දුකක් නැහැ
තමුසෙගෙ වයිෆ් තමුසෙව දාලා ගියානං, ඇවිල්ලා අපිත් එක්ක අඩියක් ගහලා ඒ දුක නැතිකර ගන්නවා. පඩි දවසේ කාර්යාලයෙන් එළියට යමින් සිටියදී පියල්, ජයරත්නට කීවේය.
‘ඒක කරන්ඩ බෑ බං.’ ජයරත්න පිළිතුරු දුන්නේ බැරැරුම් පෙනුමක් මුහුණට නඟා ගනිමිනි.
‘ඇයි සල්ලි නැද්ද?’ පියල් වහා ඇසීය.
‘නෑ, දුකක් නැහැ.’ ජයරත්න කීවේ සිනාවක් නඟමිනි.
දන්නෙ නැද්ද
පදික වේදිකාවේ සිඟා කමින් සිටි අතක් නැති හිඟන මිනිසකු දැක අනෝමා ගේ කුඩා පුතු මහ හඬින් මෙසේ කීවේය.
‘අනේ අම්මේ, අර බලන්නකො, අර මිනිහගෙ හැටි. එයාට එක අතකුත් නැහැ නෙ.’
‘කෑ ගහන්ඩ එපා ළමයො. ඒ මිනිහාටත් ඇහෙනවා ඔයාගෙ කතාව.’ අනෝමා, පුතාගේ කට මිරිකමින් කීවාය.
‘ඇයි අම්මි එයා දන්නෙ නැද්ද, එයාට අතක් නෑ කියල.’ කුඩා පුතු අනෝමාගෙන් ඇසුවේය.
තරග ව්‍යාපාරය
‘ඇයි තමුසෙට හිරේට එන්ඩ සිද්ධ වුණේ?’
පැරණි සිරකරු තමා සමීපයට පැමිණි අලුත් සිරකරුගෙන් විමසීය.
‘ආණ්ඩුවත් එක්ක තරගයට බිස්නස් එකක් කළැයි කියල නෙ.’ අලුත් සිරකරු කීවේය.
‘මොනවා... මොකද්ද බිස්නස් එක?’ පැරණි සිරකරුවා විශ්මයෙන් ඇසීය.
‘සල්ලි අච්චු ගැහිල්ල.’ අලුත් සිරකරු කීවේ තරමක උජාරුවකිනි.
ඒත් කෙස් නෑනෙ
ඔයාගෙ ඔය පෙන්ඩන්ට් එක ඇතුළේ කාව හරි මතක් වෙන්න මොනවා හරි දාලා තියෙනවද? එක් සාදයකදී සරණපාලගේ බිරිඳ ගෙන් රම්‍යා විමසුවේ ඇය පැලඳ සිටි ලස්සන මාලය දෙස ආශාවෙන් දෑස් රඳවමිනි.
’ඔව් අනේ හස්බන්ඩ් මතක් වෙන්න මං එයාගෙ කෙස් රොදක් මේකෙ දැම්මා.’ සරණපාලගේ බිරිඳ පිළිතුරු දුන්නාය.
’ඒත් ඔයාගෙ හස්බන්ඩ් නැතිවෙලා නැහැනෙ.’ රම්‍යා සෝපහාසයෙන් මෙන් කීවාය.
’එයා ජීවත් වෙන එක ඇත්ත. ඒ වුණාට එයාගෙ කෙස් ටික නැති වෙලානෙ.’ තම සැමියාගේ තට්ට හිස සිහි කරමින් සරණපාලගේ බිරිඳ කීවාය.
-silumina-