දුටු ගැමුණු රජතුමා හදපු එළාරගේ සොහොන
ක්‍රි. පූර්ව දෙවැනි ශත වර්ෂයේදී පමණ අනුරාධපුරයේ රජ කළ අසේල රජු මරා රාජ්‍යය පැහැර ගත් එළාර නම් වෙළෙඳ අධිපතියා, අවුරුදු 46ක් මෙහි බලය පවත්වා ගෙන සිට අවසානයේ දුටුගැමුණු රජු අතින් මරණයට පත්වී ඇද වැටුණු තැන චෛත්‍යයක් ඉදිකොට ඔහුට උපහාර පැවැත්වූ බව ඉතිහාසයෙන් කියැවේ. අනුරාධපුරයේ දක්ඛිණථූපය එකී එළාර සොහොන යැයි පිළිගැනීමක් ද තිබිණි. චෛත්‍යයක් පමණක් නොව එළාරගේ පිළිරුවක් ද ඉදිවී තිබුණු බව ඇතැම් පැරැණි මූලාශ්‍රවලින් හෙළි වේ.
අප රටේ වෙනත් කිසිම රජකු වෙනුවෙන් මෙසේ චෛත්‍ය ගොඩනැඟීමක් ගැන අසන්නට නැත. දුටුගැමුණු වෙනුවෙන්වත් එවැන්නක් සිදු නොවීය. රට සොළීන්ගෙන් මුදා ගත් විජයබාහු වෙනුවෙන්වත්, පරාක්‍රමබාහු වැනි නරපතියන් වෙනුවෙන්වත් චෛත්‍ය ඉදි නොවිණි.
එළාරගෙන් රට බේරා ගැනීම සඳහා දුටුගැමුණුට අති බිහිසුණු සටනක් කරන්නට සිදුවිය. එළාරගේ බලකොටු විසි අටක් බිඳ හෙළන්නට යෑමේදී දස දහස් ගණනින් සෙබළුන් බිලි දෙන්නට දුටුගැමුණුට සිදුවිය. එහෙත්, දුටුගැමුණු එම එළාර වෙනුවෙන් චෛත්‍යයක් කරවා, එතැන පසු කර යන්නන් ඇතුන්, අසුන් හා රථ ආදියෙන් බැස යා යුතු යයිද, තූර්ය නාද නැවැත්විය යුතු යැයිද රාජාඥා පැනවූ බව වංස කතාවලින් කියැ වේ.
යම් කිසි බලසම්පන්න කෙනකු මිය ගිය පසු ඔහු දේවතාවකු වන බවත්, ඔහුට නිසි පුද පූජා කළ විට නොයෙක් අන්දමේ සෙත් ශාන්ති ලබා ගත හැකි බවත්, එසේ නොකළ විට විපත් පැමිණෙන බවත් අෑත ආදි කාලීන යුගවල සිටි මිනිස්සු විශ්වාස කළහ. මඪ වැනි පරාක්‍රමබාහු වෙනුවෙන් යාපා පටුන ජය ගත් සපුමල් කුමාරයා උදෙසා ඔහුගේ පිළිරුව සහිත දෙවොලක් යාපා පටුනෙහි ඉදිකරන ලද්දේත්, එළාරගේ පිළිරුව සහිත දෙවොලක් එදා අනුරාධපුරයේ ඉදිකරන්නට ඇත්තේත් මෙම විශ්වාසය නිසා විය යුතුය.
එච්.සී.පී. බෙල් අනුරාධපුරයේ පුරාවිද්‍යා කැණීම් සිදුකරන සමයේ එම කටයුතුවල යොදවා සිටි දෙමළ කම්කරුවෝ ඔවුන්ගේ වැසිකිළිය හැටියට කැලයෙන් වැසී ගිය කඳු ගැටයක් පාවිච්චි කළහ. මෙය කඳු ගැටයක් නොව දැගැබක් යැයි දැනගත් සිංහල කම්කරුවෝ දෙමළ කම්කරුවන්ගේ ක්‍රියාව නැවැත්වීමට උපායක් කල්පනා කළහ. "උඹල දන්නවද ඔය මොකක්ද කියල? ඕක තමයි එළාර සොහොන" මෙය ඇසූ දෙමළ කම්කරුවෝ අතිශයින් කම්පාවට පත් වූහ. ඔවුහු තවත් එම ක්‍රියාව නොකළහ. බොරු ආරංචිවලට පියාපත් ඇතැයි කතාවක් ඇත. මෙම ගඩොල් ගොඩ එළාර සොහොනය යන කතාව ක්‍රම ක්‍රමයෙන් රට පුරාම පැතිර ගියේය.
චෛත්‍යය හා ථූපය (ස්තූපය) යන වචන දෙකෙහි වෙනස හඳුනාගැනීම මෙහිදී ඉතාම වැදගත්ය. පුරාණයේ චෛත්‍යයක් හෙවත් සෑයක් යැයි හැඳින්වූයේ යම් කිසි ප්‍රභූවරයකුගේ භෂ්මාවශේෂ සහිත බඳුන වටා ක්‍රමානුකූලව ගොඩනැඟුණ ගල් ගොඩකටය. සාමාන්‍ය ගල් ගොඩකින් වෙන් කොට හඳුනා ගැනීම සඳහා යම්කිසි රටාවකට මෙය ඉදිකරන්නට ඇත. ආදාහනයට සූදානම් කළ මෘත දේහය වට කරගෙන ගොඩනැඟුණ දර ගොඩ අදත් දර සෑය නමින් හැඳින් වෙන්නේ මේ නිසාය. ථූපය හෙවත් ස්තූපය යනු දාගැබකි. අද රුවන්මැලිසෑය නමින් හැඳින්වෙන දාගැබ එදා හැඳින්වුණේ මහා ථූපය නමිනි. එහෙත්, මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් චෛත්‍යය පිහිටි භූමිය සෑගිරිය නමින් ප්‍රසිද්ධ විය. එයින් පෙනෙන්නේ සර්වඥ ධාතු තැන්පත් කළ දාගැබක් පමණක් ස්තූපය නමින් හැඳින්වුණ බවයි.
source-මව්බිම

Last edited:

cheers!!