දූපත් දහ තුනකට ලියුම් බෙදන පල්ලියවත්තේ ත&#3536

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දූපත් දහ තුනකට ලියුම් බෙදන පල්ලියවත්තේ ත&#3536

දූපත් දහ තුනකට ලියුම් බෙදන පල්ලියවත්තේ තැපැල් නෝනා

හඬපටය අහන්න මෙතනින්.

130603130357_palliyawatta_fisherman_624x351_bbc_nocredit.jpg


කල්පිටිය මුහුදේ පිහිටි දූපත් අතරින් ජනාවාශ වී පවතින කුඩාම දූපත ලෙස සැලකිය හැකි පල්ලියවත්ත ධීවර පවුල් හතලිස් එකක නිවහනයි.

කිසිම කුඩා දරුවෙක් දකින්නට නැති මේ දූපතේ ජනගහණය අසූවත්, සියයත් අතර පිරිසක්.

ඒ අතරිනුත් අති බහුතරය පුරුෂයන්.

කල්‍යාණි පද්මලතා, ඒ පුරුෂයන්ගේ රාජධානියේ ආධිපත්‍යය හොබවන එකම රජයේ නිලධාරිනියයි.

කල්පිටිය මුහුදේ පිහිටි දූපත් දහ තුනටම ලියුම් බෙදන එකම තැපැල් කන්තෝරුවේ තැපැල්පතිනිය ඇයයි.

දූපත්වාසීන්ට ලියුම් බෙදන්නේත් ඔවුන්ගේ බැංකු අවශ්‍යතා ඇතුළු සියලු පහසුකම් නොමිලේ සපයා දෙන්නීත් ඇයයි.

දූපතේ තිබෙන එකම පහසුකම තැපැල් කන්තෝරුව පමණයි.

"මම හිතන්නේ දෙදාහකට වැඩිය හිටිය. පාසල වැහිලා දැන් අවුරුදු දහ නමයක් විතර වෙනවා," ඇය මා හා සංවාදය ආරම්භ කළේ එලෙසින්.

"එතකොට දරුවන්ට මොකද වුනේ?"

"පුළුවන් කට්ටිය, වත්කම තියෙන කට්ටිය දරුවෝ ගම්වල ඉස්කෝලවලට දාගත්ත. නැති බැරි කට්ටිය මේ දූපතේම තියා ගත්ත. දරුවන්ගේ අධ්‍යාපනේ එතැනින්ම ඉවරයි."

පල්ලියවත්ත දූපතේ පාසලක් නොමැතිවීම හේතුවෙන් ස්වාමි පුරුෂයා ධීවර රැකියාව කරන අතරවාරයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මීගමුවේ රැඳී සිටීමට බිරින්දෑවරුන්ට බල කෙරී තිබෙන බව ඇය පවසන්නීය.

"ඉතින් හැමදාම දෙන්න දෙපැත්තේ. දරුවෝ දෙමාපියන්ව අඳුරන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ගෑණු දරුවෝ දෙන්නගේ වුවමනාම තැන්වලදී මට ඉන්න ලැබුනේ නෑ මොකද රස්සාව කරන්න ඕන නිසා."

බොනිපස් පෙරේරා පල්ලියවත්ත දූපතේ වෙසෙන වැඩිමහල් ධීවරයෙක්.

"ඉස්සර ඉස්පිරිතාල තිබුනා, ඉස්කෝල තිබුනා ඒත් ඉස්සර අර කොටි කලබල ආවනේ, ඉතින් ඊට පස්සේ කට්ටිය අඩුවුනා," ඔහු පැවසීය.

"ඒ කියන්නේ මේ දූපතේ දරුවෝ නෑ ?"

"නෑ නෑ පොඩි කට්ටිය නෑ."

අප කතා බහ කරමින් සිටින අතරවාරයේ සංවාදයකට එක් වූ තරුණ එඩ්වඩ් මිරාල්, සංචාරක හෝටල් ඉදි කිරීමේ අරමුණින් තමන් දූපතෙන් පිටමං කිරීමට බලධාරීන් උත්සාහ කරමින් සිටින බව පැවසීය.

ආණ්ඩුවෙන් බල කරනු ලැබුවහොත් වන්දියක් ලබාගෙන දූපතෙන් පිටවීම හැර විකල්පයක් නැතත්, පල්ලියවත්තේම දිවි ගෙවීම සිය අභිප්‍රාය බවයි, ධීවරයන් මා හා පැවසුවේ.

130603125757_kalyani_palliyawatta_624x351_sarojpathirana_nocredit.jpg


පාසලක් නැති පල්ලියවත්තවාසීන්ට ප්‍රතිකාර ගැනීම පිණිස රෝහලක් හෝ වෛද්‍යවරයකුත් නැහැ.

"හදිස්සියක් වුනොත් රෑ දවාලක් කියල නෑ බෝට්ටුවෙම කල්පිටියට යන්න එපැයි හැතැප්ම විසි අටක්. පැය තුන හමාරක් යනවා මෙහෙ ඉඳල යනවා නම් මහ බෝට්ටුවේ."


ලෝකය විසි එක්වැනි සියවසට පා තබා සිටියදී, ශතවර්ෂ ගණනාවක් අතීතයේ තිබූ පහසුකම් සමඟ ජීවත්වීමට පල්ලියවත්තවාසීන්ට තවමත් බල කෙරී තිබෙන හැඩකුයි දූපතේ ගත කළ කෙටි කාලය තුලදී මට දක්නට ලැබුනේ.

130603131103_kalyani_bonipas_624x351_bbc_nocredit.jpg



Source BBC Sinhala Sandeshaya
 
Last edited:

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආශ්චරවයට තව ටික කාලයයි. එතකන් අල්ලලා ඉන්න.