දුම්වැටිවලට_එරෙහි_නව_පනතක් . . .
දුම්වැටිවලට එරෙහි නව පනතක් . . .
දුම්වැටි භාවිතය පාලනය කිරීම සඳහා දැඩි නීතිරීති ඇතුළත් නව ගැසට් පත්රයකට අනුමැතිය ලබාදීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත . . .
නව ගැසට් පත්‍රයට අනුව දුම්වැටි නිෂ්පාදනය කරන සියලුම සමාගම් දුම්වැටි අසුරණයේ දුම්වැටි භාවිතය නිසා හටගන්නා මුඛ හා පෙනහලු පිළිකා සම්බන්ධ ඡායාරූප සහ උපදෙස් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි . . .
මේ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැතිවරයා අනුමැතිය ලබාදීමෙන් පසුව දුම්කොළ සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව කටයුතු කරන බවට වාර්තා වී තිබේ . . .
දුම්වැටි භාවිතය නිසා පෙනහලු හා මුඛ පිළිකා හටගන්නා බව ප්‍රචාරණ දැන්වීම්වල ද ඇතුළත් කළ යුතු බව නව ගැසට් පත්‍රයේ සඳහන් වේ . . .
වසර ගණනාවක් තිස්සේ හිර වී තිබූ රටට අත්‍යවශ්‍ය නීතියකට අනුමැතිය ලබාදීමෙන් සුවහසක් මහජනතාවට සෙතක් සැලසෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි . . .
දුම්වැටි නිෂ්පාදන අලෙවි කිරීමේදී හා ප්‍රචාරය කිරීමේදී පෙනහලු හා මුඛ පිළිකා සම්බන්ධයෙන් ඇතුළත් කළ යුතු බවට දුම්කොළ සමාගම්වලට දැනුම් දී තිබුණත් ඒවා ක්‍රියාත්මක නොකිරීම නිසා මේ පියවර ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත . . .
නව ගැසට් පත්‍රයට අනුව කටයුතු නොකරන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පවසයි . . .
පෙනහලු සහ මුඛ පිළිකා හට ගැනීමට දුම්වැටි භාවිතය ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි . . .