දුක හඳුනන්නෝ සහ නො හඳුනන්නෝ
උපුටා ගැනීම - විදුසර
දුක හඳුනන්නෝ සහ නො හඳුනන්නෝ
ඇතැමකුට මෙය ඉතා සුළු සිද්ධියක් ලෙසින් දැනෙන්නට පුළුවන. එහෙත් මේ සිදුවීම මා තුළ දැඩි කම්පනයක් ඇති කළ, බොහෝ වේලාවක් සිතන්නට සිදු වුණ සිද්ධියක් විය.
මුළු ලංකාව පුරා ම සිටින්නේ රෝගීන් දැයි සැක පහළ වන තරමට ම සායන ගොඩනැඟිල්ල රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. ඇඟිල්ලක් ගැසීමට වත් ඉඩ නැති වන පරිදි එහා මෙහා යන මිනිසුන් අතරින් මා මගේ මිතුරකු ගේ පියා සොයා ගැනීමට උත්සාහ දැරුවේ ඔහුට අදාළ සායනය වෙත කැඳවාගෙන යැමට ය. සුදු කෝට් එකට පින්සිදු වන්නට වැඩි කරදරයකින් තොර ව සායනික ගොඩනැඟිල්ලේ එහා මෙහා යන්නට නම් හැකියාව ලැබිණ.
වේලාව පෙරවරු 10 වත් පසු වී නො තිබුණ ද ඇතුළත වූයේ දැඩි රස්නයකි. පිටත වැහි මන්දාරමත් සමග ම වූ ඒ දහදිය දමන ස්වභාවය සිතට ගෙන දුන්නේ පහන් සිතිවිලි නම් නො වේ. මා හට අවශ්‍ය වූයේ මිතුරා ගේ පියාට අවශ්‍ය උපකාරය කර කෙසේ හෝ එතැනින් පිට ව යැමට ය.
"රතු නොම්මර ඇතුළට එන්න"....
නිල් නොම්මර ඇතුළට එන්න"....
"වෙලාව එනකම් එළියෙන් ඉන්න"
"කියන එක තේරෙන්නෙ නැද්ද?.......ලෙඩා විතරක් ඇතුළට එන්න" රෝහල් සේවකයන් ගේ හඬ අවට පරිසරයට එකතු කළේ තවත් කලබලකාරී බවක්.
දහසකුත් එකක් රෝගීන් අතර මම මගේ මිතුරා ගේ පියා සෙවීමි.
කුමක් හෝ සායනයක් තුළට ඇතුළු වීමට එක් කාමරයක් අසල රෝගීන් අතර දැඩි කලබලයකි. ඒ අතර රෝද පුටුවක සිටින මහලු කාන්තාවක් ද එතුළට යැමට උත්සාහ දරයි. වැසුණු දොර විවර කිරීම සහ රෝද පුටුව කාමරය තුළට තල්ලු කිරීම ඇගේ දෑත්වලින් කෙසේ වත් කළ නොහැකි විය. අහම්බෙන් මෙන් ඇය මා දුටුවා ය.
"අනේ පුතේ මාව ඇතුළට දාන්න. රතු නොම්මරවලට ඇතුළට එන්න කිවුවා. මම රතු නොම්මර 03"
මගේ එක් අතක පොත් දෙකකි. ඒවා පසෙකින් තැබීමට වත් ස්ථානයක් නැත. එසේ හෙයින් මම තනි අතින් රෝද පුටුව තල්ලු කිරීමට උත්සාහ දැරුවෙමි. එහෙත් එය කාමරය තුළට ඇතුළු කිරීමට යෙදූ ශක්තිය ද ප්‍රමාණවත් නො වී ය. පහසුවෙන් කරකැවෙන්නේ නැති රෝදවලට හේතුව කලකින් අලුත්වැඩියාවක් නො කෙරුණ නිසා වන්නට ඇත.
