දුක්බරම හිම වලසා

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දුක්බරම හිම වලසා

    saddest-polar-bear2.jpg


    ලෝකයේ දුක්බරම හිම වලසා නම් වූ මේ සුදු පාට කඩවසම් හාදයාට ජීවිතය බෙදාගන්නට කවුරුවත්ම හිටියේ නැත.

    ‘‘ලෝකයේ දුක්බරම හිම වලසා - The Saddest Polar Bear‘‘... හැමෝම ඔහුට කතා කළේ එහෙම ය. ඔහු සිටියේ දකුණු කොරියාවේ ය. ආදරය කරන්නට, , ළඟට වී හිම පියල්ලක සුවදායක සීතල බෙදාගන්නට ඔහුට මේ ලෝකයේ කිසිවෙක්ම සිටියේ නැත. අවසානයේ ඔහු පෙර කී දුක්බරම අන්වර්ථ නාමයෙන්ම තනිවම මියැදුණේය.

    ඒ මරණය තවත් දින කිහිපයකට පමා වී නම් ඔහුගේ ඉරණම් කතාව වෙනස් වන්නට ඉඩ තිබුණේය. ඔහු බ්‍රිතාන්‍යයේ වනජීවී උද්‍යානයකට ගෙන යාමට කටයුතු සුදානම් කර තිබුණේය. අලුත් හිම පියලි ද ආදරයද එහි ඔහු වෙනුවෙන් බලාගෙන සිටියේය. නමුත් අවසානයේ ඔහුගේ කූඩුව තුළම ඔහුගේ පණසුන් සිරුර වැතිරී තිබුණේය. අවුරුදු 24 ක් තිස්සේ පැතූ දේ නොලබාම ඔහු ජීවිතය හැර ගොස් සිටියේය.

    saddest-polar-bear1.jpg


    ඔහුගේ නම ‘ටොංකිටෝ‘ හෙවත් ටොංකි (Tongki) විය. ඔහු ජීවත් වුණේ ‘එවර්ලන්ඩ්‘ නම් වූ දකුණු කොරියානු සත්තුවත්තේය. එවර්ලන්ඩ් - සදාකාලික භූමිය යැයි කීවත් එහි තිබූ සදාකාලික එකම දෙය වූයේ හුදෙකලාවයි. එය කිසිසේත්ම ටොංකිට සැපවත් ජීවිතයක් ගත කළ හැකි තැනක් නොවේය. හිම වලස් භාෂාවට අනුව එය ඔහුට අපායක් වන්නට ඇත. ලොව පුරා සත්ව හිමිකම් ක්‍රියාකාරීන් ටොංකි වෙනුවෙන් කතා කළේ වරක් දෙවරක් නොවේ. 2015 වසරේදී වාර්තා වූයේ ටොංකි ජීවත් වන කූඩුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90 ක් දක්වා පවා ඉහළ යන බවයි. සීතල පාලනය කළ හැකි ක්‍රමයක් ටොංකි වෙනුවෙන් සකස් කර දෙන්නට දකුණු කොරියාවට සැබෑ උවමනාවක් තිබුණේ නැත. ටොංකි ව අභය භූමියකට ගෙන යන ලෙස ඉල්ලා අන්තර්ජාලය හරහා දහස් ගණන් අය එකතු වූහ. වායුගෝලීය තෙතමනයේ තිබූ ගැටළු නිසා අසරණ ටොංකිගේ හිම වලස් ලෝමවල ඇල්ගී පවා බැඳී තිබූ කාලයක් විය.

    saddest-polar-bear4.jpg



    ඔහු ආතතියෙන් පෙළෙමින් සිටින බව පෙනුණි. ඇතැම්විට සිය නොගැඹුරු, පාණ්ඩු පාට තටාකය අසල ටොංකි පැය ගණන් නොසෙල්වී ඔහේ සිටියි. සැබවින්ම ටොංකි සිටියේ ජීවිතයත් මරණයත් අතර ය. ආදරය ඔහුට දුර වැඩි ය.

    ටොංකිටෝ ට මෙසේ විය යුතුව තිබුණිද? ටොංකි ජීවත් වුණේ දකුණු කොරියාවේ ලොවම පිළිගත් ජංගම දුරකථන සන්නාමයක් වන සැම්සුන් සමාගම ට අයත් සත්වෝද්‍යානයක ය. සත්වෝද්‍යාන හුදෙක් ‘ෂෝ බිස්නස්‘ එකක් කරගෙන, අසරණ සතුන්ගේ ජීවන තත්වයන් ගැන අබමල් රේණුවක තරම්වත් තැකීමක් නැති දුෂ්ට ලෝකයට අමතක නොවන පාඩමක් කියා දී ටොංකි අවසානයේ සමුගෙන ගියේය.
    saddest-polar-bear5.jpg


    ආදරය යනු මේ ලෝකයේ සැමට හිමිවන දෙයක් නොවේ. සමහරුන්ට මියෙන තුරාම ආදරය වෙනුවට ලැබෙන්නේ ආදරයේ සේයාවක් පමණි. විටෙක එහි වරද වෙනකෙකු අතේ ය. නමුත් අවසානයේ මිය යන්නේ ආදරය සහ ජීවිතයයි.

    එය හිම වලසුන්ට පමණක් පොදු කතාවක් ද නොවේ.


    (Link-- https://goo.gl/rnj8o1 )
     
    • Like
    Reactions: Fox C2 and Rex921