


ඇටඹ වල නම් ඇටයක් තියනවා, අපේ ගෙදර වත්ත මායිමේ මහා ඇටඹ ගහක් තියනවා ඔය වගේම ගහේ කොල ගානට ගෙඩි හැදෙනවා ඒකේ නම් ඇටේ ඇරුනම කන්න තියෙන්න බෝහෝම පොඩි ප්‍රමානෙයයි ගෙඩිය පිරෙන්නම ඇටේ තියෙන්න. සත්තු තමයි කන්නෙ අපි ඔය වැටෙන ගෙඩියක් දෙකක් කෑවොත් මිසක්.
මේක මොනා හරි වෙන වර්ගයක් වෙන්න ඇති මොකද කියලා තියනවා නේ ඇටයක් නැහැ කියලා
පැලයක් හොයාගන්න තිබ්බා නම් මරු
ඔහොම දැම්මම ගහට ඇස්වහ වදින්නේ නැද්ද? අපේ ගෙදර නම් අඹ ගහක් තිබ්බ...පට්ට විදිහට ගෙඩි ආව..අහල පහල උන්ටම බෙදුව...බෙදුව බෙදුවමයි ගහ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි ආවේම නැහැ හරියට..ගහලත් මැලවුනා වගේ...කපල දැම්ම...අපරාදේ![]()

ඔය ඇස් වහ කට වහ කියන දේ බොරු කිව්වට ඔය කතාව ඇත්ත බන්.අපේ පැත්තේ කොස් ගහක් තිබ්බා මුල ඉදන්ම ගෙඩි පිරිලා..දවසක් අපේ නෑදෑ වෙන ගෑණු කෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා ඔය ගහ දැකලා සූ ගෙඩි පිරිලා තියෙන හැටි කියලා කිව්වා.මාසයයි ගියේ ආපු හුලගකට කොස් ගහ මුදුනින් දෙකට කැඩිලා වැටුනා..දැනුත් ගෙඩි තියෙනවා ඒත් ගෙඩි පහක් දහයක් වගේ එන්නේ.![]()
සමහර මිනිස්සු ඉන්නවා කිව්වොත් දෙයක් බඩුම තමා...ඒ වගේ මිනිස්සු මග ඇරලා තමා ගමනක් බිමනක් වුනත් යන්න ඕනේ...යන්න කලින් කට කැඩිච්චි කතාවක් කිව්වොත් අනිවා ගමනම මස්තබාල්දු වෙනවා...එහෙම වෙලාත් තියෙනවා...

2006 රෙජිස්ටර් වෙලා උබ ස්පෑම් කරන්නමද ලොග් වුනේ? සයිට් එක හොදයි...ඒ උනත් මචන් ඔක්කොම එක ගොඩේ නිසා වැඩි වෙලාවක් බලන්න හිතෙන්නේ නැහැ සයිට් එක...

පැලයක් සෙට් කොරල දීපල්ලා....
දෙව් මිනිස් සැප ලැබෙයි.........

