දුප්පත් මනුස්සයෙක් දෙන දානය පොහොසත් කෙනෙක් දෙන ඒ සමාන දානයට වඩා වටිනවා.
තමන්ට දුක් කරදර ගෙනත් දෙන කෙනාට කරන මෛත්‍රිය තමන්ගේ හිත මිතුරෙකුට කරන මෛත්‍රියට වඩා වටිනවා.
ශරීර ශක්තිය සෞඛ්‍යය අඩු කෙනෙක් දෙනා ශ්‍රමදානය හොඳ පුෂ්ටිමත් ශක්තිය ඇති කෙනෙක් දෙන ඒ සමාන ශ්‍රමදානය ට වඩා වටිනවා.
සීලය කඩන්න ඕන තරම් හේතු යෙදෙන අවස්ථාවක රකින සීලය, සීලය කඩන්න හේතු නො යෙදෙන අවස්ථාවක රකින සීලයට වඩා උතුම්.
පාරමී ගුණ ධර්ම වැඩීමේදී තමන් සතු වූ උවමනාව චිත්ත ශක්තිය කොපමනද කියන එක මත ලැබෙන ප්‍රතිඵලය උසස් වෙනවා. ශරීරයේ අඟපසඟ නැතිවුනත්, ජීවිතය නැති වුණත් කමක් නැහැ කියලා හිතාගෙන ගුණධර්ම වඩන කෙනාට ඒක දීර්ඝ කාලයක් සැප පිණිස පවතිනවා.