දුලීකා, මාරපන නොයෑම!

osandaja

Member
Feb 11, 2008
360
324
0
දුලීකා, මාරපන නොයෑම!

duleeka.jpg

දුලීකා, මාරපන නොයෑම!

රියැලිටි වැඩ සටහන් සමඟ මගේ එකඟතාවක් නැත. එහෙත් රියලිටි වැඩ සටහන්වලින් සමාජයට කළ හැකි බලපෑම, ඊයේ, දෙරණ Star City අවසන් තරගයේදී, දුලීකා ඇතුඵ කණ්ඩායම කදිමට ප්‍රදර්ශන කළ හ.

සිංහල ජන වහරේ, ‘කලුවා මාරපන ගියා වගේ‘ යයි කතාවක් තිබේ. එහෙත්, දුලීකා, මාරපන ගියේ නැත. ඈ දැන, ගමන ගියා ය. එය විශිෂ්ට ය.

අවසන් තරගයේදී, රොෂාන් රණවන ගේ කණ්ඩායම වැඩි බර තබා තිබුණේ, චොකා සින්දුවලට ය.

දුලීකා, අරුත්බර ගීත ඔස්සේ තරගයට මුහුණ දුන්නා ය.

ඈ, වේදිකාවේ නිරූපණ කළ ‘අම්මා‘ දෑසට කඳුඵ උනන්නකි. ඒ අපේ රටේ අම්මා ය. අප කාගේත් අම්මා ය. තාත්තා පිළිබඳ නිරූපණයක් ද ඇගේ කණ්ඩායම, කදිමට වේදිකාවට ගෙන ආ හ.

‘දෙමව්පියන් ඈතක ගිහිල්ලා නම්, ළඟට ගෙන්න ගන්න. ඔවුන්ට අපේ ආදරය අවශ්‍යයි‘

ඔවුන් ගේ රංග කොටස අවසන් වූයේ, දුලීකා ගේ මේ අදහසිනි. එය කාලීන සමාජ පණිවිඩයකි.

දෙකයි පනහේ, රියලිටි වැඩ සටහන් අතර, දෙරණ Star City, අලුත් ආදර්ශයක් දුන් බව පැහැදිලි ය.

රොෂාන් රණවන ඇතුඵ කණ්ඩායම, ‘උලත් එකයි, පිලත් එකයි‘, ‘එන්න නංගි, එන්න මල්ලි නැගිටලා‘ වැනි චොකා සින්දු කියද්දී, ඊට උල්පන්දම් දෙන්නට, රයිනිලා ද, ළහිරුලා ද, ප්‍රේක්ෂකාගාරයේ සිටිය හ.

එහෙත්, දුලීකාලාට සිටියේ ඔවුන් පමණි.

අවසානයේ, දුලීකා ගේ කණ්ඩායමට ජය ලැබිණී. දුලිකා ගේ කණ්ඩායම විසින් පැරදුණේ මේ රටේ අංගලකාමී, අනුකාරක ධාරාව බව කිය හැකි ය. එය මා පවසන ආකාරයේ තරම් සැලසුම්සහගත ක්‍රියාවක් නො විය හැකි ය.

එහෙත්, සිදු වූයේ එයයි. ශ්‍රී ලාංකික අධ්‍යාත්මයේ යථා මුහුණුවර මහා ධාරාව බව තහවුරු කිරීමයි.

මෙය, මෙරට රියලිටි කරළියේ වෙනස් තත්ත්වයකි. ඉන්දියානු විනෝද කර්මාන්තය තුළ, ඉන්දියානු සභ්‍යත්වය කරළියේ රජ කරවන ආකාරයට, අපේ රටේ ද, ශ්‍රී ලාංකික සභ්‍යත්වය රජ කරවිය හැකි බව, දුලීකාලා ඔප්පු කළ හ.

දුලීකා, ඔබ ඇතුඵ කණ්ඩායමට ස්තුතියි!

- කුමාර ලියනගේ

https://www.facebook.com/photo.php?fbid=1738322146384649&set=a.1387765064773694.1073741827.100006206409006&type=3&theater
 
  • Like
Reactions: Thoppi_Chaminda

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
tfs මචන් ඒ වැඩසටහනේ වීඩියෝ ටික දාපන් කෝ මේකේ
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අම්මගේ තාත්තගේ ගැන යන සිංදු segment එක නම් පට්ට
    :love::love::love::love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තවත් මල ජරා ගොන් වැඩසටහනක් ප්‍රසිද්ද කරගන්න සල්ලි ගෙවල ලියවා ගත්තු ආටිකල් :lol::lol:

    මොන ජරා විකාරයක් ද බන් ඔය වැඩ සටහන...ඕව බලන උනුත් ඉන්නවනේ අප රටේ..:rolleyes:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    තවත් මල ජරා ගොන් වැඩසටහනක් ප්‍රසිද්ද කරගන්න සල්ලි ගෙවල ලියවා ගත්තු ආටිකල් :lol::lol:

    මොන ජරා විකාරයක් ද බන් ඔය වැඩ සටහන...ඕව බලන උනුත් ඉන්නවනේ අප රටේ..:rolleyes:

    :yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තවත් මල ජරා ගොන් වැඩසටහනක් ප්‍රසිද්ද කරගන්න සල්ලි ගෙවල ලියවා ගත්තු ආටිකල් :lol::lol:

    මොන ජරා විකාරයක් ද බන් ඔය වැඩ සටහන...ඕව බලන උනුත් ඉන්නවනේ අප රටේ..:rolleyes:

    ඔව් බන් අර එක පාරක් ලක්බිම පත්තරේ ආටිකල් එකක් ගියේ එලකිරි එකේ හොද කියලා.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    තවත් මල ජරා ගොන් වැඩසටහනක් ප්‍රසිද්ද කරගන්න සල්ලි ගෙවල ලියවා ගත්තු ආටිකල් :lol::lol:

    මොන ජරා විකාරයක් ද බන් ඔය වැඩ සටහන...ඕව බලන උනුත් ඉන්නවනේ අප රටේ..:rolleyes:
    siravata mamath passe hoyala baluva ban mokdda me vadasatahana kiyala munta hondtma piisu:rofl:
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    තවත් මල ජරා ගොන් වැඩසටහනක් ප්‍රසිද්ද කරගන්න සල්ලි ගෙවල ලියවා ගත්තු ආටිකල් :lol::lol:

    මොන ජරා විකාරයක් ද බන් ඔය වැඩ සටහන...ඕව බලන උනුත් ඉන්නවනේ අප රටේ..:rolleyes:

    නලු නිලියෝ ස්ටේජ් උඩ කරකවලා රේටින් අප් කරගන්න ලන්කාවේ ටීවී චැනල් නටන නාඩගම් වල තවත් එක නාඩගමක්...... වෙනස ඉතින් ඉන්දියන් නාට්ටි කෑලි පෙන්නන අස්සේ කොච්චර චප්ප චොරොස් උනත් ලෝකල් කලාවට නොදී බැරි කමට තැනක් දීලා. එච්චරයි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තවත් මල ජරා ගොන් වැඩසටහනක් ප්‍රසිද්ද කරගන්න සල්ලි ගෙවල ලියවා ගත්තු ආටිකල් :lol::lol:

    මොන ජරා විකාරයක් ද බන් ඔය වැඩ සටහන...ඕව බලන උනුත් ඉන්නවනේ අප රටේ..:rolleyes:

    math nam oka baluwe na ban. ehen mehen baluwa gedara aya balapu hinda.
    1hr :38min idala poddak balapan. e perform eka nam patta :D