මෙම වැට් බදු සංශෝධනයට පෙර දුරකථන ගාස්තු වශයෙන් අයකරනු ලැබුවේ, සියයට 25ක විදුලි සංදේශ බද්දක් සහ රජයේ වෙනත් බදු වශයෙන් සියයට 2ක ගාස්තුවක එකතුව වන සියයට 27.5ක මුදලක එකතුවකි. එහෙත් නව බදු සංශෝධනය අනුව එම ගාස්තුවට වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ද එකතු වී තිබේ.
ඒ අනුව සියයට 25.51 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 26.04 දක්වා ඉහළටත්, සියයට 2ක් පැවැති ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව රජයේ වෙනත් බදු සියයට 4.16 දක්වා ද ඉහළ ගොස් තිබේ. එම බදු දෙකේ එකතුවට සියයට 19.53ක වැට් බදු ද එක් වූ විට දුරකථන ගාස්තුවෙන් සියයට 49.73 ක් බදු සඳහා ගෙවීමට පාරිභෝගිකයාට සිදුවේ.
අපෝ මහ ගානක් වැඩි වෙලා නැහැ නෙ බන්, 50%ක් නෙමේ පොඩ්ඩයි වැඩි වෙලා තියෙන්නෙ
අර කලින් මහින්දයා වැඩිකරපු එකට තව ඇබිඳක් එකතු වෙලා
මහින්දයා ගේ අච්චර ලොකු බද්ද ගෙවපු අපිට ඔය චුට්ටක් ගෙවන එක කජ්ජක්ද බන්
