දුම් දුම් දුම් දුම් කළු දුම්

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    දුම් දුම් දුම් දුම් කළු දුම්

    මචන්ලා මම අද එද්දී දැක්ක දෙයක් නිසයි මේක දාන්න හිතුනේ. මෙන්න මේකයි සීන් එක මම දැක්කා van එකක් ලග motor bike එකක් නවත්තල තිබ්බ Torrington වල කලර් light ලග, ඔන්න ඉතින් කොළ වැටුනහම (කොළ පාට එලිය) වෑන් එක යන්න හැදුව කියපල්ලකෝ බුදුඅම්මෝ පළාතම කළු දුමාරයකින් වැහුන පට්ට. දුමක් ඒ වෑන් එකේ තියෙන්නේ පවු අර motor bike එකේ හිටපු 2න්නා දුමෙන් වැහුන. වැඩට යන couple එකක් බන්.

    මෙන්න මේකයි වෙන්න ඕනි අපි ඔය වගේ කළු දුම් දාන වාහන දැක්කොත් අපි මේකේ ඒක දැක්ක තැන , අංකය , ජාතිය (කාර්, වෑන්, බස් ,ලොරි ) දාමුද බලන්න. මොකද දැන් දුම් සහතිකේ අරන් යන්නත් ඕනි නිසා මෙහෙම දුම් දාන ඒවා තියෙන්න බෑනේ පාරේ.

    මේක ජෝක් එකට ගන්නේ නැතුව සිරා වට ගනිල්ලා හෙට දුමෙන් වැහෙන්නෙ මම, උබ වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: DemonAkalanka

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    අද මේකට ඕන විස්තර උබල ගාව නැතුව ඇති කමක් නෑ හෙට ඉදල උදේට එද්දී ටිකක් බලන් වරෙල්ලා.. මේකට bump එකක් දාල හරි යන්න හොදේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් දැකලා තියෙනවා ඔහොම දුම් දාන වාහන... මහ ලොකුවට දුම් පරික්ශන තිබ්බට ඕවා අහුවෙන්නේ නැද්ද > අඩුගානේ පොලිසිය ඕවා අල්ලලා උසාවි දාන්න ඕනේ...
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    wahanaye dum sahathikaya gena yaama dan aniwaryayi. meeka laga tibbe nathenam 5000 - 25000 th athara Dadayak gahanna puluwan. :cool:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ශ්‍රී ලංකාව කියන රටේ නීති රීති සම්පාදනය කෙරුවට වැඩක් නෑ බං. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ/ක්‍රියාත්මක කරන්නෙ රාජපක්ශ ලේබලේට විතරයි.
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ශ්‍රී ලංකාව කියන රටේ නීති රීති සම්පාදනය කෙරුවට වැඩක් නෑ බං. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ/ක්‍රියාත්මක කරන්නෙ රාජපක්ශ ලේබලේට විතරයි.

    උබ කියන කතාව හරි එත් අපි පොඩි හරි උත්සහයක් ගත්තොත් යම් දුරකට නීතිය ක්‍රියාත්මක කරන අයට දන්නවන්න පුළුවන්... මට තම මතක් වෙන්නේ අර bike එකේ හිටපු උන් 2න්නා ට උන දෙය.
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මගේ ගාව අංකනම් නැ මම මේ කියන්න හදන්නනේ බජාජ් එකේ ඩීලස්ලා දුම් සහතීකේ ගන්න ඔන කිවුවහම කරන වැඩ. ඒගොල්ලෝ තෙල් වහනවා පදින්න බැරි වෙන්නම ඒ කිවුවේ අද්දනවා අඩුයි 60 යන්නම බැ සහතිකේ අරන් ආපහු එන්න කියනවා. ආයේ කලින් ගානට තෙල් අරිනවා. එතකොට ආපහු පරන විදිහයට කාබන් විශ වායු පිටවෙනවා ඇති. හැබැයි හයිඩ් පාක් තියෙන බජාජ් ප්‍රධාන කාර්යාලයේ නම් ඔය දුම් සහතිකේටම රු500 ගානක් අරගෙන ඒ ගොල්ලන්ගේ මැෂින් වලින් ම ඔටෝ කාබ්ලේටර් එක ටියුන් කරනවා තෙල් වහලම දාන්නේ නැ. ඔය මම ඉස්සෙල්ලා කිවුව ජාතියේ අයගේ වාහන වලින් වෙන්නැති කලු දුම් යන්නේ.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මමත් දැකලා තියෙනවා ඔහොම දුම් දාන වාහන... මහ ලොකුවට දුම් පරික්ශන තිබ්බට ඕවා අහුවෙන්නේ නැද්ද > අඩුගානේ පොලිසිය ඕවා අල්ලලා උසාවි දාන්න ඕනේ...
    :cool:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ශ්‍රී ලංකාව කියන රටේ නීති රීති සම්පාදනය කෙරුවට වැඩක් නෑ බං. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ/ක්‍රියාත්මක කරන්නෙ රාජපක්ශ ලේබලේට විතරයි.
    :shocked::shocked::shocked::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ බං.... ඊයේ මටත් ඔය සීන් එකම උනා...... ඉසුසු ලොරියක් පස්සේ මාත් බයික් එකේ ගියා...... අම්මා ගහයි බැට් එකෙන්, ඌ කන්දකදි ගියර් අඩු කරා විතරයි, දුමක් දැම්මා..... මාව දුමෙන් වැහිලා ගියා...... :angry: