දුම්රියේ සොදුරු රුවැත්තිය
දුම්රියේ සොදුරු රුවැත්තිය
ලන්ච් ටයම් එකේ ඔපීසියෙන් පැන්න මම
පැය ගානක් කට්ට කාපු හැටි
කොටුවේ ස්ටේශන් මාස්ටර් ගෙන් අහන්න
වඩේ අයියත් සාක්කි දරාවි
එදා වගේම අදත්
4.30 යන්න ඔබ එතැයි කියා
කොච්චි පෙට්ටි පීරපු හැටි
මේ දෑස් සාක්කි දරාවි
දුසිම් ගනන් යැවූ කෙටි පණිවුඩ
Sent විතරක් වී Inbox නොවූ කල
පිලිතුරක් නොලද ඇමතුම් ගණන
මේ දුරකතනය සාක්කි දරාවි
අනේ සොදුරු රුවැත්තිය
කිමද මා හා සිනාසී
මේ සිත වශී කලේ
මේ හදවත සාක්කි දරාවි
නන්නාදුන ලෙස හමුවී
ඇස් වලින් දොඩමළු වී
කිම ද රිදවූයේ මේ සිත මෙතරම්
ආලය මෙතරම් කුරිරුද සොදුරිය
ලන්ච් එක තාමත් බෑග් එකේ
Author- Bad Cop
ලන්ච් ටයම් එකේ ඔපීසියෙන් පැන්න මම
පැය ගානක් කට්ට කාපු හැටි
කොටුවේ ස්ටේශන් මාස්ටර් ගෙන් අහන්න
වඩේ අයියත් සාක්කි දරාවි
එදා වගේම අදත්
4.30 යන්න ඔබ එතැයි කියා
කොච්චි පෙට්ටි පීරපු හැටි
මේ දෑස් සාක්කි දරාවි
දුසිම් ගනන් යැවූ කෙටි පණිවුඩ
Sent විතරක් වී Inbox නොවූ කල
පිලිතුරක් නොලද ඇමතුම් ගණන
මේ දුරකතනය සාක්කි දරාවි
අනේ සොදුරු රුවැත්තිය
කිමද මා හා සිනාසී
මේ සිත වශී කලේ
මේ හදවත සාක්කි දරාවි
නන්නාදුන ලෙස හමුවී
ඇස් වලින් දොඩමළු වී
කිම ද රිදවූයේ මේ සිත මෙතරම්
ආලය මෙතරම් කුරිරුද සොදුරිය
ලන්ච් එක තාමත් බෑග් එකේ
Author- Bad Cop




