දුම්වැටිය ඔබේ මාරයා

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    දුම්වැටිය ඔබේ මාරයා

    ciga2.jpg


    දුම්වැටි පාණය එක්තරා ජාතියේ මානසික රොගයක්.

    smoking-2.jpg


    දුම්වැටි පාණය කිරීම එහෙමත් නැත්නම් සිගරට් බොනවා කියලා කියන්නේ මොකක්ද ? කෙටි උත්තරය එය එක්තරා ජාතියේ මානසික රොගයක්. එහෙනම් දුම්වැටියට මොනවද කරන්න පුළුවන්. ඇත්තෙන්ම කිව්වොත් දුම්වැටියට කරන්න පුළුවන් ඔබේ සහ ඔබේ අසල්වාසීන්ගේ සෞඛ්‍යට අයහපත් බලපෑමක් එල්ල කරන්න පමණයි. ඔබ දන්නවද දුම්වැටි පාණය කරන පුද්ගලයෙකුට වඩා දැල්වෙන දුම්වැටියක් අසල සිටින පුද්ගලයෙකුට එය මාරාන්තික වන බව ? ඇත්තෙන්ම බොන පුද්ගලයාට වගේම ඒ අවට සිටින පුද්ගලයන්ට දුම්වැටිය මාරාන්තිකයි.

    මුඛ පිළිකා, පෙනහලු පිළිකා සහ වෙනත් මාරාන්තික රෝග රැසක් දුම්වැටිය ඇතුලේ හැංගිලා ඉන්නවා කියලා ඔබ දන්නවාද ? ඒ විතරක් නෙමේ ලස්සනට තියෙන ඔබේ මුහුණ අවලස්සන කරන්නත් දුම්වැටියට පුළුවන්. ඔබේ රූසපුව හෝ ඔබේ කඩවසම් පෙනුමට ආදරේ කරනවනම් දුම්වැටියෙන් ඈත්වෙන්න, ඈත්කරන්න අමතක කරන්න එපා.

    20.jpg


    ඔබ දන්නවද වැඩි පුරම සිගරට් එකට ගොදුරු වන්නේ කවුද කියලා ? බහුතරය උසස් පෙළ අවසන් වූ දරුවන්. ඔවුන් අතරට මේ සිගරට් කියන මාරයා ගමන් කරන්නේ සියයට අනූනවයක්ම යහළුවන් හරහා. එතකොට ඉතුරු සියයට එක ? ඒ වෙන කවුරුත් නෙමේ වැරදි ආදර්ශන් ගෙන දෙන වැඩිහිටියන් වන අයියලා අක්කලා සහ දෙමා පියන්.

    දුම්වැටියට ඇබ්බැහි වූ පුද්ගලයන්ට එයින් ගැලවෙන්න අමාරුයි කියලා කියන්නේ ඇයි ? දුම්වැටි පාණය ඒක මානසික පීඩනයක් එයට ඇබ්බැහිවූ පුද්ගලයෙකුට ගැලවීමට අවශ්‍යනම් මානසික වෛද්‍යවරයෙකුගේ සහය පැතීම නුවණට හුරු තීරණයක්. වෛද්‍ය සහය අවශ්‍ය නෑ කියලා හිතුනොත් ඒ පුද්ගලයා යලිත් එයට ඇබ්බැහි වීමට ඉඩතියනවා.

    ඔබ දන්නවාද ඔබේ අතේ පමණට වඩා මුදල් ගැවසීම දුම්වැටි පාණයට තවත් එක් ප්‍රධාන සාධකයක් කියලා. දෛනික අවශ්‍යතාවයන්ට පමණක් වියදම් කිරීමට අවශ්‍ය මුදල් ඔබේ අතේ තබා ගැනීම දුම්වැටියෙන් ඔබට ගැලවීමට මගපෙන්වන අතර ඔබේ ආර්ථිකයටත් යහපත් විය හැකියි. අම්මේ තාත්තේ ඔබේ දරුවාට අත්‍යවශ්‍ය දෙයට පමණක් මුදල් ලබා දෙන්න.

    අපිට යහළුවන් අවශ්‍යයි. අපිට යහළුවෝ ගොඩාක් ඉන්නවා ඒත් ලගින්ම ආශ්‍රය කරන්නේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පමණයි. ඔබ යහළුවන් තෝරාගැනීමේදී දුම්වැටි පාණය නොකරන යහළුවන් ලංකරගැනීමට බිය නොවන්න. ඒකෙන් කියන්නේ අනිත් යාළුවන් සමග තරවෙන්න කියලා නෙමෙයි. ඒ අයටත් දුම්වැටියෙන් ඈත්වෙන්න උදව්කරන්න.

    දුම්වැටියක වර්තමාන මිල රුපියල් 25යි. දිනකට දුම්වැටි 10ක් බොන පුද්ගලයෙකු දවසකට රුපියල් 250ක්, සතියකට රුපියල් 1750 ක්, දවස් 30කට රුපියල් 7500ක්, අවුරුද්දකට රුපියල් 90,000 දහසක් අවුරුදු දහයකට රුපියල් ලක්ෂ 10 ක් ඒ කියන්නේ රුපියල් මිලියනයක් දුම්වැටි සදහා වැයකරනවා. ඔබ දුම්වැටි පානය කරනවා වෙනුවට එම මුදල් බැංකුවේ තැන්පත් කරනවානම්, අවුරුදු 10ක් අවසානයේ රුපියල් ලක්ෂ 10ට අමතරව එම මුදලට පොලියත් සමග ඔබ රුපියල් ලක්ෂ 11කට පමණ හිමිකම් පුද්ගලයෙක්.

