දුටුතැන මරණ පිලිපීනයේ මත්ද්‍රව්‍ය සංහාර&

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දුටුතැන මරණ පිලිපීනයේ මත්ද්‍රව්‍ය සංහාර&

    දුටුතැන මරණ පිලිපීනයේ මත්ද්‍රව්‍ය සංහාරය


    image_7180caae3d.jpg


    ලෝකයේ සෑම රටකටම මත් උවදුර මැඬලීමේ අභියෝගයක් තිබේ. ඒ අභියෝග ජයගැනීම සඳහා ඒ සෑම රටකටම ඇත්තේ සම්ප්‍රද‌ායික නීති ක්‍රමෝපායන්ය. එනම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමයි. අධිකරණ ක්‍රියාවලිය තුළ දී සැකකරුවන්ට සිය නිර්දෝෂි බව ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ. අධිකරණ ක්‍රියාවලිය අවසාන කිරීමෙන් පසු චූදිතයින් නිදොස් කොට නිදහස් කිරීම හෝ එසේ නොකිරීම සිදුකෙරේ.

    අධිකරණ ක්‍රියාවලිය අවසන් වෙනතුරු චූදිතයින්, චූදිතයින් මිස වරදකරුවන් නොවේ.

    ඇබ්බැහි වීම් (Adict) මත සිදුවෙන මත්ද්‍රව්‍ය භාවිතය ඒ නිසාම පැතිරීමේ සීඝ්‍රතාවයෙන් ද යුක්තය. තරුණ කොටස් ඊට යොමුවීම සහ ඒ මගින් සිදුවෙන පසු හානි ද බරපතළ විපාක සඳහා හේතු වේ.

    මෙය කොතරම් විනාශකාරී වුව ද එය මර්දනය කිරීමේ ක්‍රමෝපයන් කලින් සඳහන් සම්ප්‍රද‌ායික නීති රාමුවක් ඔස්සේ සිදුකළ යුතුය. එසේ නොවීම වනාහි බරපතළ සමාජ සහ නීතිමය ගැටලු රැසක ආරම්භයකි.

    මත්ද්‍රව්‍ය මැඬලීමේ ක්‍රියාමාර්ග පවතින නීතිමය රාමු ඔස්සේ විසඳීම පසෙකලා ඒ සම්බන්ධයෙන් පැරණි ඇමෙරිකානු ටෙක්සාස් ක්‍රමවේදයන් අනුගමනය කරන රාජ්‍ය නායකයෙකු ද පිලිපීනයෙන් බිහි වී තිබේ. ඔහු පිලිපීන ජනාධිපති රොඩ්රිගුස් ඩුටර්ටේ ය.

    ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කළ ප්‍රථම කතාවේ දී ඔහු පිලිපීන ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකළේය. එනම් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් සහ වෙළෙන්දන් දුටු විට ඔවුන් මරා දමන ලෙසය. එසේ ඝාතනය කරන සෑම පුද්ගලයෙකු සඳහාම මුදල් ත්‍යාග ලබා දෙන බව ඔහු පැවසීය.

    එක්දහස් අටසිය ගණන්වල අග භාගයේ දී ඇමෙරිකාවේ අපරාධකරුවන් මරා දමන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනමන ලදී. මේ අය 'Bounty Killers' යනුවෙන් හඳුන්වනු ලැබීය. මෙය ආරම්භ වී ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයෙනි.

    ඩුටර්ටේ බලයට පත්වීමෙන් පසු මසක් ඇතුළත දී මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ වෙළෙඳුන් 103 දෙනෙකු මරා දැමූ බව පිලිපීන පොලිසිය ප්‍රකාශ කළේය.
    ඩුටර්ටේ සිය මත් විරෝධී සටන සිදුකරන ආකාරය ද වෙනස් ය.


    පිලිපීන රජයට එරෙහිව සටන් වදින කොමියුනිස්ට් ගරිල්ලා සංවිධානයෙන් ඔහු පසුගියද‌ා ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීම ආයුධ බිම තබා යටත්වීම හෝ සාම සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස හෝ නොවේ. එනම් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ වෙළෙඳුන් දුටු තැන මරා දමන ලෙස ය.

