දුම්බීම අත් හරින්න ක්‍රම කීපයක්

waca

Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    දුම්බීම අත් හරින්න ක්‍රම කීපයක්

    මේ ත්‍රෙඩ් එක ලියන මම අවුරුදු කීපයකට කලින් දුම්පානයට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ගොඩක්ම නෙමෙයි නමුත් මං දවසකට සිගරට් 5ත් 10ත් අතර ප්‍රමාණයක් අවුරුදු හතරක් විතර ගැහුවා. මම මේ ත්‍රෙඩ් එක ලියන්නෙ දුම්පානයෙන් මිදීමට මම පාවිච්චි කරපු උපාය මාර්ග අනිත් අයටත් කියල දීල ලංකාවෙ දුම්පානය කරන අයව මුදව ගන්න සුළුවෙන් හරි උපකාරයක් කරන්න. ඔබ දුම්පානය කරන්නෙ නැත්නම් මේක කියවල හරි මේකෙ තියෙන දේවල ඔබ හඳුනන දුම්පානය කරන කෙනෙකුට කියල දීල බලන්න ඇතැම්විට මෙය ප්‍රෙයා්ජයවත් වෙනවා ඇති. නැත්නම් බම්ප් එකක් හරි දීල යන්න.

    මට මේ ක්‍රමය ගැන මුලින්ම අදහස ආපු හැටි මං කියන්නම්. මම දවසක් නයිට් ශිෆ්ට් කරල උදේ පාන්දර වැඩ ඇරිල එනකොට මම යාළුවෙක් එක්ක පාර දිගේ සිගරට් එකක් මාරුවෙන් මාරුවෙන් මාරුවට බීගෙන ගියා (ඒ වෙනකොට පැක් එකේ තිබුනෙ එක සිගරට් එකක් නිසා) පාර හිටපු කොල්ලෙක් අපි දෙන්න දැකල සිගරට් එකක් තියෙනව තියෙනවද කියල ඇහුව. ඇහුව විදියෙන්ම තේරුනා සිගරට් නැතුව සැහෙන අමාරුවෙන් හිටපු පොරක් කියල. ඒ වෙනකොට අපි බීපු සිගරට් එකේ අන්තිමම හරිය. මම ඌට කිව්ව ඒ ගැන. ඒත් කමක් නෑ දෙන්න කියල කිව්ව. අපි කල්පනා කරා මොන මෝඩයෙක්ද ඒ කියල. මිනිහ ඒ ටික බීපු හැටි දැක්කම තමයි මට පොටක් පෑදුනෙ.

    මේකට මං යොදාගන්නෙ වෛද්‍ය විද්‍යාෙව බෙහෙත් titration කරනව වගේ දෙයක්
    මේකට මුලින්ම සිගරට් වලින් මිදෙනව කියල දැඩිව අදිශ්ඨාන කරගන්න අවශ්‍යයි (ශරීරයේ තැන්පත් වෙලා තෙයෙන නිකොටින් වගේ ඇබැබැහිකාරක නිසා අධිෂිඨානයම ප්‍රමාණවත් මදි). මේක ක්ෂණිකවම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි යම් කාලයක් යනව නමුත් මේක මට නං හරිගියා. ඔබ සිගරට් පැකට් පිටිං ගන්න කෙනෙක් නං මුලින්ම ඒක නවත්වල කඩෙන් සිගරට් එකක් දෙකක් වගේ ගන්න පුරුදු වෙන්න. ඔබ සාමාන්‍යයෙන් බොන සිගරට් ගණන හොයගන්න. දවසකට සිගරට් 10ක් බොනව නං ඊලඟ දවසෙ බොන ප්‍රමාණය අඩු කරන්න හිතාගන්න. කොහොම හරි සිගරට් එකක් නොබී උපරිම වේලාවක් ඉවසගෙන ඉන්න බලන්න එතකොට සිගරට් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට ඇඟෙන් සංඥාව එනව ඉක්මනටම සිගරට් එකක් බීපං කියල. ඒ වගේ ඉවසන්නමම බැරි තත්වෙට එනකොට සිගරට් එකක් බොන්න පටං ගන්න හැබැයි ඒ බොන ටික හොඳට enjoy කරනව කියල හිතාගෙන බොන්න ලොකු උගුරු කීපයක් බොන්න බොනකොට යම් සහනයක් දැනේවි. එතකොටම සිගරට් එක විසිකරන්න එහෙම නැත්නම් ගිණිගන්න හරිය කතුරකින් කපල හරි වෙනත් ක්‍රමයකින් ඉවත් කරන්න ඉතිරි කෑල්ල හිස් පැක් එක ඇතුලට දාගන්න (කාටවත් පේන්නෙ නැති වෙන්න කරන්න හොඳේ:baffled:) එතකොට සල්ලි ටිකක් හරි ඉතුරු කරගන්න පුලුවන් වෙයි. ඔය ක්‍රමයටම සිගරට් නොබී උපරිම වෙලාවක් ඉඳල උගුරු කීපයක් හොඳට උරන්න සිගරට් එකෙන් 3/4 වඩා ඉතුරු වෙයි ඒත කමක් නෑ සිගරට් එක විසිකරන්න නැත්නම් මං කියපු විදියට සිගරට් එකේ ඉතුරු ටික තියාගන්න. මෙතන සිගරට් වල තියෙන නිකොටින් වගේ ඇබ්බැහිකාරක වලින් ඇති කරන පෙළඹවීමට පළිතුරු දීමයි. මට නං උගුරු කීපයකින් සහනයක් ගත්ත. සිගරට් ශරීරගත වෙන ප්‍රමාණය අඩු වෙනකොට ඇඟේ තියෙන නිකටින් ප්‍රමාණයත් හෙමිහිට අඩුවෙනව මං හිතන විදියට. මට මේ විදියට smoking titration කරන්න මාස කීපයක් ගියා. මම 2013 මැයි මාසෙන් පස්සෙ සිගරට් එකක් කටේ තියල නෑ. මගේ මේ ක්‍රමය මට සාර්ථකයි කියල දැන් මට ප්‍රත්‍යක්‍ෂයි. මේ ක්‍රමයෙන් වෙන අයත් දුම්පානයෙන් මුදවාගැනීමට හැකිවේවා කියල මම ප්‍රාර්ථනා කරනව.