    එහෙනම් දුම්වැටියෙන් ඈත්වෙන්න සහ ඈත්කරන්න ඔබත් දුම්වැටියට විරුද්ධ වෙන්න.

    smoking-137925247.jpg


    පොදුස්ථානයක දුම්වැටි පානය කිරීම නීති විරෝධිවන අතර වයස අවුරුදු 21න් පහල අයට දුම්වැටි අලෙවි කිරීමද නීතිවිරෝධියි. එවැනි ස්ථාන තියනවානම් ලගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න.

    දුම්වැටියේ තියෙන භයානක කම පෙන්වා දෙමින් එයින් අපේ සමාජය ගලවාගන්න වෙරදරන අපේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සියළුම නිළධාරීන්ටත්, නීතිය සහ සාමය ආරක්ෂා කරන පොලීස් නිළධාරීන්ටත් අපේ හදපිරි ස්තූතිය සහ සහයෝගය මේ මොහොතේ අපි පුදකර සිටිනවා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    පේනවා නේද දුම්බීමේ ආනිසංස? :(ක් කරගෙන ඉන්න විදිහෙන් කියන්න පුලුවන් දුම්කෝච්චියක් කියලා... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පේනවා නේද දුම්බීමේ ආනිසංස? :(ක් කරගෙන ඉන්න විදිහෙන් කියන්න පුලුවන් දුම්කෝච්චියක් කියලා... :P
    adu karala tiyenne.....
    eith me dawas wala awul pita nisa 4k witara pewenawa........
    nettan 1-2k thama uparima:dull::dull:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මාත් හැබයි දවසට 2ක් වාගේ තමයි..:baffled:.දැන්නම් සමහර දවස්වලට බොන්නෙම නැහැ...:dull::D
    දැන්නම් පොඩ්ඩක් ශේප් කරගෙන යනවා....:yes:
    අපේ මමා කෙනෙක් ඉන්නවා තවම මුකුත් සීන් නැහැ හැබයි මාර විදියට බොන්නේ.එක්ක ඉවරවෙනකොට එකෙන් තව එකක් පත්තු කරගන්නවා........:P:D:eek:මිනිහනම් සහෙන්න ඇඩික්ටඩ් තවම ලෙඩක් හැදිලා නැහැ.හැබයි.:rolleyes::D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජොනී බට්ට;16881742 said:
    අයි ඩෝන්ට් කෙයා:rofl: පටන්ගත්තේ 15න්, මාසෙටම 3-4ක් හොරෙන් ගැහුව දැන්නම් දවසට 6ක් වත් බෝමි :confused::rofl:

    :shocked: බුදුඅම්මෝ...නිවාඩු වෙලාවක මහරගම පැත්තේ ගිහින් එන්න...සිගරට් එපාවෙයි..:yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ජොනී බට්ට;16881742 said:
    අයි ඩෝන්ට් කෙයා:rofl: පටන්ගත්තේ 15න්, මාසෙටම 3-4ක් හොරෙන් ගැහුව දැන්නම් දවසට 6ක් වත් බෝමි :confused::rofl:
    ඔයිට වඩා වැඩ ගානක් මම පාවිච්චි කරා...:oo:දවසට 10කට කිට්ටු වෙන්න වාගේ.:eek:.ඉටපස්සේස අඩුකරගෙන හිමින් සැරෙ ගියා................දැන්නම් 2ක් වාගේ රෙට් එකේ තමයි යන්නේ.:D:yes::dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔයිට වඩා වැඩ ගානක් මම පාවිච්චි කරා...:oo:දවසට 10කට කිට්ටු වෙන්න වාගේ.:eek:.ඉටපස්සේස අඩුකරගෙන හිමින් සැරෙ ගියා................දැන්නම් 2ක් වාගේ රෙට් එකේ තමයි යන්නේ.:D:yes::dull:

    දවසට පැකට් එකක් ඉවර කරා a/l කරන කාලේ. දැන් 6කට අඩු කරලා තියෙන්නේ. එත් හිටපු ගමන් 10ක් 15ක් අදිනව :rofl:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ජොනී බට්ට;16881774 said:
    දවසට පැකට් එකක් ඉවර කරා a/l කරන කාලේ. දැන් 6කට අඩු කරලා තියෙන්නේ. එත් හිටපු ගමන් 10ක් 15ක් අදිනව :rofl:

    bonna aepa oya mala jarawa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adu karala tiyenne.....
    eith me dawas wala awul pita nisa 4k witara pewenawa........
    nettan 1-2k thama uparima:dull::dull:

    පුදුමේ කියන්නේ මං දන්න කියන සිරාවටම හොඳ මිනිස්සු කරන ගොන් බූරුම වැඩේ තමා ඕක. :dull:

    අනේ මංදා කොහොම හරි ජීවිතේ එක කාලෙකදි පුරුදු වෙච්ච එක අතාරින්නෑ..:sorry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජොනී බට්ට;16881774 said:
    දවසට පැකට් එකක් ඉවර කරා a/l කරන කාලේ. දැන් 6කට අඩු කරලා තියෙන්නේ. එත් හිටපු ගමන් 10ක් 15ක් අදිනව :rofl:

    අමාරුවෙන් හරි නවත්තලම දාන එක තමා හොඳම වැඩේ මමත් දැනට අව්රුදු 06 කට වගේ කලින් දවසකට 04ක් වගේ බිව්වා.දැන් නම් කටේ වත් තියන්නේ නැහැ කිසිම දෙයක්,(හදිසියේ වත් බිව්වොත් පහුවදා උදේට අමුතු ගඳක් දැනෙනවා දැන්, ඒ නිසා කොහොමත්ම බොන්නේ නැහැ )
     

    Similar threads