දුමින්ද ගුවනින් පලා යයි

leolanka

Banned
Jul 3, 2011
425
63
0
දුමින්ද ගුවනින් පලා යයි

විදෙස්‌ ප්‍රතිකාර ලැබීමට
දුමින්දට අවසර ලැබේවි

සමන් ගමගේ

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා විදේශයකට රැගෙන යැමට ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටියහොත් ඊට අවසර ලබා දීමට වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

දුමින්ද සිල්වා මහතාට දැන් අවශ්‍යව ඇත්තේ භෞත චිකිත්සක ප්‍රතිකාර බැවින් ඒ සඳහා විදේශයන්හි පවතින ඉහළ පහසුකම් පිළිබඳ සළකා වෛද්‍යවරුන් ඉහත තීරණය ගෙන ඇත.

මේ වන විට දුමින්ද සිල්වා මහතාට කළ යුතු ශල්‍ය හා අනෙකුත් ඖෂධමය ප්‍රතිකාර සියල්ල අවසන්ව තිබෙන බැවින් ඔහුට දැන් විධිමත් භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දිය යුතු බව වෛද්‍යවරුන්ගේ අදහසයි.

කෙසේ වෙතත් මොළයට සිදු වූ හානි අනුව දුමින්ද සිල්වා මහතාට පූර්ණ සුවය ලැබීමට තවත් කාලයක්‌ ගත වනු ඇති බව වෛද්‍ය මතය වී තිබේ
 
  • Like
Reactions: IShyam