දුම්වැටි නිසා මාසයකදී 7875ක්‌ මියයති

sweets

Banned
Jul 2, 2011
297
160
0
දුම්වැටි නිසා මාසයකදී 7875ක්‌ මියයති

කුමන හෝ හේතුවක්‌ මත දිනකට මියයන සංඛ්‍යාව 950 ක්‌
මත්පැන් හා දුම්වැටි නිසා මාසයකදී 7875ක්‌ මියයති


අජිත් අලහකෝන්

මත්පැන් සහ දුම්වැටි භාවිතය නිසා මාසයකට ශ්‍රී ලාංකිකයන් හත්දහස්‌ අටසිය හැත්තෑ පස්‌දෙනකු (7875) මරණයට පත්වන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ පැවැති උත්සවයකදී කීය.

ඒ අනුව දිනකට පුද්ගලයින් 263 දෙනෙකු මත්පැන් හා දුම්වැටි නිසා මියයන බව කී ඇමැතිවරයා කුමක්‌ හෝ හේතුවක්‌ නිසා දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 950 ක්‌ (මසකට 28500 ක්‌) මියයන බවද පැවැසුවේය.

මත්පැන් හා දුම්වැටි භාවිතය නිසා මියයන අයගේ මරණයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ හෘදයාබාධ, පිළිකා සහ ආඝාතය යෑයිද කී ඇමැතිවරයා රජය මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කළද

අධික ලෙස මත්පැන් හා දුම්වැටි භාවිතය බරපතල ලෙස සිදු වන්නේ යෑයිද පැවැසීය.

කෙසේ වෙතත් මාසයකට සිදුවන උපත් සංඛ්‍යාව 36000 ක්‌ පමණ වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

 

sweets

Banned
Jul 2, 2011
297
160
0
දුම්වැටි භාවිතයට පුරුදුවී සිටින සිරකරුවන් සඳහා දුම්වැටි වෙනුවට කැරට්‌ බෙදාදීමට නවසීලන්තයේ බන්ධනාගාර බලධාරීන් තීරණය කර ඇත. බන්ධනාගාර තුලදී දුම්වැටි භැවිතය ලබන ජූලි 01 දින සිට තහනම් කර තිබීම මෙයට හේතුව වී ඇත.
විශාල ප්‍රමාණයේ කැරට්‌ අල දුම්වැටියක හැඩයට සකස්‌ කර අවශ්‍ය අයට එය ආදේශකයක් ලෙස භාවිත කිරීමට ලබාදෙනු ඇත.
මෙය සාමාන්‍ය විහිළුවක් ලෙස නොගැනෙන බවත් මෙය හොඳ අත්හදා බැලීමක්‌ බවත් බලධාරීහු පවසති.
carrot_1909039c.jpg

carrot-and-cigarette.jpg


 

sweets

Banned
Jul 2, 2011
297
160
0
දිනකට රු.කෝටි 15ක්‌
අළු කරන නොනිමෙන දැල්ල


cigerette.bmp
දුම්වැටි පානය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට දිනකට රුපියල් කෝටි 15 ක අලාභයක්‌ සිදුවන බව ඇඩික්‌ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතා පසුගියදා පැවැති ලෝක දුම්වැටි විරෝධී දිනය පිළිබඳ සම්මන්ත්‍රණයකදී පවසා තිබිණි.

දුම්වැටි පානය හේතුවෙන් එය සිදුකරන තැනැත්තාට, එම තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ට හෝ පොදුවේ සමාජයට අයහපතක්‌ මිස යහපතක්‌ සිදු නොවීම නිසා මෙම ප්‍රකාශය ඉතා වැදගත් එකක්‌ බව පෙනීයයි. දුම්වැටි පානයට යොමුව ඇති තැනැත්තා දුම්වැටියක්‌ දල්වාගත් අවස්‌ථාවේ සිට එය උරා අවසන් වන අවස්‌ථාව දක්‌වාම එම දුම්වැටියෙන් නිකුත්වන දුම එම තැනැත්තා පමණක්‌ නොව පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් පවා රෝගී කිරීමට සමත් බව වෛද්‍ය මතයයි.

