දුන් දඩුවම ප්‍රමාණවත් නෑ - නීතිපති
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කටයුතු කළ ආකාරය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.බලය අසීමාන්තිකව භාවිතා කරමින් ජනතාව යකඩ සපත්තුවට පාගා දමා කටයුතු කළ රාජපක්ෂ මහතාගේ ප්‍රාදේශී සභා සභාපතිවරු කිහිපදෙනෙක්ම අද සිරබත් බුදිමින් සිටී.
ඒ අතර 2011 වර්ෂයේ තංගල්ල හෝටලයකදී බ්‍රිතානය ජාතික කූරාම් ෂෙයික් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට වරදකරුවන් වු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුලු චුදිතයින් 4 දෙනාට ලබා දී ඇති මහාධිකරණයේ දඩුවම් ප්‍රමාණවත් නොවන බව පවසා නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචන පෙත්සම ලබන වසරේ මාර්තු මස 01 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (15) දින නියම කරන ලදී.
කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් එම නඩුවේ චුදිතයින් ගොනු කළ අභියාචනයන්ද එම දිනයටම කල් තබන ලදී.නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ මහාධිකරනයෙන් චුදිතයන්ට ලබාදී ඇති අවුරුදු 20 බැගින් වු සිර දඩුවම් ඉවත දමා ඔවුන්ට එරෙහිව මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙන ලෙසයි.
තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරන, ළහිරු කැලුම්, සමන් දේශප්‍රිය සහ ප්‍රගීත් චතුරංග යන අය මහාධිකරණය මගින් මෙම සිද්ධිය සම්බන්දයෙන් වරදකරුවන් කොට තිබුණි.
https://www.colombotribune.com/2018/10/15/කුරාම්-ෂෙයික්-ඝාතනයට-තංග/

Last edited: