දුරකථන සම්ප්‍රේෂණ කුළුණු සහ අකුණු අනතුරු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දුරකථන සම්ප්‍රේෂණ කුළුණු සහ අකුණු අනතුරු - චන්දිම ගෝමස්

    https://chandimagomes.blogspot.com/...o1KbN58eDdhavRSFovmsvvu8AOmM3iLE0fmMOlnRma31s





    ඊයේ දිනයේ නිරෝධ රණසිංහ මහතා FB එක හරහා පණිවිඩයක් එවමින් මගෙන් අසා සිටියේ සන්නිවේදන කුළුණු නිසා අවට නිවාසවලට අකුණු අනතුරු ඇතිවේද කියාය. මේ සමගම එතුමා හිරු TV නාලිකාවේ රතු මිනිත්තුව නැමැති වැඩසටහනක කොටසක්ද එවා තිබුණි. එහි දක්වා තිබුණේ තැටිල්ලවල ප්‍රදේශයේ ගමකට දුරකථන සම්ප්‍රේෂණ කුළුණක් නිසා ඇතිවන විනාශකාරී තත්වයක් පිලිබඳවය.

    දුරකථන සම්ප්‍රේෂණ කුළුණු නිසා අසල ප්‍රදේශයට අකුණු අනතුරු වැඩිවේද යන පැනය කරලියට එන්නේ අනුව දශකය අග භාගයේදීය. ඉන් පසු දෙදදහස මුල් දශකයේදී මම ශ්‍රීලංකා විදුලි සංදේශන නියාමන කොමිසම (SLTRC) සමග මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ලංකාව පුරා දේශන සහ වැඩමුළු පැවැත්වුයෙමි. වසර 2007 දී පමණ TRC ආයතනය මගින් සන්නිවේදන කුළුණු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශන මාලාවක් ගොඩනැගීම ඇරඹු අතර මම එහි අකුණු ආරක්ෂණය පිලිබඳ කොටසෙහි මූලිකත්වය ගෙන කටයුතු කලෙමි. වසර 2008 හෝ 2009 මුල් භාගයේදී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මූලික වැඩ අවසන් වුනු අතර එම වසර අවසානයේ මම ලංකාවෙන් නික්මුනෙමි.

    සම්ප්‍රේෂණ කුළුණක් වැනි උස ලෝහ සැකිල්ලක් ඉදිකළ විට වෙනදා ඒ අවට වෙනත් ස්ථානවලට යොමු වූ අකුණුද එම සැකිල්ලට ආකර්ශණයවේ (මෙහිදී ආකර්ෂණය යන වචනය යෙදීම තාක්ෂණිකව නුසුදුසුය). කුළුණ කඳු ගැටයක් වැනි උස් ස්ථානයක පිහිටියේ නම් මෙම වපසරිය තවත් වැඩිවිය හැක. මේ නිසා ඇත්තෙන්ම සම්ප්‍රේෂණ කුළුණක් අවට ඇති නිවසකට ඍජු අකුණු ප්‍රහාරයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුවේ.

    නමුත් මෙහිදී ඇති වැදගත්ම කාරණය නම් වෙනදාට වඩා වැඩි අකුණු ප්‍රමාණයක් කුළුණ ඇති ස්ථානයට ඇදී ඒමයි. මේ අනුව කුළුණට ඉතා ආසන්නයේ (මීටර 20-30 දුරින්) ඇති නිවාස සහ ගොඩනැගිලි වලට නොයෙකුත් අතුරු අන්තරා ඇතිවිය හැක. ඒ බොහෝ විට පොළව හරහා ගමන් කරන ධාරාව හා නිවසේ විදුලි රැහැන් පද්ධතියේ ඇතිවන ප්‍රේරිත වෝල්ටීයතාවයන් නිසාය.

    කුළුණේ භූගත කිරීම නියමාකාරයෙන් සිදුවී නැත්නම් (භූගත ප්‍රතිරෝධය ඉහල නම්) අවට නිවාසවලට වන හානිය හා පුද්ගල අනතුරුද වැඩි වෙයි. මෙබඳු අවස්ථාවක අවට නිවාසවල ඇති පේනුගත විදුලි උපකරණ හානි වීම, විදුලි පැනලය තුල පිපිරීම් ඇතිවීම හෝ ගිනි පුපුරුම් පැනීම, විදුලි උපකරණ භාවිත කරමින් සිටින්නන් අවදානමට ලක්වීම ආදී තත්වයන් ඇතිවිය හැක. මීට අමතරව එළිමහනේ සිටින පුද්ගලයන් (විශේෂයෙන්ම පාවහන් නොපැළඳගෙන) පියවර විභවයට පාත්‍ර වීම නිසා ක්ලාන්ත වී වැටීමට (සමහර විට මරණයට පවා පත්වීමට) ඉඩ ඇත.