    අනෙක් අතට මෙය ඩුටර්ටේ සහ කොමියුනිස්ට් ගරිල්ලන් අතර නිල නොවන මට්ටමේ එකඟතාවක් නිර්මාණය වීමක් ලෙස ද සැලකිය හැකිය.

    මත් උවදුර යකෙකු ලෙස දකින පිලිපීන ජනාධිපතිවරයා එය විනාශ කිරීම සඳහා ද ඒ මාදිලියේම ක්‍රමෝපායන් අනුගමනය කරමින් සිටී.

    මත් උවදුර මැඬලීම සඳහා ඩුටර්ටේ අනුගමනය කරමින් සිටින ටෙක්සාස් මාදිලියේ ක්‍රියාමාර්ග නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු බටහිර රටවල් රැසක විරෝධය එල්ල වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගියද‌ා ඩුටර්ටේ වෙත චෝදනා රැසකින් දමා ගැසීය. පිලිපීන වැසියන්ට එකිනෙකා මරා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින්ම නීතිමය පසුබිම සකසා ඇති බව එම චෝදනාවලින් ප්‍රකාශ විය.

    මෙවැනි චෝදනාවක් එල්ල වූ විට ඩුටර්ටේ නිහඬ සිටින්නේ ද නැත. එසේම එම ප්‍රකාශ සියයට සියයක් රාජ්‍ය තාන්ත්‍රික ද නැත.

    තමාට එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ මානව හිමිකම් කොමිසමේ සිටින්නන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතේ නැටවෙන රූකඩ බවය. තම කටයුතුවලට බාධා එල්ල කළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වෙන බව ද ඔහු පැවසීය. මින් නොනැවතුන ඩුටර්ටේ, ජර්මනියේ හිටපු ආඥාද‌ායක ඇඩොල්ෆ්ට් හිට්ලර් යුදෙව්වන් මිලියන තුනක් මරා දැමුවාක් මෙන් තමා ද පිලිපීනයේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් සහ වෙළෙන්දන් මිලියන තුනක් මරා දමන බව ප්‍රකාශ කළේය.

    මේ ප්‍රකාශයත් සමගම අමෙරිකාව ජර්මනිය ආදී රටවල් රැසක් සිය විරෝධය දක්වන ලදී.

    යුදෙව් ජාතිකයින්, මතට ඇබ්බැහි වූවන් හා සම කිරීම බරපතළ වැරැද්දක් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ආර්ෂ් කාටර් පැවැසීය.

    පිලිපීන ජනාධිපතිවරයා මතට එරෙහිව ප්‍රබල සටනකට අවතීර්ණ වී ඇති බව පෙනේ. හැරෙන හැරෙන අතට ප්‍රකාශ නිකුත් කරන්නේ ඒ නිසා විය යුතුය. මේ සමගම ඩුටර්ටේ ප්‍රබල විරුද්ධවාදීන් රැසක් ද නිර්මාණය කරගෙන සිටී.

    දුටු තැන මරා දැමීමේ නියෝගය නිසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක විරෝධය එල්ල වෙමින් ඇත.

    පිලිපීනයේ ක්‍රියාත්මක වෙන කැලෑ නීතිය නිසා ඕනෑම අයෙකුට තම තමන්ගේ පෞද්ගලික තරහ පිරිමසා ගැනීමට ඉඩකඩ සලසා ඇතැයි එම සංවිධාන සඳහන් කර තිබේ. ඕනෑම අහිංසකයෙකු මරා දමා ඔහු මත්ද්‍රව්‍යකරුවෙකු යැයි ප්‍රකාශ කිරීමට මේ නිසා හැකි යැයි වැඩිදුරටත් ප්‍රකාශ වී ඇත. සමහර අවස්ථාවල දී මෙලෙස එල්ල වෙන ජාත්‍යන්තර විරෝධයට හිස නැමීමට ද ඩුටර්ටේ කටයුතු කරන්නේය. පිලිපීනයේ සිදුවෙන නීති විරෝධී මිනිස් ඝාතන පිළිබඳව පරික්ෂාව සඳහා එරට කොන්ග්‍රස් සාමාජිකයින්ගේ කොමිටියක් පත් කිරීමට ද ජනාධිපති කටයුතු කළේය. එසේම තම දේශපාලන විරුද්ධවාදියෙකු වූ සෙනෙට් මන්ත්‍රී ලයිලා ඩි ලිමා එහි සභාපති ලෙස පත් කළේය. 2017 අගෝස්තු 17 දින මෙම පත්වීම සිදුකළ නමුත් ඉන් දින අටකට පසු ලයිලා ඩි ලිමාට මත් වෙළෙන්දන් සමග සබඳතා ඇතැයි ඩුටර්ටේ පැවසීය. සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ඔහු ඩි ලිමාගෙන් ඉල්ලා සිටියේය. එසේම තවත් ඉල්ලීමක් ද ඩි ලිමාගෙන් සිදුකෙළේය. එනම් එල්ලී ඝාතනය වෙන ලෙසය.

    පිලිපීනය තුළ මතට ඇබ්බැහි වූවන් සහ වෙළෙන්දන් ඝාතන කණ්ඩායම් සඳහා එක් ඝාතනයකට ඩොලර් 200ත් 300ත් අතර මුදලක් ගෙවනු ලැබේ. මේ මුදල පිලිපීන මුදල් ඒකකය අනුව පෙසෝ 15000කි.

    ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Aminesty International) පසුගියද‌ා නිකුත් කළ වාර්තාවක ප්‍රකාශ වූයේ පිලිපීනයේ දී ඔබ දුප්පත් අයෙකු නම් ඔබට මරණය නියත බවය.
    ජනාධිපති ඩුටර්ටේගේ පොලිස් සහ හමුද‌ා අංශ දුප්පත් අහිංසකයින් මරා දමා ඔවුන් මත්ජාවාරම්කරුවන් සහ ඇබ්බැහි වූවන් ලෙස ප්‍රකාශ කරන බව ඉන් ඇඟවිණ.
    ඝාතනය කරනු ලැබුවන්ගේ සිරුරු පිලිපීන පොලිසිය විසින් රෝහල් වෙත යවා ඒ පිළිබඳව සාක්ෂි වසන් කරනු ලබන බව රොයිටර් වාර්තාවක් මගින් ප්‍රකාශ විය.
    මෙසේ මරා දමා රෝහල්වලට රැගෙන එන අයගේ සංඛ්‍යාව 2016 ජූලි සිට 2017 ජනවාරි දක්වා වර්ධනය වී ඇති ගණන සියයට 13 සිට 85 දක්වා බව ප්‍රකාශ වී ඇත. මේ අතර පසුගිය කාලය තුළ වයස අවුරුදු 15ත් 17ත් අතර පාසල් සිසුන් රැසක් ද ඝාතනයට ලක්ව තිබේ. මත් විරෝධී රජයේ සටනේ දී මේ අය මියගිය බව ප්‍රකාශ වුවද මහජන විරෝධය එල්ල වී ඇත.


    චීනය මෙන්ම ජපානය ද මත් උවදුරට එරෙහි පිලිපීන යුද්ධයට සහාය පළකර ඇත. 2017 දී සිදු වූ ජපාන අගමැති සෙන්සෝ අබේගේ පිලිපීන සංචාරයේ දී ජපාන අගමැති, ජනාධිපති ඩුටර්ටේ ගේ මත් විරෝධී වැඩපිළිවෙල ප්‍රශංසා කර ඇතත් ඉන් සිදුවෙන නීති විරෝධී මිනිස් ඝාතන පිළිබඳව කිසිත් සඳහන් නොකිරීමට පරිස්සම් විය.

    ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනවාරි 17 දින සිදු කළ සිය පිලිපීන සංචාරයේ දී පිලිපීන ජනාධිපති ඩුටර්ටේගේ මත් විරෝධී පිළිවෙත අගය කොට එය ලෝකයට ආදර්ශයක් බව පැවැසීය.

