දිවුල් කොළ ඉස්ම ඉස ඇති බවය. ඩෙංගු මදුරුවන් සේම මැලේරියා,බරවා මදුරුවන් බෝවීම වැළැක්විමට දිවුල් කොළ වේලා දුම් ඇල්ලු බවද පැරණී ශාස්ත්‍රිය ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත.පීපාසය සංසිදවීමේ ඉහළ ගුණයක් ඇති දිවුල් ගෙඩිය ගුණදායකය.පොත්පත්වල සඳහන් ආකාරයට දිවුල් කොළ සර්ව විෂාධී තෛලයත්, කෝලතෙලස්මා, තෛලයක් ඇතුළු ඖෂධිය තෙල් වර්ග පිළියෙළ කිරිමේදි භාවිතා කෙරේ.ෆාමැටික්, ඔලෙයික්, ලිනෝලික්, ලිනෝලෙයික් ෆාමමෝලෙයික්,ස්ටීයරි,බීටා සීස්ටොරොන් හොඳින් ඉඳුණූ දිවුල් වල අඩංගුවේ.

    මේසා විශාල ඖෂධිය ගුණයක් විෂ නැසිමේ ගුණයෙන් ඉහළ දිවුල් පළතුර, ඩයි වර්ග, දිය සායම් සහ වාර්නිෂ් වර්ග පිළියෙල කිරිමටත් දිවුල් ගෙඩිය අදට ද ඉන්දියාවේදී භාවිතා කෙරේ.


    _________________________
    සටහන - අසුන්තා එදිරිසුරිය
    උපදෙස් - රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටි අරච්චිගේ
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දිවුල් හරිම හොඳයි. හොඳ ෆයිබර් තියන පළතුරක්. අලි දිවුල් ගෙඩිය පිටින්ම ගිලිනවා. උන්ගේ බඩේ තියන එන්සයිම් වලින් ගෙඩිය ඇතුලේ තියන දේ උරලා ගන්නවා. දිවුල් කට්ට දිරවන්නේ නැති නිසා මදේ හිස් දිවුල් කට්ට බෙටි එක්කම එළියට දානවා. දිවුල් ජූස් තමයි පායන කාලෙට මරු. ඉස්සර ගැට දිවුල් අච්චාරු හදලා කාලා තියනවා. පුදුම රසයි.