දුර්ලභ දඹදිව දේශනා (VIDEO)

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ ය. ඒ කවර සතර ස්ථානයක් ද යත්;
    (1). මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක
    (2). මෙහි තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක
    (3).මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය
    (4).මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි
    ආනන්දයෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු සතර ස්ථානයෝ ය.


    https://tripitaka.online/sutta/182
    _____________________________
    සම්බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් වලට අදාළව අප පොත් පත් වලින් කියවූ ස්ථානයන් දැක ගැනීමට, ඒ ස්ථාන වල සිට ස්වාමින් වහන්සේ සිදු කරන ධර්ම දේශනාව සහ ශාසන ඉතිහාසයේ අතීත විස්තරයන් ශ්‍රවණය කිරීමට පින් කැමැත්තෝ අසත්වා.
    .

    .

    .

    .

    .
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    4).මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි

    Pirinwan panna kalin ehema kivvada :oo:
     
    • Like
    Reactions: S_M_S

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    සමහර වෙලාවට ටිකක් අතිසොක්තියෙන් කියනවා වගේ නෙද? නිකන් දැක්ක වගේ කියගෙන කියාගෙන යනවා, එහෙම උනාම හිතෙන්නෙම කොහොමද මෙවා දැනගත්තේ කියලා.
     
    • Like
    Reactions: aneasarayana

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    මම මෙයාගේ එක බණ දේශනාවක් ඇහුවා. මෙයා කියනවා චීන මිනිස්සු abortion කරපු ළමයි, umbilical cord උයලා කනවලු. 😬
    ඇයි ලංකාවේ පානදුර වලාන රෝහලේ මොචරියේ මෑ න් අලුත් මිනි වල කිරි බඩවැල් බැදලා ඩෙවල් හදලාද පාටි දැම්මේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ඇයි ලංකාවේ පානදුර වලාන රෝහලේ මොචරියේ මෑ න් අලුත් මිනි වල කිරි බඩවැල් බැදලා ඩෙවල් හදලාද පාටි දැම්මේ
    සිරාවට?🤔
     
    • Like
    Reactions: lankalk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි ලංකාවේ පානදුර වලාන රෝහලේ මොචරියේ මෑ න් අලුත් මිනි වල කිරි බඩවැල් බැදලා ඩෙවල් හදලාද පාටි දැම්මේ
    මොනවද කිරි බඩවැල් කියන්නේ
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    මොනවද කිරි බඩවැල් කියන්නේ
    කුඩා බඩවැල

    මිනී මෂ් 🙄


    කිරි බඩවැල් කාපල්ලා කියල සිංදුවකුත් තියෙනවා නේද?

    ------ Post added on Apr 20, 2024 at 4:28 PM

    කිරි මදුවැල්
    ------ Post added on Apr 20, 2024 at 4:39 PM

    සිරාවට?🤔
    ඔව් 2010 කාලේ විතර ,වටේ මේසන් වැඩ කරන සෙට් එකක් අහු උනේ කසිප්පු පෙරලා , උන් මුට නිකං බොන්න දීල.මු බයිට් සපයල .වලානේ පොලිසියෙන් දෙක දෙනකොට සේරම පාවල දීල
    ------ Post added on Apr 20, 2024 at 4:41 PM
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    4).මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි

    Pirinwan panna kalin ehema kivvada :oo:
    මං ඉතිං summary එකක් දැම්මෙ කට්ටිය වැඩිය දිග විස්තර කියවන්නැති හින්දා.

    චත්තාරිමානි ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි. කතමානි චත්තාරි:
    “ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ ය. ඒ කවර සතර ස්ථානයක් ද යත්;

    (1). ‘ඉධ තථාගතෝ ජාතෝ’ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.
    ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

    (2). ‘ඉධ තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ’ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.
    ‘මෙහි තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

    (3). ‘ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.
    ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

    (4). ‘ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෝ’ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.
    ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

    ඉමානි ඛෝ ආනන්ද චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි.
    ආනන්දයෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු සතර ස්ථානයෝ ය.

    ආගමිස්සන්ති ඛෝ ආනන්ද සද්ධා භික්ඛූ භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ ඉධ තථාගතෝ ජාතෝ’ති පි, ඉධ තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ’ති පි, ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති පි, ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෝ’ති පි. යේ හි කේචි ආනන්ද චේතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලං කරිස්සන්ති, සබ්බේ තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සන්තී’ති.
    ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියා ත් පැමිණෙන්නාහු ය. ආනන්දයෙනි, යම්කිසි කෙනෙක් චෛත්‍ය වන්දනා චාරිකාවෙහි සැදැහැ සිතින් යෙදී සිටියදී පහන් සිතින් කළුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ ම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින්නාහු ය.”

    https://tripitaka.online/sutta/182
     
    • Like
    Reactions: neo7x and NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවෙ ලියවුන ථේරවාදී ත්‍රිපිටකයෙ තමා පිරීසිදු බුදු දහම තියෙන්නෙ මහායාන, ජයින දේවල් එකතු නොවිච්ච, බුදුන් ඉපදුනේ ඉන්දියාවෙ කියල තමා මමත් හිතන්නෙ නමුත්..