ඇතැම් අවස්‌ථාවලදී දුම්වැටි පානය කරන තැනැත්තාට වඩා එම දුම්වැටියෙන් නිකුත්වන දුම ආශ්වාස කරන එම තැනැත්තා අසල සිටින බිරිය, දරුවන් නැතහොත් අසල්වැසියන් බරපතළ සේ රෝගාතුර වීමට ඉඩකඩ පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. දුම්වැටියෙන් නිකුත්වන දුමෙහිs අන්තර්ගත නිකොටින්, තාර, කාබන් මොනොක්‌සයිඩ් ඇතුළු විෂ සංඝටකයන් මිනිසා පිළිකාවන් වැනි බරපතළ රෝග තත්ත්වයන්ට ඇද දමන බවට වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ අද ඊයේ නොවේ.

එහෙත් අවාසනාවකට මෙන් දුම්වැටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව දැන දැනත් තමාත් තම පවුලේ සාමාජිකයනුත් දැන දැනම අනතුරේ හෙළන පුද්ගලයෝ තවමත් අප සමාජයේ සිටිති. මෙම පුද්ගලයන් හුදෙක්‌ තම ආශ්වාදය පිළිබඳව සැලකිලිමත් වනවා හැරෙන්නට දුම්වැටි පානයෙන් තමා ඇතුළු පවුලේ සාමාජිකයන් රෝගාතුර තත්ත්වයට පත්වන බව හෝ එමගින් පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද අයහපත් බලපෑම් ඇතිවන බව නොතැකීම කනගාටුවට කරුණකි.

දැඩි ආර්ථික අහේනියකින් පෙළෙන පවුල්වල දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් තම පවුලේ සාමාජිකයන් හාමතේ පසුවුවද දුම්වැටියක්‌ දල්වා ගැනීම සඳහා කෙසේ හෝ මුදල් සොයා ගැනීමට පසුබට නොවෙති. මෙයට හොඳම නිදසුනක්‌ වනුයේ මෙරට සමෘද්ධි දීමනාලාභීන්ය. අඩු ආදායම් පවුල්වලට ලබාදෙන සමෘද්ධි දීමනාව ලබන පවුල්වල පුද්ගලයන් තම පවුලට හිමිවන සමෘද්ධි දීමනාව මෙන් දෙගුණයකට අධික මුදලක්‌ දුම්වැටි පානය සඳහා වැය කරන බව අනාවරණය වී තිබේ.

2002 වසරේදී සමෘද්ධිලාභී පවුල්වලට ලබාදුන් දීමනාව සඳහා රජය රුපියල් මිලියන 840 ක්‌ නිකුත් කරන විට සමෘද්ධිලාභීන් දුම්වැටි පානය සඳහා රුපියල් මිලියන 1825 ක්‌ වැයකර ඇතැයි හිටපු සමෘද්ධි විෂය භාර ඇමැතිවරයා විසින් ප්‍රකාශ කර තිබිණි. මෙය දුම්වැටි පානයට කුමන තහංචි පැනවුවද මෙරට තවමත් ක්‍රියාත්මකව පවතින බව සනාථ කරන්නකි. මෙරට දුප්පත්කමට ප්‍රධාන හේතුවක්‌ බවට අද දුම්වැටි පානය පත්ව තිබේ.

සැබැවින්ම මෙම තත්ත්වය මගහරවා තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක්‌ වන ශ්‍රී ලංකාව දුම්වැටි පානයෙන් තොර රටක්‌ බවට පත්කරලීමේ දැවැන්ත අභියෝගය වර්තමානයේ සෞඛ්‍ය බලධාරීන් ඉදිරියේ පවතී. දුම්වැටි ඇතුළත් පැකැට්‌ටුවල ඉදිරිපස කොටසෙහි වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට දුම්වැටි අලෙවිය තහනම් කර ඇති බව සඳහන් කර ඇතත් එම නීතියේ සිදුරෙන් රිංගා දුම්වැටි වයස අවුරුදු 18 න් පහළ තරුණයන්ට අලෙවි කෙරෙන අවස්‌ථා කොතරම් සංඛ්‍යාවක්‌ දිනපතා වාර්තා වන්නේද?

මෙසේ දුම්වැටි පානය කර හසු වූ පාසල් සිසුන් හා පාසල් හැරගිය වයස අවුරුදු 18 ට අඩු තරුණයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව නිරතුරුව ම වාර්තා වේ.

මෙයින් පෙන්නුම් කෙරෙනුයේ දුම්වැටි පානය වයස අවුරුදු 18 ට අඩු තරුණයන් අතට පත්වීම වැළැක්‌වීම සඳහා ගෙන ඇති පියවරයන් ප්‍රමාණවත් නොවන බව නොවේද? තරුණයන් හැරුණු විට වැඩිහිටියන් හෝ දුම්වැටි පානයෙන් මුදා ගැනීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බව සනාථ වී තිබේ.

 

sweets

Banned
Jul 2, 2011
297
160
0
දුම්වැටි පානයෙන් සමාජයේත් තරුණ පිරිස්‌ මුදාගැනීමට බලධාරීන් උත්සාහ දරන විටදී එයට සහාය දක්‌වන බව පෙන්වාදෙමින් වෙනත් උපක්‍රමවලින් එම තරුණ පිරිස දුම්වැටි කරා අද්දවා ගැනීමටද වර්තමානයේ උපක්‍රමයන් යොදා ගනිමින් පවතී. මෙම තත්ත්වයන් ලොව ජනප්‍රිය කලාකරුවන් හා ක්‍රීඩකයන් හරහා සිදුකෙරෙන බව අනාවරණය වී තිබෙයි.

විශේෂයෙන්ම ප්‍රසිද්ධ හොලිවුඩ් හා බොලිවුඩ් නළුනිළියන් විසින් දුම්වැටි පානය කිරීමේ දර්ශනයන් සිනමා පටවලට ඇතුළත් කර දුම්වැටි සඳහා තරුණ ආකර්ෂණය වැඩිකර ගැනීමට මෙහිදී උත්සාහ දැරේ.

ඇතැම් නළු - නිළියන් හා ක්‍රීඩකයන් විවිධ උත්සව අවස්‌ථාවන්හිදී දුම්වැටියක්‌ අතෙහි රුවාගෙන සිටින, නැතහොත් එය දල්වන අවස්‌ථාවන් ඡායාරූප හරහා ප්‍රසිද්ධ කිරීමද දුම්වැටි, පිළිබඳව සිදු කරන නවතම ප්‍රචාරණ ක්‍රමයක්‌ වී තිබේ.

මෙසේ තරුණ පිරිස්‌ දුම්වැටි කරා ආකර්ෂණය කරගනිමින් පවතින වාතාවරණයක්‌ තුළ බටහිර රටවල නිකුත් කෙරුණු ඇතැම් දුම්වැටි බහාලු ඇසුරුම් මත "දුම්වැටි පානය අන්ධභාවයට හේතුවේ" යනුවෙන් සඳහන් කර තිබීමේ පුවතක්‌ පිළිබඳව ද වාර්තා වේ. සැබැවින්ම එම දුම්වැටි ඇසුරුමෙහි සඳහන් පණිවුඩයෙන් කෙළින්ම පවසනුයේ දුම්වැටි පානය අන්ධභාවයට හේතුවන බවයි. එය කාහටත් පෙනෙන අයුරින් විශාල අකුරින් මුද්‍රණය කර තිබීමද විශේෂත්වයකි. එහෙත් මෙරට භාවිත වන දුම්වැටි ඇසුරුම්වල වයස අවුරුදු 18 න් පහළ වයස්‌වල පසුවන්නන්ට දුම්වැටි අලෙවිය තහනම් බව හා දුම්වැටි පානය පිළිකා හා හෘද රෝගවලට හේතු විය හැකි බව සඳහන් කර ඇත්තේ බොහෝ දෙනකුට නොපෙනෙන අයුරින් කුඩා අකුරිනි.

දුම්වැටි පානය ප්‍රසිද්ධ ස්‌ථානවල හා බස්‌ රථවල සිදුකිරීම නීතියෙන් තහනම් වුවද තවමත් එම නීතිය කඩ කරමින් ක්‍රියා කරන පුද්ගලයන් දක්‌නට ලැබේ. මෙවැනි තත්ත්වයක්‌ තුළ දුම්වැටි පානය හේතුවෙන් හා දුම්වැටියෙන් නිකුත් කෙරෙන දුම ආශ්වාස කිරීම හේතුවෙන් පෙණහලු ඇතුළු පිළිකා තත්ත්වයන්ට ගොදුරු වූවන් වෙනුවෙන් රජයට ප්‍රතිකාර වශයෙන් විශාල මුදලක්‌ වාර්ෂිකව වැය කිරීමට සිදුව තිබේ.

මෙසේ දුම්වැටි පානය හේතුවෙන් පිළිකාවන්ට හා වෙනත් රෝගාබාධයකට ගොදුරුවූවෙකු පවුලේ එකම ආදායම්ලාභියා නම් එමගින් එම පවුලට අත්වනුයේ ද ෙ€දජනක ඉරණමකි. එවැනි පවුලකට ආදායම අහිමිවීමට අමතරව සමාජයටද බරක්‌ වීමට සිදුවේ.

දුම්වැටි පානය පිළිකාවන් හා හෘද රෝගවලට අමතරව, මලබද්ධය, අංශභාගය වැනි රෝග තත්ත්වයන්ට ද හේතුවන බව සමාජයේ බොහෝ දෙනකු දැනසිටී. එහෙත් දුම්වැටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව දැනදැනත් දුම්වැටියක්‌ දල්වා ගනු ලබන්නා සිදුකරනුයේ තමන්වම රවටා ගැනීමක්‌ නොවේද?

දුම්වැටි පානය අධෛර්යමත් කිරීම සඳහා නීතිරීති ගෙන, ඒවට අමතරව දුම්වැටිවල මිල ගණන් ඉහළ දැමීමටද රජයකට සිදුකළ හැකිය. දුම්වැටියක මිල වැඩි කළ විටදී රජයේ බදු ආදායම ඉහළ ගොස්‌ දුම්වැටි භාවිතය අඩුවී ඇතිබව සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. දුම්වැටියක මිල සියයට 10 කින් වැඩි කළහොත් තරුණයන් හා දුගී භාවයෙන් පෙළෙන්නන් අතර දුම්වැටි භාවිතය සියයට 3 කින් පමණ අඩු කළ හැකි බව වෛද්‍ය විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ.

මෙරට පිහිටුවා ඇති මධ්‍යසාර හා දුම්කොළ අධිකාරිය හරහා ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්වැටි පානය කරන්නන් හා හොර දුම්වැටි අලෙවි කරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සිදුකෙරුණ ද එය පමණක්‌ මෙරට තරුණයන් හා වැඩිහිටියන් දුම්වැටි පානයෙන් මුදාගැනීමට ප්‍රමාණවත් නොවන බව පෙනී යයි.