    ඔබ සැමට තෙරුවන් සරණයි
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    හිතේ හයිය තියනවානම් ගේමක් නෙමේ බං. මම 2004දි එක රෑට සිගරැට් පැක් එකක් ගානෙ ඉවර කලා වැඩ කරන ගමන්. 2005දි උපන්දිනේ දවසෙදි ආයෙ බොන්නෑ කියලා හිතා ගත්තා. එදායින් පස්සේ මේ වෙනකල් පාටියකදි එකක් බීවොත් ඇරෙන්න බොන්නෙම නෑ. කොහොමත් අවුරුද්දකටම එක පැකට් එකක් විතර බොන්නේ දැං
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එකතරා හේතුවක් නිසා කාලයක් සෑහෙන්න සිගරට් බිව්වා... පස්සේ ටික ටික අඩු කරා.. දෑන් නම් දවසට 2ක් විතර ගෑහෙනවා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් බොනවා දැන් දවසට 5 හෝ 6. නවත්තන්න කිසිම අදහසක් නැහැ
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    maath bonawa,. eth mata ona welawaka nawattala bonne nathiwa maasa ganak wunath inna puluwan. anthimata ekak biwe 2 months ago :D
    a wagema bonna hitunoth dawasata 20 pack 1k wage bonnath puluwan. ita wadath dawasata beela tiyenawa. bonna gatta muladi wage nam tibba hema welema bonna hithena scn ekak but dan nam ehema aniwa ona kiyala aasawak na.

     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    lauren-smoking-gif.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    ai ban sicarat bonne minissu math bila thiyanawa mata mukuth wenasak nane
    වෙනසක් දැනෙන්න යම් කාලයක් බොන්න ඕන එතකොට තමයි ඇඩික්ෂන් එක එන්නෙ. මට නං ඒ කාලෙ ප්ලේන්ටියක් ගැහුවොත් දුමක් ඕනමයි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නම් කියන්නෙ සිගරට් බොන කල්චර් එකෙන් මිදෙන්න ඔනෙ කියල.මම කලින් වැඩ කරපු තැන තිබ්බෙ තනිකර සිගරට් බොන කල්චර් එකක්. දවල්ට කාල ඔක්කොම දුවනවා දුමක් දාන්න උදේ වැඩට එන්න කලිනුත් හවස වැඩ ඇරිලත් සෙට් එක ඉන්නවා.සමහරු තේවෙලාවටත් නිකනුත් යන අය හිටියා .මම ඔය තුන් වෙලට තමයි පුරුදු වෙලා හිටියේ.
    ඔන්න ජොබ් එක මාරු කරන්න වුනා.මෙතන ඉන්න එකෙක් වත් සිගරට් බොන එවුන් නෑ. ඉස්සරම මම හොරෙන් හොරෙන් දවල්ට ගිහින් බීල එනවා එහෙම ආවත් ගද නිසා අප්සට් අනික් උන්ට දැනෙයි කියල. එහෙම නැත්නම් හවසට වැඩ ඇරිල දුවන්නෙ දවසෙම ඉවසගෙන හිටපු එක ශපාන් එකේ අදින්න. ඔහොම ගිහින් මටම වැඩේ එපා වුනා.අනික් සීන් එක තමයි මම ඩන්හිල් ස්විච් එක තමයි ගැහුවෙ මෙහ ලග කඩවල ඩන්හිල් නෑ ගොල්ඩ් ලීෆ් එක අන්තිම කාලෙ ඇදගන්න අමාරු වුනා එකෙනුත් පොයින්ට් එකක් ආවා දැනුත් ඩ්‍රින්ක් එකක් දානකොට බොනවා ට්‍රිපක් ගියාමත් බොනවා නමුත් ඩෙලි බොන්න අවශ්යනෑ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හිතේ හයිය තියනවානම් ගේමක් නෙමේ බං. මම 2004දි එක රෑට සිගරැට් පැක් එකක් ගානෙ ඉවර කලා වැඩ කරන ගමන්. 2005දි උපන්දිනේ දවසෙදි ආයෙ බොන්නෑ කියලා හිතා ගත්තා. එදායින් පස්සේ මේ වෙනකල් පාටියකදි එකක් බීවොත් ඇරෙන්න බොන්නෙම නෑ. කොහොමත් අවුරුද්දකටම එක පැකට් එකක් විතර බොන්නේ දැං

    හිත ඇත්නම් පක කුඩාද කිව්වලු ..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ai ban sicarat bonne minissu math bila thiyanawa mata mukuth wenasak nane

    හරියට බීපන් එතකොට වෙනස දැනෙයි උබ සිගරට් එක බිලා නෙමේ තියෙන්නේ සිගරට් එක පුච්චලා ...:angry: දුම් වලින් කට හෝදන්න නෙමේ සිගරට් තියෙන්නේඩෝ:angry: