දීඝවාපියෙන් ධාතු මතුවෙයි..!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    COLOMBO (News 1st) – අම්පාර, දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ දකුණු වාහල්කඩේ සිදු කළ කැනීම්වලදී සොයාගත් මංජුසාවේ තිබී ධාතුන් වහන්සේලා සහිත රන් කරඬු 4ක් සොයා ගෙන තිබේ. :shocked:

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරට පුරාවිද්‍යා කැණීමකදී එකම ස්ථානයකින් හමු වූ වැඩිම රන් කරඬු ප්‍රමාණය මෙය බවයි.

    අම්පාර, දීඝවාපි දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන පුරාවිද්‍යා කැණීම් අංශයේ නිලධාරීන් හට දීඝවාපි දාගැබේ දකුණු වහල් කඩ මත නිදන් සොරුන් විසින් හාරා විනාශ කර තිබු ස්ථානය කැණීමේදී මෙම ශෛලමය මංජුසාව හමු විය.

    පසුව එම මංජුසාව අම්පාර දිසා ලේකම් කාර්යාලයේ තැන්පත් කරනු ලැබු අතර එය විවෘත කෙරුනේ පුරාවිද්‍යා බලධාරීන්ගේ මුලිකත්වයෙනි.

    පසුව මෙසේ සුරක්ෂිතව ඉවතට ගනු ලැබු ධාතුන් සහිත රන් කරඬු හතර අම්පාර දිසා ලේකම් කාර්යාලායේ විශේෂ මණ්ඩපයක් තනවා එහි තැන්පත් කර බෞද්ධ ආගමික පිළිවෙත්වලට අනුව පූජා පවත්වනු ලැබුවේ ය.

    ඉදිරියේදී මෙම රන් කරඬු සහ ධාතුන් වහන්සේලා දීඝවාපි දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරව තැන්පත් කිරීමට නියමිතය.

    Video: https://fb.watch/1_8SO9isAR/

    ඉතිහාසය ගැන උනන්දුවක් තියෙන අය කිරියේ ඇතිනේහ්.. ඇත්තටම මේ රජ කාලේ හංගපුවද?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    රජකාලේ තමා.හංගපුවා නෙවෙයි තැන්පත් කරපුවා
    ආහ්.. ඔව් තමයි.. ඒ කාලේ රජවරු භක්තියෙන් චෛත්‍යයක් ඉදි කරනකොට තැන්පත් කරන්න ඇති.. ඒත් මේවා ඇතුලේ ධාතු ලෙස තැම්පත් කරන්නේ මොනවද? අපවත් උන හිමියන්ගේ ධාතූන්ද? නැත්නම් රන් මිණි මුතු මැණික්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,412
    113
    ආහ්.. ඔව් තමයි.. ඒ කාලේ රජවරු භක්තියෙන් චෛත්‍යයක් ඉදි කරනකොට තැන්පත් කරන්න ඇති.. ඒත් මේවා ඇතුලේ ධාතු ලෙස තැම්පත් කරන්නේ මොනවද? අපවත් උන හිමියන්ගේ ධාතූන්ද? නැත්නම් රන් මිණි මුතු මැණික්ද?
    දෙකම මචන්. රජවරු තැන්පත් කරන ඒවට අමතරව ඉන්න සල්ලි තියෙන අයත් ඕවගෙ තැන්පත් කරනව රත්තරන් මිණිමුතු වගේ දේවල්. බුදුහාමුදුරුවන්ගෙ හරි රහතන් වහන්සෙලගෙ හරි ශාරිරික ධාතුත් තැන්පත් කරනව.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දෙකම මචන්. රජවරු තැන්පත් කරන ඒවට අමතරව ඉන්න සල්ලි තියෙන අයත් ඕවගෙ තැන්පත් කරනව රත්තරන් මිණිමුතු වගේ දේවල්. බුදුහාමුදුරුවන්ගෙ හරි රහතන් වහන්සෙලගෙ හරි ශාරිරික ධාතුත් තැන්පත් කරනව.
    හොඳ අදහසක්.. මේකේ නම් මචෝ රත්තරන් කෑලි වගේ තිබ්බේ... රත්තරන් වගේ භෞතික දේකට "සාදු සාදු සාදු" කියන එක කොච්චර දුරකට ප්‍රායෝගිකද?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රජකාලේ හන්ගපුවා තමයි බන්, අදකාලේ මොකෙක්වත් හොරෙන් චයිත්යක් හාරලා රත්තරන් මංජුසා හංගන්නේ නෑනේ. රජකාලේ හන්ගපුවත් ගන්නවා මිසක්
     
    • Like
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    තව කොච්චර නම් ඇතිද ඕවා පොලොවට යට වෙලා.. :eek:
    සිරාවට.. ඒත් හිතපන් පුරා වසර 2500 ක කාලෙදි ද්‍රවිඩ ආක්‍රමණ ඇවිල්ලා ලංකාවෙම දෑ ගැබ් පන්සල් ගිනිබත් කරලා ධර්මය ගැන තිබ්බ පොත පත ගිනි බත් කරලා.. ඊට පස්සේ පෘතූගීසි ඇවිල්ලා.. උනුත් රට කාලා.. ලන්දේසි ඇවිත් උනුත් රට කාලා.. ඉංග්‍රීසී ඇවිත් උනුත් රට කාලා, මේවා තවම තියෙන එක පුදුමයි...

