"දුක" එන්ජෝයි කරනවා ද?

hpalpola

Well-known member
  • "දුක" එන්ජෝයි කරනවා ද?

    දුක, ගැන නොදන්න කෙනෙක් නෑනෙ නේ ද? සිරාවටම දුක එන්ජෝයි කරන්න පුළුවන් බව දන්නව ද? ඇත්තටම ඔව්. දුක එන්ජෝයි කරන සෙට් එකක් ඉන්නවා මචංලා. හැබැයි එන්ජෝයි නිසා දුකද කියලා තේරෙන්නෙ නෑ.

    රයිට්. කොයි වගේද දුක එන්ජෝයි කරන්නෙ. ඒකත් බලන්න එපැයි. ඔන්න දැන් සිදුහත් කුමාරයා රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගාවල සැප විඳිනවා. සැප විඳින සිදුහත් කුමාරයා එක්තරා දවසක අභිනිෂ්ක්‍රමණය කරනවා. සිදුහත් කුමාරයා ඒ අභිනිෂ්ක්‍රමණය කරන්නෙ ඇයි? එතුමාගෙ නුවණට වැටහෙනවා මම මේ විඳිමින් ඉන්නෙ මිනිස්සු සැපයි කිව්වට දුකය කියලා. නැත්නම් ඉතින් අභිනිෂ්ක්‍රමණය කරන්නෙ නෑ නේ. ඉන් පස්සෙ එතුමා කාලයක් සත්‍ය නැත්නම් නිවන සොයනවා. මේ නිවන තමයි සිදුහත් තාපසතුමා සැප විදියට නැත්නම් දුක නැති විදියට දකින්නෙ. ඒ වෙනුවෙන් නොයෙක් ක්‍රමවේද පාවිච්චි කරනවා. අත්තකිලමථානුයෝගය කියන්නෙ එයින් එකක්. බලන්න ඉතින් පස්වග මහණුන් සිදුහත් තාපසතුමාව අතෑරලා යනවානේ එතුමා අත්තකිලමථානුයෝගයෙන් බැහැර වුනාම. ඇයි ඒ? ඒ අය විශ්වාස කලේ දුක මුල් කරගත්ත සැප හොයන මාර්ගයක් ගැන. ඒ කාලේ තිබ්බ දේ.

    බුද්ධත්වයට පත්වුනාට පස්සේ බුදුරජාණන්වහන්සේ මුලින්ම වැඩම කරන්නෙ මේ පස්වග මහණුන් මුණ ගැහෙන්න. ඒ අයට දේශනා කරනවා දුක නැති කරන මාර්ගය අනාවරණය කරගත්තා කියලා. ඒ කියද්දි වැඩිදුරටත් කියනවා දුක නැති කරන මාර්ගය කාමසුඛල්ලිකානුයෝගයවත් අත්තකිලමථානුයෝගයවත් නොවේ කියලා. එහෙනම්.. මැදුම් පිළිවෙත නැත්නම් ආර්යෂ්ටාංගික මාර්ගය තමයි දුක නැති කිරීමේ මාර්ගය කියලා. මේ දේශනාවෙදි පස්වග මහණුන්ට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා දුක මොකක් ද කියලා. සරලවම ගත්තොත් හැමදේම දුකයිනෙ. ඔන්න ඔතනයි පොයින්ට් එක. හැමදේම දුකයි. දැන් ඊට පස්සෙ බුදුරජාණන්වහන්සේ මොකක් ද පෙන්වලා දෙන්නෙ? දුකට හේතුව. නැත්නම් තණ්හාව. ඉන්පස්සෙ දුක නැති කරන්නෙ කොහොම ද කියලා පෙන්වලා දෙනවා. ඊට පස්සෙ පෙන්වලා දෙන්නෙ දුක නැති කිරීමේ මාර්ගය.

    ඔය කලින් කිව්ව දුක කියන දේ අපි හොඳට දන්නවානෙ. ඔය දුක නැති කරන්න නම් බුදුරජාණන්වහන්සේ දේශනා කරපු මාර්ගය හැර වෙන මාර්ගයක් බෞද්ධයන්ට නෑ නේ. ඒකත් දන්නවනෙ. ඒ වුනාට කෝ හුඟක් අය ඒ මාර්ගය පාවිච්චි කරන්නෙ නෑ නේ දුක නැති කරන්න. ඇයි ඒ? එයාලට දුක සැපයක්. හා නැද්ද? නිකන් හිතලා බලන්න. අපි අපිට සැපක් නැති දෙයක් කරයි ද? නිකන් හිතන්නකො කෙනෙක් ස්වයංවින්දනය කරනවා. අනේ මෙයා ස්වයංවින්දනයේ යෙදෙද්දි දැවිල්ලක් රිදිල්ලක් එනවා. එයා ආයි කරයිද ඕක? හිතන්න කෙනෙක් ගින්දර අල්ලන්න යනවා පිච්චෙනවා. රිදෙනවා. ආයි කොරයිද ඕක? අපිට සැපක් නැත්නම් අපි හුඟක් දේවල් කරන්නෙ නෑ. අමාරුවෙන් වුනත් කරන්නෙ සැපයක් වක්‍රාකාරයෙන් හරි දැනෙන දේවල් විතරයි. බෙහෙත් තිත්තයි. ඇයි බො⁣න්නෙ? වේදනාව උනත් අන්තිමේ සැපය නිසා. මේ කෙටියෙන් කියන්නෙ හොඳේ. මැරෙන එක සැපයි කියලා හිතෙන නිසා තමා මැරෙන්න උපක්‍රම හොයාගන්නෙ. ඒ වගේ. ඕන දෙයක් මැරීගෙන කාගෙන කරන්නෙ ඇයි, සැප නිසා. ඒකයි කිව්වෙ. දුක සැපයක් විදියට විඳිනවා කියලා.

    නිකන් අවට නැත්නම් තමුන් දිහා ඇස් ඇරලා බලන්න. වැඩියෙන් ඉන්නෙ දුක එන්ජෝයි කරන අය ද සැප එන්ජෝයි කරන අයද කියලා. වැඩිය ඕන නෑ තමුන් ගැන හිතලා බලන්න. සමහර වෙලාවට දැන දැනත් කියනවා අනේ මට මේකෙන් ගැලවෙන්න බෑ නේ, මට වෙනස් වෙන්න බෑ නේ කියලා. පුංචි ආකල්පමය වෙනසකින් ජීවිතේට මහා ලොකු පරිවර්තනයක් ඇති කරන්න පුළුවන්. ඒත් දුක එන්ජෝයි කරන නිසා ඒක කරන්න වුවමනා නෑ. ඒකයි සිද්ධිය.