දුප්පත්_අයගේද?_බයිසිකලේ..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දුප්පත්_අයගේද?_බයිසිකලේ..

    නෙදර්ලන්තයේ Amsterdam නගරය තමයි ගමනාගමනය සඳහා පාපැදි බහුලවම භාවිතා කරන නගර අතුරින් පෙරමුණේ තිබෙන්නේ.
    දැනට අවුරුදු පහකට කලින් කරන ලද සංගණනයකට අනුව මේ නගරය තුල භාවිතා කරන පාපැදි සංක්‍යාව 800,000ක්:shocked::shocked:. ඒත් නගරයේ මුලු ජනගහනය 750,000ක්.
    දිනකට පාපැදිකරුවන් 490,000ක් පමණ මේ නගරයේ ගමන් කරනවා. ඔවුන් සියල්ලන්ම දිනකදී ගමන් කරන මුළු දුර [ප්‍රමාණය කිලෝමීටර මිලියන 2ක් පමණ වන බවයි ගණනය කර තිබෙන්නේ.
    Amsterdam නගරයට එන පාපැදිකරුවන්ට ගොඩක් පහසුකම් තිබෙනවා. පාපැදි වලට පමණක් වෙන්කර තිබෙන මාර්ග, පාපැදි ගාල් කිරීමට සෑදූ රාක්ක, අඩු මුදලකට පාපැදි ආරක්ෂා කිරීමට තැනූ ගරාජයන් මේවායින් කිහිපයක්.
    නගරය තුල තිබෙන ප්‍රවාහන ක්‍රම අතුරින් පාපැදිය තමයි මිල අඩුම, වේගවත්ම සහ සෞක්‍යයට හිතකර ක්‍රමය. පාපැදි වලට මාර්ගයේ අවශ්‍ය ඉඩ ඉතාමත් අවම නිසා වාහන තදබදයත් ගොඩක් අඩුයි.
    නගරය මධ්‍යයේ මගියන්ගෙන් 60%කුත් සමස්ත නගරයේම මගියන්ගෙන් 38%කුත් තමන්ගේ ගමන් බිමන් වලට පාවිච්චි කරන්නේ පාපැදිය.
    නගරය තුල පාපැදි වලටම වෙන්වූ මාවත් වල මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 400ක් පමණ වෙනවා. මේ නගරයේ මාර්ග අනතුරු වලින් මිය යන සංක්‍යාව ගොඩක්ම අඩුයි. 2007 වසරේ පමණක් මාර්ග අනතුරු වලින් මියගිය සංක්‍යාව 18ක්. ඒත් 2011 දී නම් මේක ටිකක් වැඩි වෙලා තියනවා ඉතිහාසයේ උපරිම මරණ ප්‍රමාණය වන 23ට:confused::confused:.
    ඒ වගේම තමයි ඉතින් බයිසිකල් හොරු ගොඩක් ඉන්නවා මේ නගරයේ. 2005 වසරේ පමණක් මේ නගරය තුල සොරකම් කර ඇති බයිසිකල් සංක්‍යාව 54,000ක්..:shocked::shocked:


    amsterdam-bicycles-8%25255B2%25255D.jpg


    amsterdam-bicycles-12%25255B2%25255D.jpg


    amsterdam-bicycles-14%25255B2%25255D.jpg


    amsterdam-bicycles1-1%25255B2%25255D.jpg


    amsterdam-bicycles-19%25255B5%25255D.jpg


    amsterdam-bicycles-20%25255B5%25255D.jpg


    amsterdam-bicycles-7%25255B2%25255D.jpg


    amsterdam-bicycles-15%25255B2%25255D.jpg


    amsterdam-bicycles-17%25255B2%25255D.jpg


    amsterdam-bicycles-18%25255B2%25255D.jpg


    amsterdam-bicycles-0%25255B5%25255D.jpg


    amsterdam-bicycles-6%25255B5%25255D.jpg


    amsterdam-bicycles-5%25255B5%25255D.jpg


    amsterdam-bicycles-4%25255B5%25255D.jpg


    amsterdam-bicycles-3%25255B5%25255D.jpg


    amsterdam-bicycles-1%25255B5%25255D.jpg


    pq0s_amsterdam_bicycle_taxi.jpg


    pq2s_amsterdam_bicycle_taxi.jpg


    pq1s_amsterdam_bicycle_dog.jpg
     
    Last edited: