දුප්පත් ජනපති

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දුප්පත් ජනපති දුප්පතාට පිහිට වෙයි


    ලොව ඇතැම් රාජ්‍ය නායකයින් ආරක්ෂක රථ පිරිවරාගෙන මහ මග ගමන්කරන්නවුන් සතයකට මායිම් නොකර යද්දී ලොව දිළිඳුම ජනපති ලෙස හැඳීන්වෙන උරුගුවේ පාලක ජෝසේ මුජිකා පාරේ අතරමංව සිටි පුද්ගලයෙකුට පසුගියදා තම දුප්පත් වොක්ස්වාගන් මෝටර් රථයේ ඉඩ ලබාදුන්නේය.
    එම අතරමංව සිටි පුද්ගලයා පවසන ආකාරයට මේ සිටින්නේ රටේ ජනාධිපති යැයි ඔහු දැනගෙන ඇත්තේ මෝටර් රථයට ගොඩවූවාට පසුය.ජනපතිවරයාගේ මෝටර් රථය පැමිණීමට පෙර තමන් පසුකර මෝටර් රථ විස්සක් තිහක් පමණ ධාවනයවූ බවත් ඒ කිසිවක් තමන් ගණනකටවත් නොගත් බවත් ඔහු කියයි.
    නගරාසන්නයේදී ජනපතිවරයාගෙන් සමුගෙන ඇති ඔහු මේ අපුරු සිදුවීම සිහිවනු වස් ඡායාරූප කිහිපයක්ද ගෙන ඇත.ඒවා දැන් අන්තර්ජාලයට එක් කෙරී තිබේ.
    ලොව රාජ්‍ය නායකයින් හා සැසදීමේදී ඔවුන් අතරින් දිළිඳුතම පාලකයා වන්නේ ජොසේ මුජිකා යැයි පැවසීමේ වරදක් නැත.නිවසත්,ගොවිපළත් ඔහුගේ ගමන් සගයා වන නිල් පැහැ වොක්ස්වාගන් ඉබ්බා කාරයත් හැරුණු කොට ඔහු නමට කිසිදු දේපළක් නොමැත.ජනාධිපති ලෙස ඔහුට ඩොලර් එකොළොස්දහසක පමණ වැටුපක් ලැබෙන අතර එයද ඔහු පරිගත්‍යාග කරන්නේ සුභසාධන කටයුතු වලටය.
    සරල දිවි පෙවෙතක් ගත කළත් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට ජොසේ මුජිකා අමතකර කර නැත.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැඩි ලෙස මර්දනය කිරීමට ඔහු රටේ නීති හා පණත් සකස් කර තිබෙන්නේ උරුගුවේහි අසල්වාසීන්ටත් ආදර්ශයක් වන පරිදිය.රට ගොඩනැගීමට කැපවී සිටින ඔහු කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නෙක්ද වේ.
    වරක් ඔහු අල්ජසීරා පුවත් සේවය හා පැවැත්වුනු සාකච්ඡාවකදී විශේෂ දෙයක් පැවසීය.එය සියලූ රාජ්‍ය නායකයින් හට ආදර්ශයට ගත හැකි කියමනකි.
    ‘ජනාධිපති කියන්නේ ඡන්දයකින් පත්වෙන මුල් පෙළේ රාජ්‍ය නිළධාරියෙක්.ඒක විශාල වගකීමක් තිබෙන රැකියාවක්.ජනාධිපතිවරයා වන පුද්ගලයා රජෙකුවත්,දෙවියෙකුවත්,නැතිනම් අර අපි‍්‍රකාවේ ගෝත‍්‍ර ජනතාව බුහුමන් කරන යකදුරෙකු වගේ පුද්ගලයෙකුවත් නෙවේ.
    ජනාධිපති කියන්නෙත් රජයේ සේවකයෙක්.මම හිතන්නේ රටේ නායකයා ජීවත් විය යුත්තේ රටක බහුතරය ජීවත් වන ආකාරයට කියා.එතකොට තමයි ඔහුට ඔවුන්ගේ සැබෑ දුක දැනෙන්නේ.තේරෙන්නේ.’


    24D5AD3F00000578-0-image-a-2_1421663132616.jpg


    24D5E7F000000578-2916545-image-m-5_1421665808538.jpg


    24D5E81C00000578-2916545-image-m-6_14216658311171.jpg


    2015 ජනවාරි මස 20 ලංකාදීප | කෝවිද ගුණසේකර
     
    • Like
    Reactions: markhaloce

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒකට අපේමන්ත්‍රීල උන්ඔක්කොටම හපන් පාර අතුගාලා මිනිස්සුත් යටකවනවා:angry:
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අපේ හිටපු කෙනත් ඔය වගේම තමයි... අපරාදේ කියන්න බැහැ:P. පැරදිලා මැදමුලනට වෙලා ඉන්නවා දැක්කහම ඔක්කාරෙට... සමාවෙන්න බඩ පපුව දාලා යනවා :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ හිටපු කෙනත් ඔය වගේම තමයි... අපරාදේ කියන්න බැහැ:P. පැරදිලා මැදමුලනට වෙලා ඉන්නවා දැක්කහම ඔක්කාරෙට... සමාවෙන්න බඩ පපුව දාලා යනවා :(

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BonziBUDDY