දුවට_මවක_මිස

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

th%2B%25281%2529.jpg


කොලොන්ගොඩ රෝහලට මිත්තනිය සමග පැමිණි හත් හැවිරිදි ළදැරිය සුරතල් ය​. ඇයගේ ඇඳුම් වලින් දුප්පත්කම පෙනේ. එහෙත් අහිංසක සිනහව දහස් වටී. එහෙත් ඇයගේ දෙනෙත් වල යම් ශෝකී බවක් මම දකිමි.


මිත්තනිය මහළු කතකි. දැරිය ඇයගේ අත අල්ලාගෙන සිටින්නීය.


" මහත්තයෝ කෙලීට පණු බෙහෙත් දෙන්න කියලා ගෙනාවේ " මහළු කත ඒජන්ත උන්නාන්සේ ඉදිරිපිටදී මෙන් හිස නවා යාප්පු හඞකින් පැවසුවාය​. මම ඒජන්ත උන්නාන්සේ නොවෙමි. මහජනයාගේ මුදල් වලින් වැටුප් ලබන මහජන සේවකයෙකි. මම ඔවුන් දෙදෙනා දෙස බලා සිනාසුනෙමි. දැරිය මිත්තනියගේ සායම් ගිය සාරි පොටින් මුහුණ වසාගෙන මදහස පෑවාය​.


දරුවාගේ මව කොහේද ? මම මිත්තනිය සමග කතා කලෙමි. මිත්තනිය ඔවුන් ගේ කතාව කීම ඇරඹුවාය. එය ඉතා සංවේදජනක කතාවකි.


මේ කතාව ඇරඹෙන්නේ 1988 වසරේදීය​. කොලොන්ගොඩ ග්‍රාමයේ ගැබිනි මාතාවක් දරු ප්‍රසූතිය සඳහා කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට ආවාය​. ඇය දරුවා ප්‍රසූත කරන්නේ මධ්‍යම රාත්‍රියේය​. නීරෝගී බිළිඳිය උපන් විගසම පවුල් සෞඛ්‍ය නිලධාරිනිය පෙකනි වැල කැපුවාය​. රෝහලේ එවකට ස්ථාන භාර නිලධාරීව සිටි සහකාර වෛද්‍යවරයා වැදෑමහ එලියට ගත්තේය​. වැදෑමහ සමග ලේ කැටි කීපයක් ආවේය.


සහකාර වෛද්‍යවරයාට මේ මව කෙරෙන් අමුත්තක් දිස්වේ. ඇය තවමත් ඉන්නේ ක්ලාන්ත ගතියෙනි. දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ලේ වහනය නැවතී නැත​. ඔහු ග්‍රාමීය රෝහලේ තිබූ සීමිත ඖෂධ මගින් ලේ වහනය නතර කිරීමට උත්සහ කලේය​. එසේම සේලයින් බෝතල් දෙකක් අත් දෙකේ ශිරා වලට සම්බන්ධ කලේය​. එහෙත් නොකඩවා ලේ වහනය වෙයි.


සහකාර වෛද්‍ය නිලධාරියාට තත්වය අවදානම් බව වැටහුනි. රුධිර පාරවිලනය අවශ්‍ය කෙරේ.වහාම මේ කාන්තාව මහනුවර ශික්ෂණ රෝහලට ගිලන් රථයකින් යැවිය යුතුය​. රෝහලේ ගිලන් රථයක් ඇත​. ගිලන් රථ රියැදුරාද සිටියි. එහෙත් මේ රෝගී කාන්තාව මහනුවර රෝහලට ගිලන් රථයෙන් හෝ වෙන යම් ක්‍රමයකින් හෝ යැවිය නොහැක​. හේතුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අනියම් ඇඳිරි නීතියක් පනවා තිබීම නිසාය​.


දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඇඳිරි නීතිය කඩා ගල්කටස් එකකින් මැරුම් කෑමට ගිලන් රථ රියැදුරා කැමති නැත​. හෙතෙම දෙදරු පියෙකි. සහකාර වෛද්‍ය නිලධාරියාටද ගිලන් රථ රියැදුරාට රෝගී කාන්තාව මහනුවර රෝහලට ගෙන යාමට බල කල නොහැක​. මේ මිනිස්කම මිය ගිය යුගයකි. අමනුෂ්‍යන් රජ කරන යුක්තිය සාධාරනත්වය නොහඳුනන යුගයකි. කාලකන්නිකම පැතිරී ගිය යුගයකි.


සහකාර වෛද්‍ය නිලධාරියා අසරණය​. මවගේ රුධිර වහනය නැවැත්වීමට සිදු කල හැකි සියල්ල ඔහු කලේය​. එහෙත් රුධිර පාරවිලනය හෝ ගර්භාෂය ඉවත් කරන සැත්කම කරන තුරු රුධිර වහනය නවතින්නේ නැත​. සහකාර වෛද්‍ය නිලධාරියා මව අසලම රැඳී සිටියේය​. අළුත උපන් බිළිඳිය ගේ ඇඞීම වාට්ටුව පුරා පැතිරී ගිය මුත් රුධිර වහනයෙන් අසාධ්‍යව සිටි මවට ඒ හඞ නොඇසුනා විය හැක​. රුධිරය නොකඩවා ගලා යයි. සියළුම දෙනා අසරණය​.


අධික රුධිර වහනය නිසා උදෑසන හය වන විට මව මිය ගියාය​. බිළිඳිය මෙලොව තනි වූවාය​.


මව මිය යාමෙන් පසු ඔවුන් ගේ දිලිඳු ජීවිත නොසිතූ ලෙස වෙනස් වී යන ලදි. පියා වෙනත් කාන්තාවක් ගෙන ගමෙන් ගියේය​. මහළු මිත්තනිය බිළිඳිය භාර ගත්තාය​. කුඩා පැලක යන්තමින් දෙයක් වවාගෙන ඔවුන් ජීවිත ගැට ගසා ගත්හ​.


මේ මහළු මාතාවගේත් කුඩා මිනිපිරිගේත් කතාව ඇසූ පසු මම මගේ
පසුම්බිය ඇර මුදල් නෝට්ටු කීපයක් මිත්තනියට දුන්නෙමි. එය ඔවුන් ගේ ජීවන ගැටළු වලට පිලිතුරක් නොවේ. ඉතා තාවකාලික පැලැස්තරයක් බව මම දනිමි. එහෙත් ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස මට ලොකු දෙයක් කල නොහැක​.


මට වැඳ ආචාර කල ඔවුන් දෙදෙනා යන්නට ගියෝය​. මම කල්පනාවක නිග්ම වූයෙමි. රජයේ හමුදා මෙන්ම රැඩිකල් දේශපාලන ව්‍යාපාර විසින් මිනිස්කම පාගා දමා කරන ලද බල අරගලයේදී වින්දිතයන් බවට පත් වූයේ මේ හය හතරක් නොදන්නා ළමුන්ද වීම කෙතරම් ශෝකජනකද ? මේ ඛේදවාචක යළිත් මේ භූමියේ ඇතිවෙයිද ? ලේ පුසුඹ සොයමින් ඒ ගෝ ඝාතකයෝ යළි පැමිනෙත්ද ?


මේ මහළු මාතාව මේ වන විට ජීවත් නොවන බව මගේ සිත කියයි. මේ දැරිය දැන් කාන්තාවක් විය හැකිය​. එහෙත් මව අහිමි වූ ශෝකය ඇය තුල තවමත් තිබෙනවා විය යුතුය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග
http://transyl2014.blogspot.com
 
  • Like
Reactions: hzr27