දුම්රිය වැඩ වර්ජනය

shi_ra

Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    දුම්රිය වැඩ වර්ජනය



    පහුගිය ටිකේ මගී ජනතාව බිල්ලට ගනිමින් දැනටද ලබන වැඩි පඩිය ගැන ඉල්ලීම් කිහිපයක් නිසා වැඩ වර්ජනය කරපු දුම්රිය සේවකයන් කාලයක් තිස්සෙේ ඉල්ලමින් සිටි ඉල්ලීමක් ලබා දෙමින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් විදියට ගැසට් කරාලු අද.

    දැන් ඉතින් වැඩ වර්ජනය කරොත් හිරේ...

    කට්ටිය මොකද කියන්නෙ තීරණය ගැන



    දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරයි
    June 27, 2019 01:55 pm


    ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු යම් සේවකයෙකු වැඩ වර්ජනයක නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසයි.

    කටුනායකදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    - http://sinhala.adaderana.lk
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ට්‍රේන් එලෝන උන් හිතාන ඉන්නේ උන් ඉන්නේ තාම සුද්දගේ කාලේ කියල.
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    මුන් ඕ ටී එක්ක ලක්ස 3ක් 4ක් ගන්න එවුන් ඉන්නවා බං. මම දැක්කා ගිය සතියෙ ස්ට්‍රයික් එක දවසෙ මිනිස්සු අඩ අඩ ඉන්නවා ස්ටේසන් වලට වෙලා.. ගිය අවුරුද්දෙත් එහෙම උනා..

    හොද වැඩෙ ඕකුන්ට අන්තිමට ඉල්ලං කා ගත්ත දැන් උවමනා දෙයකට වත් ස්ට්‍රයික් එකක් කරන්න බෑ.. පොලිසිය වගෙ කට වහන් දවස් 365ම වැඩ කරන්න වෙනවා