    ඉන් දින දෙකකට පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් විරෝධය පළකරනු ලැබීය.

    ලෝක අවි ගැටුම් නිරික්ෂණ සහ සංඛ්‍යා ලේඛන ආයතනය පසුගියද‌ා ප්‍රකාශ කළේ සිරියාව, නයිජීරියාව, යේමනය සහ ඇෆ්ගනිස්ථානය මෙන්ම පිලිපීනය ද අවි ගැටුම් ගහන බිහිසුණු ස්ථානයක් බවය.

    මේ අතර ඉන්දුනීසියානු පොලිස්පති ටිටෝ කනවියන් ප්‍රකාශ කර ඇත්තේ මතට එරෙහි පිලිපීන පිළිවෙත ඉන්දුනීසියව නම් අනුගමනය නොකරන බවය.

    දුටු තැන මරා දමනු ප්‍රතිපත්තිය මගින් බලය අනිසි ලෙස භාවිතා විය හැකි බව ඔහු පවසා තිබේ.

    නිවැරදිකරුවන් බවට නිගමනය වීමට ඇති සැකකරුවන්​ෙග් අයිතිය පිළිබඳව අප තවමත් විශ්වාස කරන්නෙමු යැයි ඉන්දුනීසියානු පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


    රන්ජන් අමරසිංහ
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඌට පිස්සුද කොහෙද...මිනිස්සු මරල කවදද බන් මත්ද්‍රව්‍ය නවත්වන්න පුලුවන්...ඒකට හරියන වැඩපිළිවෙලක් ඕන...අපේ සිරීත් ඒ වැඩේ අගය කරලා බැනුම් අහල...:Pලංකාවේ නම් කුඩු ගේන උන් එළියේ ඉන්නවා වගේම ඇතුලේ ඉන්න උන් එලියට ගන්න උත්සාහේ...:(ඒ වෙනුවෙන් කඩේ යන උන්ගේ දරුවො කුඩු වලට බිලි වේවි කියලවත් ඒ අලුගුත්තේරුවන්ට හිතෙන්නේ නෑ...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,333
    113
    Kotahena
    ඝාතනය කරනු ලැබුවන්ගේ සිරුරු පිලිපීන පොලිසිය විසින් රෝහල් වෙත යවා ඒ පිළිබඳව සාක්ෂි වසන් කරනු ලබන බව රොයිටර් වාර්තාවක් මගින් ප්‍රකාශ විය
    රොයිටර් kaaraya lankawa ganath me wagema news ekak damma
    okun thanikara weesiyo wage. internationally news wenas karala manipulate karannama hadichcha jaathiyak

    kohomath rataka athule news aththa siddi oya international sites walin balanna baha. okunta drug money kochchara gewanawada oya news manipulate karannama, international yawannama
     
    • Like
    Reactions: Pessimist

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,874
    113


    එපාලු බන්. අවුල් ඇතිනෙ දකිනකොට



    දුටුතැන මරණ පිලිපීනයේ... 01-22-2020 09:02 PM hama huththatama lankawe deshapalanaya adala ganna epa wesige puthe. thoge ammata deshapaluwo awilla hikuwata api pali naha. oya huttawal thoge amma ekka balaganin thread kanne nathuwa gon kariya
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :yes: කුඩු ගහන උන්ට වඩා කුඩු ගෙන්නන උන්ව මරන එක තමයි කරන්න ඕන.




    eka lankawe system eka ban. Philippine kyanne drugs wala hodatama inna ratak. unge rate drugs addicted wedie


    anika lankawe wage nemei corrupt ministry ahu unama uge okkoma corrupt properties uge issarahama winasa karala dana Anduwak.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    ඒක තමා කුඩ්ඩා කියනකොටම මූ රෙජිස්ටරේ නම් මාර්ක් කරනවා වගේ මූ හැමදාම පර්ලිමේන්තුවේ නැගිටලා කෑ ගහන්නේ