දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධ&

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධ&

    දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධන

    image_6632752336.jpg
    චිංචි මානවිකාව කාන්තාවකි.


    මහාමායා දේවිය ද කාන්තාවකි.

    දෙදෙනා උත්පත්තියෙන් කාන්තාවන් වුව ද කළකම් අතින් දෙවිදියකි. පුරුෂයා අභියස කාන්තාව ද එක්කෝ චිංචාවකි. නැතහොත් දෙවියෙකි.

    කලකට පෙර, (තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගිය බව නොදැන) අභාවප‍්‍රාප්ත වූ එලීනා ජයවර්ධන ද කාන්තාවකි. ඇය කළ හොඳකම් අනුව, ඇයට මේ ලක්දිව දැක්විය යුතු උපහාර විෂායාතිකාන්ත‍්‍රය; අසමසමය, නිමක් නැත.

    කිසිම ගන්ධබ්බයෙකු ඇය ගැන දොසක් රහසින් වත් කොඳුරා ඇතැයි අප නෑසීමු. ලක්දිව සෙසු ඇමති බිරින්දන්, ජනතා පරමාදිපත්‍ය සමඟ කළ ‘පව්පොත’ සමාලෝචනය කරන කල්හි, එලීනා ජයවර්ධන මැතිනියගේ අතීන්ද්‍රිය ගමනක් විය.

    වල්බිහිවුණු දේශපාලනය, ‘‘බෙන්තර ගගෙන් එගොඩට’’ යන්නට ප‍්‍රථම යුගය, ඇයගේ පින්බර යුගයයි. ජනතා වරම, ජාවාරමක් වන්නට ප‍්‍රථම පහළ වූ නිරහංකාර සිටුවරයින්ගේ පෙළපතකින් ඇයගේ ප‍්‍රවේශය සිදු වෙයි.

    එකල සුප‍්‍රසිද්ධ වැවිලිකරුවෙකු වූ, ව්‍යාපාරිකයෙකු ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු වූත්, ගිල්බට් ලෙනාඩ් රූපසිංහ ධනකුවේරයාගේ සහ නැන්සි මාග‍්‍රට් සූරියබණ්ඩාර දෙමහල්ලන්ගේ එකම දරුවා (1913 දෙසැම්බර් 15 වන දා උපන්) එලීනා ය.

    සිංහල බෞද්ධ පරිසරයක ජීවත් වුවද, ‘‘එලීනා’’ වැනි ‘ලිබරල්’ නමක් ඇයට ලැබීමට හේතුවද හොඳ කතාවකි.

    19 වනි දශකයේ මුල්කොටසේ, රූපසිංහ යුවල ලෝක සංචාරයක යෙදුනාහ. රටින් රට ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට යාමේදී ඔවුහු ඉතාලියේ ඉතා දැකුම්කළු ගම්මානයකට පැමිණියහ. මේ අවධිය වන විට නැන්සි මාග‍්‍රට් සූරියබණ්ඩාර මාතාවට දරුවෙකු ලැබෙන්නට සිටියාය. ලැබෙන දරුවා පිරිමි දරුවෙකු වුවහොත්, ‘එලින්’ යනුවෙන් ද ගැහැනු දරුවෙකු වුවහොත් ‘එලීනා’ යනුවෙන් ද නම් තැබීමට රූපසිංහ දෙමහල්ලෝ කතිකා කර ගත්හ.

    ‘බණ්ඩාර’ යන්න උඩරට ප‍්‍රදේශවල උසස් කුළවල පිරිමි ළමයින්ට යෙදූ නමකි. එනයින් පහත රට උසස් පවුල්වල ස්ත‍්‍රී නමකට පසුව ‘බණ්ඩාර’ යන්න යෙදීම එක්තරා සම්ප‍්‍රදායක්ව පැවතිනි. එලීනා ගේ මව නැන්සි මාග‍්‍රට් බණ්ඩාර වූයේ එලෙසිනි.

    විශාල ධනස්කන්දයකට හිමිකාරිය වී උපත ලද එලීනා රූපසිංහ කිසි දිනක පාසලකට ගොස් නැත. එදවස ධනවත් පවුල්වල තිබූ සිරිත අනුව, දක්ෂ ගුරුවරුන් තම නිවසට ගෙන්වා අධ්‍යාපනය දීමට කටයුතු කර තිබිණි. සාමාන්‍ය විෂයන් ද, ඉංග‍්‍රීසි , සිංහල පමණක් නොව පාලි භාෂාව පිළිබඳ දැනීමක් ද ඇයට තිබිණි.

    image_f07d7d5aec.jpg



    කලදවස උදාවීමෙන්, එලීනාගේ අතගැනීමට එන අය සම්පූර්ණ කළ යුතු කොන්දේසි ගණනාවක් එලීනාගේ පියා විසින් සිය අන්තිම කැමති පත‍්‍රයේ සඳහන් කර තිබිණි.

    ජේ.ආර්. ජයවර්ධන මේ කාලය වන විට පෙම්වතියන් කිහිප දෙනෙකු ඇසුරු කර තිබිණි. ඔහුගේම දිනපොත් සටහන් අනුව ඉන් එක් සබඳතාවයක් වංශාධිපති පවුලකට අයත් ප‍්‍රකට දේශපාලඥයෙකුගේ දියණියක සමඟ ය. අනෙක් දෙදෙනා ලඟම නෑයෝ වූහ.

    රූපලාවන්‍ය, ලලනා ලාලිත්‍යය, වංශය, පරම්පරාව සහ කුළ මානය ද අනුව එලීනා රූපසිංහ මේ අවධියේ දී කොළඹ 7 කුරුඳුවත්තේ ඉහළම කීර්තියට පත්ව සිටියාය.

    ජේ.ආර්. ට අතිරේකව ඇයගේ සිත දිනාගැනීමට උත්සාහ කළ අනෙක් පුද්ගලයා වූයේ, පසුකලෙක බලංගොඩ රත්වත්තේ අධිරාජ්‍යයේ සිරිමාවෝ සමඟ යුග දිවියට එළඹි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය.


    image_c63fb3408e.jpg
    දිනක් රූපසිංහ නිවසට ගොඩ වදිමින් සිටි බණ්ඩාරනායකට ඉස්තෝප්පුවේ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටි ජේ.ආර්. - එලීනා යුවල ඈත තියාම දැක ගත හැකි විය. වහ වහා ජේ.ආර්. වෙත ආ බණ්ඩාරනායක ‘‘ මයි කන්ග‍්‍රැජුලේෂන්’’ මගේ සුබපැතුම් පිළිගන්න යි කියා දෙදෙනාටම සුබපතා පිටව ගියේය.

    (ජේ.ආර්. ඉදිරියේ බණ්ඩාරනායකගේ පළමු පසුබැසීම මෙය යැයි කෙනෙකුට කිව හැකිය.)

    මෙසේ 1935 පෙබරවාරි 28 වනදා ප.ව. 7.22 ට යෙදුනු සුබ මොහොතින් ජේ.ආර්. ජයවර්ධන හා එලීනා විවාහ විය.

    විවාහයෙන් වසර තුනක පමණ කාලයක් දැනට ‘ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය’’ පිහිටි කොළඹ 7 ධර්මපාල මාවතේ ‘‘වෛජයන්ත්’’ හි වාසය කළ මෙම යුවල පසුව එලීනාගේ පියාට අයත් බොරැල්ල වෝඩ් පෙදෙසේ ‘බ්‍රෙමාර්’ නිවසට පදිංචියට ගියෝය.

    මේ වන විට වෛජයන්ත් නිවස ද ජේ.ආර්. විසින් පොදු මහජනතාවගේ ප‍්‍රයෝජනයට වෙන්කර තිබූ අතර, වෝඩ් පෙදෙසේ බ්‍රෙමාර් නිවස ද අක්කරයක් පමණ වූ ඉඩම ද එලීනා ජයවර්ධන මැතිනිය විසින් ජයවර්ධන කේන්ද්‍රයේ ම කොටසක් ලෙසින් අන්තිම කැමති පත‍්‍රයෙන් ප‍්‍රදානය කර තිබිණි.

    විවාහයෙන් 20 වසරකට පසු, තම විවාහ ජීවිතය දෙස ආපසු හැරී බැලූ ජේ.ආර්. මෙසේ කියා ඇත. ‘‘ එලීනාගේ මගපෙන්වීමත් සහයෝගය සහ අනුබලය මගේ මුළු ජීවිතය ආරක්‍ෂා කළා. මගේ මරණයෙන් පසු සෑම කටයුත්තක්ම මගේ මැතිනියගේ කැමැත්ත අනුව සිදු විය යුතුය.’’ විවාහයෙන් ලැබෙන අයිතීන් - යුතුකම් - චාරිත‍්‍ර කුමක් වුවත්, ජයවර්ධන පවුලේ සියලු දේපළ කැමති පරිදි පරිහරණය කිරීමට ජයවර්ධන ආර්යාවට සැලසී තිබිණි.