එක්‌ අතකින් පාසල් ළමයින් හා තරුණයන් දුම්වැටි කරා ආකර්ෂණය කර ගනිමින් පවතින වාතාවරණයක්‌ තුළ මෙතෙක්‌ අඩු ප්‍රතිශතයක්‌ පෙන්නුම් කළ කාන්තාවන් අතර දුම්වැටි පානය ද තරමක්‌ වර්ධනය වී ඇති බවට වාර්තා පළ වී තිබේ.

මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය සෙසු අමාත්‍යාංශ මෙන්ම ජනමාධ්‍යවේදීන්, දේශපාලනඥයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන වෘත්තීන් ඒකාබද්ධව දුම්වැටි පානයෙන් තරුණ පරපුර ප්‍රමුඛ සමාජය මුදාගැනීමේ පුළුල් වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුව ඇත. මේ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද සම්බන්ධ කරගත යුතුය.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියත්මක කිරීමට අවශ්‍ය සෑම පියවරක්‌ම ගතයුතුව තිබේ. රටට දිනකට අහිමිව යන රුපියල් කෝටි 15 ක මුදල රට තුළ ම ඉතිරිවන අයුරින් ආයෝජන කර ගැනීමට නම් නොපමාව ක්‍රියාකළ යුතුව ඇති බව අවධාරණය කරමු.



 

sweets

Banned
Jul 2, 2011
297
160
0
රජය විසින් දුම්වැටි පාලනයට ගන්නා ලද ප්‍රධාන පියවර නම් දුම්වැටි සදහා බද්ද 100% වැඩි කිරීම යි.මෙය යම් තරමින් ප්‍රායෝගික උනත් දුම්වැටි වලට ඇබ්බැහි වුන මිනිහ තමන්ගේ පවුල විකුණල හරි දුම්වැටිය මිළ දී ගන්නවා මේ නිසා ඒ ඒ පවුල් වලට තවත් කරදරයක් මිසක් යහපතක් නම් සිද්ද වෙන්නෙ නෑ
නිසා මම නම් යෝජනා කරන්නේ දුම්වැටි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්තිය යුතු බවයි
ඒත් මම රජයට දොස් කියනව නම් නෙවෙයි
icon_biggrin.gif
මොකද මෙච්චර කාළයක් කෙතරම් ආණ්ඩු බලයට පත් වුණත්…රටේ දියුණුවට අවංකවම වැඩක් කළේ වරිතමාන ආණ්ඩුවෙන් කියල ඉතින් ඔය ගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ….ඒත් මම කියන්නේ මේ සදහා වඩාත් ප්‍රායෝගික පියවර කීපයක් ගත්තනම් හොදයි කියලයි
 
  • Like
Reactions: roshancs05

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රජය විසින් දුම්වැටි පාලනයට ගන්නා ලද ප්‍රධාන පියවර නම් දුම්වැටි සදහා බද්ද 100% වැඩි කිරීම යි.මෙය යම් තරමින් ප්‍රායෝගික උනත් දුම්වැටි වලට ඇබ්බැහි වුන මිනිහ තමන්ගේ පවුල විකුණල හරි දුම්වැටිය මිළ දී ගන්නවා මේ නිසා ඒ ඒ පවුල් වලට තවත් කරදරයක් මිසක් යහපතක් නම් සිද්ද වෙන්නෙ නෑ
    නිසා මම නම් යෝජනා කරන්නේ දුම්වැටි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්තිය යුතු බවයි
    ඒත් මම රජයට දොස් කියනව නම් නෙවෙයි
    icon_biggrin.gif
    මොකද මෙච්චර කාළයක් කෙතරම් ආණ්ඩු බලයට පත් වුණත්…රටේ දියුණුවට අවංකවම වැඩක් කළේ වරිතමාන ආණ්ඩුවෙන් කියල ඉතින් ඔය ගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ….ඒත් මම කියන්නේ මේ සදහා වඩාත් ප්‍රායෝගික පියවර කීපයක් ගත්තනම් හොදයි කියලයි
    මොනම රජයකින් වත් ඕක සම්පූර්නයෙන් නැවැත්තුවෙත් නෑ,නවත්තන්නෙත් නෑ. රජයට එන විශාල අදායමක් නැතිවෙන ඕක නැවැත්තුවොත්.
     