    සිදුහත් කුමරාගෙ කතාවට මව පියා බිරිඳ සහ සියලුම රජ පරම්පරා සම්බන්ධ උනත් ඉන්දියාවෙන් බුදු දහම නැත්තටම නැතිවෙලා අවුරුදු 2000ස් ගානකට පස්සෙ ඉන්දියාව යටත් කරන් හිටිය සුද්දන්ගෙ මැවුම්කාර දෙවියෙක් විශ්වාස කරන පුද්ගලයෙක් මෙන්න මම බුදුන්ට සම්බන්ධ තැන් ඔක්කොම හොයාගත්ත කිව්වම අපිත් ඒක හරි කියල පිලිගත්තට ඔය ප්‍රධාන තැන් 4ර තියෙන තැන් 100%ක් නිවරදියි කියල ඉන්දියානු ඉතිහාසයේ හෝ ඔය ස්ථාන වල සෙල් ලිපි හෝ පිලිගතහැකි ඉපැරනි සාක්ෂි තියෙනවද? :unsure:


    bdmm.jpg



    ?
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලංකාවෙ ලියවුන ථේරවාදී ත්‍රිපිටකයෙ තමා පිරීසිදු බුදු දහම තියෙන්නෙ මහායාන, ජයින දේවල් එකතු නොවිච්ච, බුදුන් ඉපදුනේ ඉන්දියාවෙ කියල තමා මමත් හිතන්නෙ නමුත්..

    සිදුහත් කුමරාගෙ කතාවට මව පියා බිරිඳ සහ සියලුම රජ පරම්පරා සම්බන්ධ උනත් ඉන්දියාවෙන් බුදු දහම නැත්තටම නැතිවෙලා අවුරුදු 2000ස් ගානකට පස්සෙ ඉන්දියාව යටත් කරන් හිටිය සුද්දන්ගෙ මැවුම්කාර දෙවියෙක් විශ්වාස කරන පුද්ගලයෙක් මෙන්න මම බුදුන්ට සම්බන්ධ තැන් ඔක්කොම හොයාගත්ත කිව්වම අපිත් ඒක හරි කියල පිලිගත්තට ඔය ප්‍රධාන තැන් 4ර තියෙන තැන් 100%ක් නිවරදියි කියල ඉන්දියානු ඉතිහාසයේ හෝ ඔය ස්ථාන වල සෙල් ලිපි හෝ පිලිගතහැකි ඉපැරනි සාක්ෂි තියෙනවද? :unsure:


    bdmm.jpg



    ?
    මට ඉතිහාසය, පුරාවිද්‍යාව සම්බන්ධව නම් වැඩිය දැනුමක් නෑ. නමුත් ලිඛිත ඉතිහාසයේ කරුණු එක්ක ඒ ඒ ස්ථාන ගැළපෙන නිසා ඒ ස්ථාන නිවැරදියි කියලා පිළිගන්න පුලුවන්.

    ඒ කියන්නෙ බටහිර ජාතිකයෙකු කැණීම් කරලා හෙලිදරව් කළත්, ඒ ස්ථාන සහ අපි ළඟ තියෙන ලිඛිත සාක්ෂි සංසන්දනය කරලා බලන්න පුලුවන්.

    * කුෂිනගර් (කුසිනාරා), වරනාසි (බරණැස), රාජ්ගිර් (රජගහ) වගේ ප්‍රදේශ නාම
    * පර්වත, ගංගා ආදියෙහි නම් හා ස්ථාන
    * ක්‍රි.ව. 5-6 සියවස් වල ෆා-හියං, හියුං-සාන් භික්ෂූන්ගේ දේශාඨන වාර්තා වල සඳහන් කරුණු හා ස්ථාන
    * අශෝක අධිරාජයා විසින් බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් වලට අදාළ ස්ථාන වල සෑදූ ස්තූප, ඉදිකිරීම්
    * ඒ ඒ ස්ථාන වල සෙල් ලිපි වල සඳහන් කරුණු
    * ත්‍රිපිටක, අටුවා වල යොදුන් ගණන් වලින් සඳහන් කර ඇති නගර අතර දුර, නගර වල ප්‍රාකාර සම්බන්ධ විස්තර
    * ජේතවනාරමය ශිලා ලේඛනයකින් තහවුරු කරගැනීම හා එම ස්ථානයේ ඇති පැරණි බෝධිය ලිඛිත සාක්ෂි අනුව ආනන්ද බෝධිය ලෙස හඳුනාගැනීම වැනි කරුණු
    * ස්තූප ආදිය කැණීම් කිරීමේදී හමු වූ තඹ පත් ආදියෙහි එම ස්ථානය ගැන, තැන්පත් කර ඇති දෙය පිළිිිබඳව ඇති සටහන්

    ඔය වගේ කරුණු, ස්ථාන, ලිඛිත සාක්ෂි, සෙල්ලිපි, දේශාඨන වාර්තා ආදිය එකිනෙක සමග ගැළපෙන බව අධ්‍යනය කරලා තහවුරු කරගන්න පුලුවන් නිසා ඒ ස්ථාන නිවැරදි බව පිළිගන්න පුලුවන්.

    ප.ලි. - ඔයා දාලා තියෙන පින්තූරය නම් නිගන්ඨනාථ පුත්ත ගෙ එකක්. ඒ පුද්ගලයා පෙනී සිටියෙ තමන් බුදු කෙනෙක් විදිහටනෙ.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Anichha dukka anattha-nichha ne,anathai
    Anithya dukkha anathma-nithya ne,athmayak ne
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Anichha dukka anattha-nichha ne,anathai
    Anithya dukkha anathma-nithya ne,athmayak ne
    නිච්ච කරගත්තොත් අනිච්ච වෙනවාමයි
    අනිච්ච වෙන නිසා දුක ඇතිවෙනවාමයි
    ඒක නිසා මාගේ කරගැනීමට සුදුසු නිච්ච කිසිවක් නොමැත, සියල්ල පංචස්කන්ධ පමණයි!
     
    • Like
    Reactions: Emios