    ඉහත තත්වයන් සැලකිල්ලට ගෙන, සම්ප්‍රේෂණ කුළුණු වලට ඉතා ආසන්නයේ ඇති නිවෙස් හෝ අනෙකුත් ගොඩනැගිලි සම්බන්ධයෙන් සම්ප්‍රේෂණ කුළුණු හිමිකරු විසින් ගත යුතු ක්‍රියා මාර්ග පිලිබඳව TRC මාර්ගෝපදේශන මාලාවේ කරුණු ඇතුලත් කර ඇත. මේ අනුව කුළුණ අයත් පරිශ්‍රයට අදාළ භූගත පද්ධතිය පිලිබඳ තත්ව සහතිකයක් ආවර්තිකව ලබා ගැනීම, කුළුණේ සිට නිවසක් හෝ පාසලකට තිබිය යුතු අවම දුර පවත්වාගැනීම, කුළුණට යාබද නිවෙස්වලට අකුණු ආරක්ෂණ පද්ධති (surge protection devices) සවිකර දීම ආදී කරුණු මෙම මාර්ගෝපදේශන මාලාවට ඇතුලත් විය.

    එහෙත් මැලේසියාවට සංක්‍රමණය වූ පසු මා එරට බලධාරීන්ගේ ඉල්ලීම පරිදි මේ පිළිබඳව පර්යේෂණ කිහිපයක්ම සිදුකල අතර එහිදී හෙළි වුයේ කුළුණකට වැදෙන අකුණක් නිසා සමහර විට කිලෝමීටර කිහිපයක් ඈතින් ඇති ගොඩනැගිලිවලට පවා අනතුරු සිදුවිය හැකි බවයි. මෙය සිදුවන්නේ කුළුණට විදුලිය ලබා දෙන ට්‍රාන්ස්ෆෝමරය මගින්ම අවට ඇති නිවාස හෝ අනෙකුත් ගොඩනැගිලි වලටද විදුලිය සපයන විටයි.

    කුළුණ අයත් පරිශ්‍රයේ භූගත පද්ධතිය නිසි පරිදි නඩත්තු කර නැති විට විශාල අකුණු ධාරාවක් එහි ඇති අකුණු ආරක්ෂණ පද්ධතිය හරහා උදාසීන (neutral) වයරයට ප්‍රවිෂ්ඨ වේ. මේ ධාරාව සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆෝමරයේ භූගත පද්ධතිය හරහා පොලවට ඇදී යයි. එහෙත් ට්‍රාන්ස්ෆොමරයේ භූගත පද්ධතියද නිසි පරිදි නොමැති නම් එම ධාරාව එම ට්‍රාන්ස්ෆෝමරයෙන් විදුලිය ලබාදෙන නිවසකට පිවිස එහි භූගත පද්ධතිය හරහා පොළොවට ගමන් කරයි. එම නිවසේ අකුණු ආරක්ෂණ පද්ධතියක් නොමැති නම් සිදුවන්නේ එහි විදුලි පුවරුවක් හෝ පේනුගත කර ඇති උපකරණයක් (හෝ කිහිපයක්) හරහා විද්‍යුත් පුලිගුවක් ලෙස උදාසීන වයරයේ සිට භූගත වයරයට (earth wire) අකුණු ධාරාව පැනීමයි. විදුලි පුවරුවේ පිපිරීම් හෝ උපකරණ වල විනාශය සිදුවන්නේ මේ හේතුවෙනි.

    මා දන්නා ආකාරයට ලංකාවේ සම්ප්‍රේෂණ කුළුණු සඳහා වන මාර්ගෝපදේශන මාලාවේ මේ කාරණය සලකා නැත. මේ නිසා අදාළ වීඩියෝවේ නිවැසියන් පෙන්වාදෙන උපකරණ හානි කුළුණ වදින අකුණු නිසා සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එහෙත් කුළුණ නිසා අකුණු විසිකරනවා යන්නෙහි නම් කිසිඳු විද්‍යාත්මක පදනමක් නැත. නිවසකට ඍජු අකුණු පහරක් වැදී හානි සිදුවී ඇත්නම් එය කුළුණ නිසා සිදු වුවක් නොව කුළුණ තිබුනත් නැතත් එම නිවසට සිදුවන අනතුරක් බව කිව මනාය.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ සර්ගේ බ්ලොග්1 මට හෙනම කාලයක් මිස් වෙලා තිබ්බා... නම මතක් කල මතක් වෙන්නෙත් නෑ..මෙකෙ ත්‍රෙඩුත් දැම්ම හොයාගන්න බැරි උනා.. තැන්ක්ස් බ්‍රො..
     
    • Like
    Reactions: malakadss

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    එහෙත් කුළුණ නිසා අකුණු විසිකරනවා යන්නෙහි නම් කිසිඳු විද්‍යාත්මක පදනමක් නැත.

    meya sampurna asthyaki.naweena thaakshanayen akunu rippe karana sannyaka den baawithaye pawathi.soya genima ithaa pahsuya,akunu sannayakye kuuru/ul ethnam eya attracktion(perani wargaye)ekaki,sannayakaye goolayak ethnam eya ripple type ekaki,winaasakaari wanne ema wargayai,paamu wargaya wishaala akunakadi winaasa wiya heka.ewita newatha yediemata adika mudalak weya wei,namuth dewana wargayata haani nopeminena athara asta ethi us isthaana wetha akuna peralaa gaman karai,samaagam magin meme karuna janathaawagen sagawana athara ihatha prakashayanda a sadaha anubala dei..chandima gomaz me tharam reserch karaa nam mae gena nodena sitimata kisidu hethuwak netha..
     
    Last edited: