දුලීකා, මාරපන නොයෑම!
දුලීකා, මාරපන නොයෑම!
රියැලිටි වැඩ සටහන් සමඟ මගේ එකඟතාවක් නැත. එහෙත් රියලිටි වැඩ සටහන්වලින් සමාජයට කළ හැකි බලපෑම, ඊයේ, දෙරණ Star City අවසන් තරගයේදී, දුලීකා ඇතුඵ කණ්ඩායම කදිමට ප්‍රදර්ශන කළ හ.
සිංහල ජන වහරේ, ‘කලුවා මාරපන ගියා වගේ‘ යයි කතාවක් තිබේ. එහෙත්, දුලීකා, මාරපන ගියේ නැත. ඈ දැන, ගමන ගියා ය. එය විශිෂ්ට ය.
අවසන් තරගයේදී, රොෂාන් රණවන ගේ කණ්ඩායම වැඩි බර තබා තිබුණේ, චොකා සින්දුවලට ය.
දුලීකා, අරුත්බර ගීත ඔස්සේ තරගයට මුහුණ දුන්නා ය.
ඈ, වේදිකාවේ නිරූපණ කළ ‘අම්මා‘ දෑසට කඳුඵ උනන්නකි. ඒ අපේ රටේ අම්මා ය. අප කාගේත් අම්මා ය. තාත්තා පිළිබඳ නිරූපණයක් ද ඇගේ කණ්ඩායම, කදිමට වේදිකාවට ගෙන ආ හ.
‘දෙමව්පියන් ඈතක ගිහිල්ලා නම්, ළඟට ගෙන්න ගන්න. ඔවුන්ට අපේ ආදරය අවශ්‍යයි‘
ඔවුන් ගේ රංග කොටස අවසන් වූයේ, දුලීකා ගේ මේ අදහසිනි. එය කාලීන සමාජ පණිවිඩයකි.
දෙකයි පනහේ, රියලිටි වැඩ සටහන් අතර, දෙරණ Star City, අලුත් ආදර්ශයක් දුන් බව පැහැදිලි ය.
රොෂාන් රණවන ඇතුඵ කණ්ඩායම, ‘උලත් එකයි, පිලත් එකයි‘, ‘එන්න නංගි, එන්න මල්ලි නැගිටලා‘ වැනි චොකා සින්දු කියද්දී, ඊට උල්පන්දම් දෙන්නට, රයිනිලා ද, ළහිරුලා ද, ප්‍රේක්ෂකාගාරයේ සිටිය හ.
එහෙත්, දුලීකාලාට සිටියේ ඔවුන් පමණි.
අවසානයේ, දුලීකා ගේ කණ්ඩායමට ජය ලැබිණී. දුලිකා ගේ කණ්ඩායම විසින් පැරදුණේ මේ රටේ අංගලකාමී, අනුකාරක ධාරාව බව කිය හැකි ය. එය මා පවසන ආකාරයේ තරම් සැලසුම්සහගත ක්‍රියාවක් නො විය හැකි ය.
එහෙත්, සිදු වූයේ එයයි. ශ්‍රී ලාංකික අධ්‍යාත්මයේ යථා මුහුණුවර මහා ධාරාව බව තහවුරු කිරීමයි.
මෙය, මෙරට රියලිටි කරළියේ වෙනස් තත්ත්වයකි. ඉන්දියානු විනෝද කර්මාන්තය තුළ, ඉන්දියානු සභ්‍යත්වය කරළියේ රජ කරවන ආකාරයට, අපේ රටේ ද, ශ්‍රී ලාංකික සභ්‍යත්වය රජ කරවිය හැකි බව, දුලීකාලා ඔප්පු කළ හ.
දුලීකා, ඔබ ඇතුඵ කණ්ඩායමට ස්තුතියි!
- කුමාර ලියනගේ
https://www.facebook.com/photo.php?fbid=1738322146384649&set=a.1387765064773694.1073741827.100006206409006&type=3&theater