දුවරු_දෙදෙනා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එක් සත්‍ය කතාවක්



image.jpg


2006 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ සේවය කරන විටදී මානසික ව්‍යාකූලතාවක් සමග ඉතා තරුණ කාන්තාවක් කිරි දරුවෙකු සමග ආවාය​. මෙම තරුණ කාන්තාවගේ තනියට ඇයගේ මවද ගැබිණි නැගෙනියද ඇවිත් සිටි අතර සුපුරුදු ලෙසින් මම ඔවුන් ගේ විස්තර විචාලෙමි. ඔවුන් පැවසූ කරුණු අසා මම කම්පනයට පත් වූයෙමි.


මේ පවුල ඉතා දුප්පත් ය​. පියා වර්තමානයේ රැකියාවක් නොකරන්නෙකි. සහෝදරියන් දෙදෙනා සහ ඔවුන් ගේ අට හැවිරිදි සොහොයුරා ජීවත් වන්නේ මව විසින් සොයන ආදායමෙනි මව කුලී වැඩ කරන්නීය​. මව ගෙදර නොමැති අවස්ථාවලදී පියා විසින් වැඩිමහල් දුවට පහර දී බිය වද්දා ඇයව දූෂණය කොට තිබේ. මෙලෙස දූෂණයට ලක් වීම නිසා ඇය ගැබිනියක වූවාය​. මින් අතිශයින්ම කම්පා වූ මව එය පවුලේ රහසක්ව තබා ගත්තාය​. කල් ඉකුත් වීමේදී වැඩිමහළු සොහොයුරිය දරුවෙකු ප්‍රසූත කලාය​. මේ එම දරුවාය​. වැඩිමහළු දුව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ විට ඇය අසල සිටියේ මවය​. දරු ප්‍රසූතියෙන් පසු දුව සහ බිළිඳා ගෙදර ගෙන එන විට මව දුටුවේ තවත් ව්‍යසනයකි. ඇය ගෙදර නොසිටි කාලයේ සැමියා දෙවන දියණියද දූෂණය කොට තිබුනාය​. දැන ඇයද ගැබිනියකි.


තව දුරටත් රහස් ආරක්‍ෂා කිරීමෙන් එලක් නොවන බව තේරුම් ගත් ඇය පොලිසි ගියාය​. දැන් පියා රිමාන්ඩ් භාරයේය​. එහෙත් දැන් මුළු පවුලම ගිනි ගොඩකට මැදිවී සිටියි. මේ චිත්තාවේගී පීඩාවන් නිසා වැඩිමහල් සොහොයුරිය විශාදයේ ලක්‍ෂණ පෙන්වන බව පෙනී යයි. මෙම පවුලට ඖෂධ වලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ උපදේශනය සහ මනෝ සමාජීය සහන සේවාවන් වෙති. එහෙත් ජාතික රෝහලේ සීමිත පරාසයක සේවය කරන අප කෙසේ මේ ව්‍යසනයට පත් වූ පවුලට මනෝ සමාජීය සහන සේවා සපයන් ද ? නමුත් සුනාමි සමයේදී අපගේ රෝගීන්ට මනෝ සමාජීය සහන සේවා සැපයූ ආයතන මතක් වූයෙන් මම ඔවුන් ව එකී ආයතන වලට යොමු කලෙමි.


ඉන් පසු මෙම පවුල යලි සායනයට පැමිනියේ නැත​. දෙවන දියණියද දරුවා ප්‍රසූත කරන්නට ඇත​. ඔවුන් ගේ පියා සිරගෙට නියම වූයේද නැතහොත් ඇප ලබා පැමිනියේද කියා මම නොදනිමි. එහෙත් කුඩා ශරීරයකින් හෙබි සියළු දුක් පීඩා වලට මුහුණ දුන් ඔවුන් ගේ මව තම අන්තිම හුස්ම පොද දක්වා ඇයගේ දරුවන් සහ ව්‍යභිචාරය නිසා උපන් කිරි දරුවන් දෙදෙනා පෝෂණය කරනු ඇත​.



වෛද්‍ය රුවන් එම් ජයතුංග
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ චිත්තාවේගී පීඩාවන් නිසා වැඩිමහල් සොහොයුරිය විශාදයේ ලක්‍ෂණ පෙන්වන බව පෙනී යයි.

    lol..she isnt a human being if the dont get clinically depressed after such shit :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආනන්තරිය පාප කර්මය කරගන්නද ?

    ඔය වගේ උන්ව මැරුවට කමක් නෑ :yes: හැම එකකටම පව් හෙව්ව නං ප්‍රභාකරන්වත් මරාගන්න හම්බවෙන්නෑ :no: ජොෆ්රිට දුන්න වගේ හුස්ම හිරවෙලා මැරෙන්න දෙන්න ඕනෙ :yes: