දුව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අළුත බැඳපු ජෝඩුවක් විවාහයට පත්වුණු දවසේ රෑ එකඟතාවකට එනවා, “හෙට දවසේ අපේ, කවුරු අපේ ගෙදර ආවත් අපි දොර අරින්නේ නැතුව ඉමු. හෙට දවසේ තිස්සේම අපි අපේ ඉදිරි ජීවිතේ ගැන කතා කරමු“ කියලා. දෙන්නාම මේ අදහසට බොහොම කැමති වෙනවා. පහුවදා උදේ මේ දෙන්නා ඇහැරෙන්නේ කවුදෝ දොරට ගහන සද්දෙකින්. දෙන්නා හෙමීට දොර ළඟට ගිහින් දොරේ තියෙන චූටි හිලෙන් කවුද ඇවිත් තියෙන්නේ කියලා බලනවා. එතකොට දකිනවා තරුණයාගේ ගෙදරින් අළුත බැඳපු ජෝඩුව බලන්න ඇවිත් කියලා. තරුණයා තමන්ගේ බිරිඳගේ මුහුණ බලනවා. බිරිඳ ඊයේ වුණු එකඟතාව මතක් කරන්න වගේ ඔලුව වනනවා. තරුණයාගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. ඒත් තමන්ගේ බිරිඳට ඊයේ රෑ වුණු පොරොන්දුව කඩ කරන්න බැරි හින්දා බොහොම අමාරුවෙන් දොර අරින්නේ නැතුව බලාන ඉන්නවා. විනාඩි දහයක් විතර දොරට ගහලා බැරිම තැන,දෙමව්පියන් පිරිස ආපහු යන්න යනවා.

    ඊට ටික වේලාවකට පස්සේ ආයේ කවුදෝ දොරට ගහනවා මේ දෙන්නට ඇහෙනවා. දෙන්නා ආයෙමත් දොර හිලෙන් බලනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා. මේ පාර තරුණියගේ පැත්තෙන් ඇවිත් තියෙන්නේ. තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මුණ දිහා බලනවා. ඔහු කිසිවක් කියන්නේ නෑ. තමන්ගේ අම්මා තාත්තා දොරට එහා පැත්තේ ඉඳන් බලාගෙන ඉන්නවා ගේ ඇතුළට වෙලා තවදුරටත් බලගෙන ඉන්න තරුණියට බැරි වෙනවා. කඳුළු ඇස්වලින් කඩා වැටෙද්දි තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් සමාව අරන් දොර අරිනවා. තරුණයා ඒ දිහා පුදුමයෙන් බලා සිටියා මිසක් කිසිවක් කීවේ නැහැ.
    මේ දෙන්නාට දාව මුලින්ම ඉපදෙන්නේ හුරතල් පුතෙක්. දෙවනුවත් පුතෙක්. තුන්වැනියාත් පුතෙක්. හතරවෙනියාත් පුතෙක්. පස්වෙනියා විදිහට බොහොම ලස්සන චූටිම චූටි දූ පැටියෙක් හම්බෙනවා. තාත්තාට හරි සතුටුයි. දුවගේ පළවෙනි උපන්දිනය දවසේ තාත්තා නෑදෑ හිත මිත්රාදීන් ඔක්කෝටම කියලා ලොකුම ලොකු පාටියක් ගන්නවා. තාත්තාගේ මේ පාටිය ගැන අම්මාට හරි පුදුමයි. මොකද එයාලගේ කළින් කිසිම පුතෙකුට කිසිම දවසක මේ විදිහේ ලොකු පාටියක් අරගෙන තිබුණේ නෑ. පාටිය ඉවරවෙලා අම්මා තාත්තාගෙන් අහනවා, “කිසිම පුතෙක්ට කළින් නොගත්ත විදිහේ පාටියක් ඇයි දූට විතරක් ගත්තේ?“ කියලා.
    එතකොට තාත්තා කියනවා,

    “කවදහරි දවසක මට දොර අරින්නේ මගේ මෙන්න මේ දුව“ කියලා.

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    E unaata e denna poronduwak unanam dennama eka e widihatama rakinna one , kollata eka dekui kellata thawa dekui mokada.

    කෙල්ලොනගෙ හිත උණු වෙනවා බං.ඵහෙම නැති උණුත් කලාතුරකින් ඉන්නවා.ගොඩක් වෙලාවට බැන්ඳට පස්සෙ කොල්ල අහන්නේ කෙල්ල කියන දේ.ඒක තමා මේකෙනුත් කියන්න හදලා තියෙන්නේ‍.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    කෙල්ලොනගෙ හිත උණු වෙනවා බං.ඵහෙම නැති උණුත් කලාතුරකින් ඉන්නවා.ගොඩක් වෙලාවට බැන්ඳට පස්සෙ කොල්ල අහන්නේ කෙල්ල කියන දේ.ඒක තමා මේකෙනුත් කියන්න හදලා තියෙන්නේ‍.

    Uba kiyana kathawa aththa machan, kohomath pawlaka wenne godak welawata kella deyak kiwwoth kolla kohomahari e de karanawa kolla hithanne kella gana witharai, namuth kella karanne kellata ona de , bari welawath kolla kella kiyapu deyak nokaloth, kella e de allagena lokuwata randu karanawa.

    Mamanam ath dakeemen kiyanne.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    මාත් දුවලට ආස ඒකයි.නාකි උනහම සලකන්න ඕන නැහැ වෙනස් නොවී හිටියොත් ඇති.අද කාලේ උන්ට අඩු ගානේ අම්මා තාත්තා එක්ක විනාඩි පහක් කථා කරන්න වෙලාවක් නැහැනේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    Uba kiyana kathawa aththa machan, kohomath pawlaka wenne godak welawata kella deyak kiwwoth kolla kohomahari e de karanawa kolla hithanne kella gana witharai, namuth kella karanne kellata ona de , bari welawath kolla kella kiyapu deyak nokaloth, kella e de allagena lokuwata randu karanawa.

    Mamanam ath dakeemen kiyanne.

    :yes:
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    Uba kiyana kathawa aththa machan, kohomath pawlaka wenne godak welawata kella deyak kiwwoth kolla kohomahari e de karanawa kolla hithanne kella gana witharai, namuth kella karanne kellata ona de , bari welawath kolla kella kiyapu deyak nokaloth, kella e de allagena lokuwata randu karanawa.

    Mamanam ath dakeemen kiyanne.

    :dull::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Uba kiyana kathawa aththa machan, kohomath pawlaka wenne godak welawata kella deyak kiwwoth kolla kohomahari e de karanawa kolla hithanne kella gana witharai, namuth kella karanne kellata ona de , bari welawath kolla kella kiyapu deyak nokaloth, kella e de allagena lokuwata randu karanawa.

    Mamanam ath dakeemen kiyanne.

    eka tamai bun ganu kiyanne :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Uba kiyana kathawa aththa machan, kohomath pawlaka wenne godak welawata kella deyak kiwwoth kolla kohomahari e de karanawa kolla hithanne kella gana witharai, namuth kella karanne kellata ona de , bari welawath kolla kella kiyapu deyak nokaloth, kella e de allagena lokuwata randu karanawa.

    Mamanam ath dakeemen kiyanne.
    ඔව් උබ කියන එක ගොඩක් වෙලාවට ඇත්ත,
    කෙල්ල හිතන්නේ එයාගේ කැමැත්ත හැම වෙලේම වෙනඩ ඕන කියලා නැත්තම් මුණ එල්ල ගන්නවා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    avatar554983_14.gif