    ඇයි බන් හොඳ පොළව ස්කෑන් කරන මැෂීන් එකක් ගෙනත් මේවා හොයන්න බැරි....
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,530
    1
    32,227
    113
    - උඩරට -

    ඉන්දියාවේ නම් ඕවා ගන්නවා බන් රජයෙන්ම..
    ලංකාවේ ඉතින් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවත් නටබුන් වෙලා වල් වැදිලා ගිහින් තියෙන එකේ ඕවා ඉතින් කනාවට හම්බ උනොත් තමා..
    රජයේන් පුරාවිද්‍යා වලට ලොකු මුදලක් වෙන් කරන්නේ නෑ..
    ලොකුම මුදල වෙන් කරන්නේ හොරා කන්න..
    ඉතින් කොහෙද බන් ඕවා හොයා ගන්න පුලුවන් වෙන්නේ.. :baffled:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඉන්දියාවේ නම් ඕවා ගන්නවා බන් රජයෙන්ම..
    ලංකාවේ ඉතින් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවත් නටබුන් වෙලා වල් වැදිලා ගිහින් තියෙන එකේ ඕවා ඉතින් කනාවට හම්බ උනොත් තමා..
    රජයේන් පුරාවිද්‍යා වලට ලොකු මුදලක් වෙන් කරන්නේ නෑ..
    ලොකුම මුදල වෙන් කරන්නේ හොරා කන්න..
    ඉතින් කොහෙද බන් ඕවා හොයා ගන්න පුලුවන් වෙන්නේ.. :baffled:
    ඒකත් ඇත්ත තමා.. උඹලගේ ගම් පළාත්වල හංගපු නිදාන එහෙම ඇති.. ශෝක් පලාත...
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,530
    1
    32,227
    113
    - උඩරට -
    ඒකත් ඇත්ත තමා.. උඹලගේ ගම් පළාත්වල හංගපු නිදාන එහෙම ඇති.. ශෝක් පලාත...
    මෙහෙ ඇති බන් ..හැංගිලා..
    ඔය උමං එහෙම නම් තියෙනවා..
    ඒවාගේ පත නයි ඉන්නවා..
    කවුරුවත් යන්නේ නෑ ඒ නිසා ..
    කෙලින්ම පන්සල් වලට යන්න රහස් උමං තියෙන්නේ..
    ඕවාගේ නම් ඇති බඩු
     
    • Wow
    Reactions: BuLaTha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ආහ්.. ඔව් තමයි.. ඒ කාලේ රජවරු භක්තියෙන් චෛත්‍යයක් ඉදි කරනකොට තැන්පත් කරන්න ඇති.. ඒත් මේවා ඇතුලේ ධාතු ලෙස තැම්පත් කරන්නේ මොනවද? අපවත් උන හිමියන්ගේ ධාතූන්ද? නැත්නම් රන් මිණි මුතු මැණික්ද?
    කරඬු ඇතුලෙ නම් තැම්පත් කරන්නෙ ධාතුනේ.කරඩුව සරසන්න වගේ ඒවට රන් රිදී මුතු මැණික් යූස් කරන්න ඇති.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Samanyen kiyanne chaithyak hadanawa nam eke miniature scale ekak pure gold walin hadala a langa thampath karanawa kiyalai.
    Mewa hadanne pure gold walin. Ebuwoth ebenawa because pure gold godak strong naha.
    Pure gold nam thawamath e ebena quality eka thiyenna onida machan?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,096
    113
    Loading...
    127216239_685243662182059_4859550881265370931_n.jpg

    127522034_685243582182067_2593593429767555344_n.jpg

    127209266_685243645515394_6515624364786041261_o.jpg

    127282555_685243665515392_4318145892271158681_o.jpg

    127560560_685243688848723_727735849561748045_o.jpg

    127529443_685243682182057_7784256989584732968_o.jpg

    127144009_685243678848724_4956818717297814614_o.jpg

    127223919_685243558848736_5633024494074940513_o.jpg

    127141912_685243575515401_4152169096778570965_o.jpg

    127454841_685243585515400_6265721864387278852_n.jpg

    127471981_685243592182066_1897737753198435473_o.jpg

    127559425_685243692182056_3099413676291670562_o.jpg
     
    • Like
    Reactions: asylum and TCB Rox