    කැළණියේ මානෙල් වත්ත, ගොඩනැගිලි කිහිපයකින් සමන්විත අක්කර 40 ක සරුසාර පොල් වත්තකි. ඇය මෙම ඉඩම මල්වත්ත විහාරයට පූජා කළාය. දැන් ධර්මාලෝක විද්‍යාලය පවත්වාගෙන යන ‘ජෙස්මින් වළව්ව’ ද රූපසිංහ පරම්පරාවෙන් ආ දේපළකි. එය කැළණිය ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යෙදවීමට වෙන් කරනු ලැබුවාය. දෙහිවල, අත්තිඩිය, බෙල්ලන්විල ප‍්‍රදේශවල රූපසිංහ පෙදෙස, රූපසිංහ උද්‍යාන රූපසිංහ පරම්පරාවෙන් ආ දේපළය.
    මේ සියල්ලම ඒ ප‍්‍රදේශයේ පදිංචි අයටම පවරා ඇත. මේ හැරෙන්නට ඇයගේ වයස් සීමාවට අයත් අසරණ තත්ත්වයට පත් වැන්දඹු කාන්තාවෝ සියයකට වැඩි පිරිසක් මාස් පතා ජයවර්ධන ආර්යාව සොයා ‘බ්‍රෙමාර් නිවසට’ පැමිණිය හ. ඔවුනට එහි පැමිණීමට මාසයේ දිනයක් වෙන් කර තිබිණි.
    ඒ සතුටු සාමීචියේ යෙදී තේ ටිකක් බී (එදා දවසේ හැටියට) රුපියල් දෙතුන් සීයක් තෑගි ලබා ගෙන පිටව යති. ඔවුන් ජීවත් වූයේ ජයවර්ධන ආර්යාව මාසිකව දුන් දීමනාවෙනි. ඒ සඳහා පදනම්, අරමුදල්, සමිති ආදී වාණිජ උපක‍්‍රම යොදා නොගැනිණි.

    image_0753559bda.jpg

    වරක් ජයවර්ධන ආර්යාවට ගම්පොලින් ලිපියක් ලැබිණි. එය සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙන ගන්නා ශිෂ්‍යාවකගෙනි. පාසලට ඇදීමට ඇයට තිබුණේ එකම ගවුමකි. ඇය ලිපියෙන් ඉල්ලා සිටියේ ඇඳුමක් ගැනීමට උපකාරයකි.

    ‘‘කවමදාවත් ළමයෙක් බොරුවට මෙහෙම කියන්නේ නෑ’’ යි තම ලේකම්වරයා ඇමතූ ආර්යාව ගවුම් 5 ක් පමණ සකස් කිරීමට ප‍්‍රමාණවත් සුදු පොප්ලින් රෙදි පාර්සලයක් දී හැකි තරම් රහසිගතව එය ඉක්මනින් යැවීමට පියවර ගත්තාය.

    ‘බ්‍රෙමාර්’ නිවසේ සිටි අරනෝලිස් තරමක කටකාර හිතුවක්කාර සේවකයෙකි. ඔහු දිනක් හොඳටම බී, වෙරි වී, සරමත් කැහැපට දමා, ජේ.ආර් ට පෙනෙන සේ ඇවිදිමින් ශබ්ද නගමින් කලහාකාරීව හැසිරුනේය.

    ඉන්පසු උදෑසන තම ලේකම් කැඳවූ ජේ.ආර්. අරනෝලිස්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්නැයි නියෝග කළේය. එහි ප‍්‍රතිඵලය බොහෝ විට අරනෝලිස්ට ‘‘ගෙදර යන්නට’’ සිදුවීම වන්නට තිබුණි. මේ කතාව සවන් වැකුණු ජයවර්ධන මැතිණිය

    ‘‘එපා එපා, ඒ වැඬේ කරන්න එපා. අරනෝලිස් අපි ලඟට ඇවිත් අවුරුදු 35 ක් වෙනවා. මේ ගැන මීට වඩා ගැඹුරින් බලන්න ඕනෑ. මනුස්සකම අපලඟ තියෙන්න ඕනේ.
    ඇයි මෙයා මෙහෙම හැසිරුනේ කියලා බලන්න ඕනෑ. මෙයා කාටවත් ණය වෙලාද? මේකේ මුල සෝදිසි කරලා බලන්න ඕනෑ. එහෙම නැතුව මෙයාගෙ වැඩ තහනම් කරලා මොකටද?’’

    අරනෝලිස්ගේ වැඩ තහනම් කිරීම තබා අවවාද කිරීමක් ද සිදු නොවිණි. සිද්ධියෙන් සති තුනකට පමණ පසු ජයවර්ධන යුවලම අරනෝලිස් කැඳවා ඔහුට අපූරු දෙයක් දුණි. ඒ කළුතරට ආසන්නයෙන් ගෙයක් සහ අක්කර තුනක පොල් ඉඩමකි. ජේ.ආර්. - එලීනා විවාහ උත්සවයේ පෝරුව සෑදුවේ කැළණි විහාරයේ බිතුසිතුවම් කළ සෝලියස් මෙන්දිස් ය. (මෙම මඟුල් පෝරුව තවමත් කැළණි විහාරයේ ඇත.)

    එවැනි දෑ එතරම් ගරු ගාම්භීර වුවද, ජේ.ආර්. ගේ ඇඳුම් ඉරුණු විට ඒවාට අණ්ඩ දමන්නේ ද එලීනාමය. ගමනට සුදුසු ඒ ඒ ඇඳුම් තෝරන්නේ ද ඇයමය. ජයවර්ධන මහතා ඇඳුම් කවදාවත් කඩ - සාප්පුවලින් ගත්තේ නැත. රෙදි තෝරා ගෙන ඇය විසින්ම මසා සිය ස්වාමියාට දුන්නේ ය.

    සිය දරුවන්ගේ ද දරුවන් ආදී වශයෙන් මී මිත්තනියක් දක්වා ආයු වැලඳූ ඇය ශල්‍යකර්මයක් නිසා අවසන් කාලය ගත කළේ ‘මතකය’ සිහියට නොඑන තත්වයකිනි. එබැවින් ජේ.ආර්. ජයවර්ධන අභාවප‍්‍රාප්ත වූ දිනයේ ද ඇය සිය ස්වාමි පුරුෂයාගේ දේහය අසල සිටියේ ඔහු මිය ගිය බව නොදැනය.


    image_76e2b810fc.jpg











    රවි ප‍්‍රසාද් හේරත් විසිනි
     
    • Like
    Reactions: platinumweb

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    එලීනා රූපසිංහ කිසි දිනක පාසලකට ගොස් නැත.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සරල නමුත් ලොවක් දිනු මිනිස්සු..

    සරල උනාට වැඩක් නැ පොන්නයෙක්වත් ගණන් ගන්නේ නැතිනම් දැන් ඉන්න උන්ව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    පෙර පින් කර ඇති මිනිස්සු. නැතිනම් මේ විදියට කොටි ගනන් දේපල ඇති රදල පවුල් වල උපදීවි යැ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    මේ ගොල්ලන්ගේ කළුතර වලාවක් CTB එකට දුන්න එකේ තමයි දැන් CTB driving school එක තියෙන්නේ


    අනේ එකට පහුගිය කලේ රටේ හිටිය රජ පවුලක් එකේ මහා රාජිනි බිම වැටුන සත 50 ක් වත් ඇත ඇරියේ නෑ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කැළණියේ මානෙල් වත්ත, ගොඩනැගිලි කිහිපයකින් සමන්විත අක්කර 40 ක සරුසාර පොල් වත්තකි. ඇය මෙම ඉඩම මල්වත්ත විහාරයට පූජා කළාය. දැන් ධර්මාලෝක විද්‍යාලය පවත්වාගෙන යන ‘ජෙස්මින් වළව්ව’ ද රූපසිංහ පරම්පරාවෙන් ආ දේපළකි. එය කැළණිය ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යෙදවීමට වෙන් කරනු ලැබුවාය. දෙහිවල, අත්තිඩිය, බෙල්ලන්විල ප‍්‍රදේශවල රූපසිංහ පෙදෙස, රූපසිංහ උද්‍යාන රූපසිංහ පරම්පරාවෙන් ආ දේපළය.
    මේ සියල්ලම ඒ ප‍්‍රදේශයේ පදිංචි අයටම පවරා ඇත. මේ හැරෙන්නට ඇයගේ වයස් සීමාවට අයත් අසරණ තත්ත්වයට පත් වැන්දඹු කාන්තාවෝ සියයකට වැඩි පිරිසක් මාස් පතා ජයවර්ධන ආර්යාව සොයා ‘බ්‍රෙමාර් නිවසට’ පැමිණිය හ. ඔවුනට එහි පැමිණීමට මාසයේ දිනයක් වෙන් කර තිබිණි.
    ඒ සතුටු සාමීචියේ යෙදී තේ ටිකක් බී (එදා දවසේ හැටියට) රුපියල් දෙතුන් සීයක් තෑගි ලබා ගෙන පිටව යති. ඔවුන් ජීවත් වූයේ ජයවර්ධන ආර්යාව මාසිකව දුන් දීමනාවෙනි. ඒ සඳහා පදනම්, අරමුදල්, සමිති ආදී වාණිජ උපක‍්‍රම යොදා නොගැනිණි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    වල්බිහිවුණු දේශපාලනය, ‘‘බෙන්තර ගගෙන් එගොඩට’’ යන්නට ප‍්‍රථම යුගය


    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    බෙන්තර ගඟෙන් එගොඩ ,ඔකුන් තමා මෙ රට කෑවෙ කාලකණ්ණි .
     
    • Like
    Reactions: Starry Night

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මෙච්චර වැදගත් විදිහට ජීවත් වූ මෙම කුළ කාන්තාව ගැන කථා කරද්දිවත් ඒ ගැන හිතලාවත් සංවර වෙමුකෝ...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    වල්බිහිවුණු දේශපාලනය, ‘‘බෙන්තර ගගෙන් එගොඩට’’ යන්නට ප‍්‍රථම යුගය


    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    බෙන්තර ගඟෙන් එගොඩ ,ඔකුන් තමා මෙ රට කෑවෙ කාලකණ්ණි .

    ඇත්තටම සිදුවුනේ දේශපාලනය බෙන්තර ගගෙන් එගොඩටගියපසු වල්වැදීමයි !! බස්නාහිරපළාතේ ප්‍රබු පවුල්බොහොම වැදගත් විදිහට කරගනඅපු දේශපාලනය බෙන්තර ගගෙන් එහා කැලෑවල හෙන් කොටකොටා කුරහන් වවවවා හිටපු හරිහමන් උගත්කමක් නැති බයියන් අතට පත්වුනහම උන්ට හීනමානය්ක් ඇතිවුනා ...ඒකතමයි අද තියන නිස්සාර දේසපාලනේ මුල :yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇය ගැන දොසක් රහසින් වත් කොඳුරා ඇතැයි අප නෑසීමු. ලක්දිව සෙසු ඇමති බිරින්දන්, ජනතා පරමාදිපත්‍ය සමඟ කළ ‘පව්පොත’ සමාලෝචනය කරන කල්හි, එලීනා ජයවර්ධන මැතිනියගේ අතීන්ද්‍රිය ගමනක් විය.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    ඇය ගැන දොසක් රහසින් වත් කොඳුරා ඇතැයි අප නෑසීමු. ලක්දිව සෙසු ඇමති බිරින්දන්, ජනතා පරමාදිපත්‍ය සමඟ කළ ‘පව්පොත’ සමාලෝචනය කරන කල්හි, එලීනා ජයවර්ධන මැතිනියගේ අතීන්ද්‍රිය ගමනක් විය.

    උගත් කුල පරම්පරා වලින් එන ගොඩාක් මිනිස්සු ඔහොම තමා
    ජේ ආර් ගෙ පුතෙක් හිටියාලු මිනිහා තමාළු එස් ටී එෆ් එක හැදුවෙ
    මන් ඒ පුද්ගලයව දැක්කෙ පත්තරෙ ආර්ටිකල් එකකින්.
    සමහරක් ජනාධිපති තාත්තලාගෙ පුතාලා එක්ක බලද්දි මෙ මිනිස්සු කොච්චර හොඳද ?

    යු ඇන් පි එකෙ හිටිය බොගම දෙශපාලඥයා තමා ප්‍රෙමදාස

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    ඇත්තටම සිදුවුනේ දේශපාලනය බෙන්තර ගගෙන් එගොඩටගියපසු වල්වැදීමයි !! බස්නාහිරපළාතේ ප්‍රබු පවුල්බොහොම වැදගත් විදිහට කරගනඅපු දේශපාලනය බෙන්තර ගගෙන් එහා කැලෑවල හෙන් කොටකොටා කුරහන් වවවවා හිටපු හරිහමන් උගත්කමක් නැති බයියන් අතට පත්වුනහම උන්ට හීනමානය්ක් ඇතිවුනා ...ඒකතමයි අද තියන නිස්සාර දේසපාලනේ මුල :yes::yes::yes:


    ඔය හීන මානෙ හින්දාම තමා ඒ අදාල අයගෙ ඊනියා වැදගත් පරම්පරාවෙ එවුන් 300 ක් විතර හැම තැනම එබ්බුවෙ.
    මහනායක පදවියට විතරයි කෙලියෙ නැත්තෙ

    දාගෙන ගොඬ නැගුවානම් කමක් නැහැ. කරෙම වලපල්ලට යවපු එක.
    ශ්‍රි ලංකන් ගුවන්සෙවය දැක්කාහම පේනවා.