මම අවට බැලීමි. සියල්ලෝ ම තම තමන් ගේ වැඩ රාජකාරිවල නිරත වී සිටිය හ. එක් රෝහල් සේවකයකු පමණක් අප දෙස බලා සිටියි.
"මේ ආච්චිව ඇතුළට දාන්න පුළුවන් ද? මම ඔහු ගෙන් විමසුවෙමි. ඔහු ගේ පිළිතුර මා විමතියට පත් කරන්නක් විය. "මම මේ Cකසබසජ එකේ නෙමේ....... එහා පැත්තේ Cකසබසජ එකේ වැඩ" එසේ පවසා ඔහු එතැනින් නික්ම ගියේ ය. "කාට හරි උදව්වක් කරන එක රාජකාරියට එච්චර බාධාවක් ද?" මුවට නැගුණ වදන් පෙළ නො කියා ම මම ගිල ගත්තේ එය ඇසෙන මානයක ඔහු නො සිටි නිසා ය.
එම මහලු කාන්තාව හමුවේ මා පත් වූයේ කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට ය. බණ අසන, බණ කියන රටක් පත් වී ඇති තත්ත්වය....
වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලය ද දිවා රෑ නො බලා කරන සේවයෙහි ප්‍රතිඵල වන්නේ ලෙඩට දුකට පිළිසරණ පතා එන රෝහල රෝගීන්ට ප්‍රසන්න තැනක් බවට පත් වීම ය. එහෙත් මෙවැනි සුළු සිද්ධීන් නිසා වුව, එම වටිනාකම බිංදුවේ අගයට පත් වන බව නො වැටහෙන මෙවන් මිනිසුන් රෝහල් සේවය වැනි උතුම් දෙයක් සඳහා සුදුසු ද යන්න ද ගැටලුවකි.
රෝහල් වාට්ටු සංකීර්ණයට ඇතුළු වන විදුලි සෝපානය අසල බලා සිටින සැම ගේ නෙත ගැටෙන මියුරල් සිතුවමක් ඇත. ඉන් පිළිබිඹු වන්නේ පූතිගත්තතිස්ස තෙරුන්ට උවටැන් කළ බුදුරදුන් ය. නෙතින් එදෙස දහස් වර බලන්නට ඇතත් කිසි දිනෙක ඒ පිළිබඳව මේ සේවකයා සිතා බැලුවා ද යන්න ගැටලුවකි. රෝද පුටුවේ ආච්චි අම්මා තවදුරටත් මගේ උපකාරය බලාපොරොත්තුවෙන් මා දෙස බලා සිටියා ය. නැවතත් මම ඇගේ රෝද පුටුව තල්ලු කරන්නට අත තැබීමි. එවර තවත් අතක් මට උපකාර විය. ඒ ශක්තිමත් අතේ ශක්තියෙන් රෝද පුටුව තල්ලු වන විට මම සායන කාමරයේ තල්ලු කරන දොර විවර කර ඇය ඇතුළු කළෙමි. "මේ ආච්චි රතු නොම්මර 03......." සායනය තුළ සිටි හෙදියට පැවසූ මා ආපසු හැරුණේ මට එවර උපකාර කළ ඔහුට ස්තුති කරන්නට ය.
"බොහොම ස්තුතියි" මට ලැබුණේ පිළිතුරු සිනහවකි. ඔහු හමුදා සෙබළෙකි. කිහිලිකරුවක උදවුවෙන් නැඟී සිටි ඔහු ගේ පාදයක් වළලුකර අසලින් අහිමි වී තිබිණි. එසේ තිබිය දීත් ඔහු මා හට උපකාර කළ අයුරු සිතන විට දැනුදු නෙතෙහි කඳුළක් නැඟේ. දුකට පත් වූවකු ගේ දුක වේදනාව හොඳින් ම හඳුනන්නේ තවත් එවැනි ම තත්ත්වයකට පත් වූවකු බව ඔහු එදින මා හට මැනැවින් පසක් කර දුන්නේ ය.
සින්ධූපා සෙනවිරත්න
ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨය

me wage keepayak dala thibuna...