    • Like
    Reactions: sweets

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මමත් හොදට අරක්කු සිගරට් බොන මිනිහෙක්. ඒත් මට තෙරෙන්නේ නෑති කුනුහරුපේ මේකයි....

    අම්මගේ රෙද්දේ මතට තිත වගේ බොරු බය්ලා නෑතිව අරක්කු සිගරට් importing, production & sale ලන්කවේ
    100% නවත්තන්නේ නෑත්තේ ඈයි? මුන්ම විකුනලා..මුන්ම කියනවා බොන්න එපා කියලා... මොන මොන්ටිසෝරි කතාවක්ද අයිසේ??

    මමනම් බොක්කේන්ම support එක දෙනවා මෙවා ලන්කවේ තහනම් කරනවනම්..අම්මපා!

    ගොන් මයිත්‍රියෝ.. මෝඩ මූසල කතා කියන්නේ නෑතිව වෑඩේ කෙරෙන විදියක් කතා කරපන්.. නත්තන් බොන එකෙකුට බොන්න දීල තෝ ගිහිල්ලා පොලොන්නරුවේ කුබුරක් කොටාගෙන හිටපන්!
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මමත් හොදට අරක්කු සිගරට් බොන මිනිහෙක්. ඒත් මට තෙරෙන්නේ නෑති කුනුහරුපේ මේකයි....

    අම්මගේ රෙද්දේ මතට තිත වගේ බොරු බය්ලා නෑතිව අරක්කු සිගරට් importing, production & sale ලන්කවේ
    100% නවත්තන්නේ නෑත්තේ ඈයි? මුන්ම විකුනලා..මුන්ම කියනවා බොන්න එපා කියලා... මොන මොන්ටිසෝරි කතාවක්ද අයිසේ??

    මමනම් බොක්කේන්ම support එක දෙනවා මෙවා ලන්කවේ තහනම් කරනවනම්..අම්මපා!



    ඔව් ඇත්ත කතාව...:)
    ආදායම ඕකෙන් ලු එන්නේ...:angry::angry:මතට තිත.....:rolleyes:අනේ අනේ..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මොනම රජයකින් වත් ඕක සම්පූර්නයෙන් නැවැත්තුවෙත් නෑ,නවත්තන්නෙත් නෑ. රජයට එන විශාල අදායමක් නැතිවෙන ඕක නැවැත්තුවොත්.


    :(:(:(
     

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    මමත් හොදට අරක්කු සිගරට් බොන මිනිහෙක්. ඒත් මට තෙරෙන්නේ නෑති කුනුහරුපේ මේකයි....

    අම්මගේ රෙද්දේ මතට තිත වගේ බොරු බය්ලා නෑතිව අරක්කු සිගරට් importing, production & sale ලන්කවේ
    100% නවත්තන්නේ නෑත්තේ ඈයි? මුන්ම විකුනලා..මුන්ම කියනවා බොන්න එපා කියලා... මොන මොන්ටිසෝරි කතාවක්ද අයිසේ??

    මමනම් බොක්කේන්ම support එක දෙනවා මෙවා ලන්කවේ තහනම් කරනවනම්..අම්මපා!

    ගොන් මයිත්‍රියෝ.. මෝඩ මූසල කතා කියන්නේ නෑතිව වෑඩේ කෙරෙන විදියක් කතා කරපන්.. නත්තන් බොන එකෙකුට බොන්න දීල තෝ ගිහිල්ලා පොලොන්නරුවේ කුබුරක් කොටාගෙන හිටපන්!

    umbata loke hadanda bane thama thaman hadunanam wade iwarai :rolleyes: