දූෂිතම ක්‍රිකට් ශ්‍රී ලංකාවේ -ICC
හොරකම් කිරීම තම එකම අරමුණ ලෙස නොසලකන පුද්ගලයෙකුට තනතුරක් ලැබූ විට ඔහු සිතන්නේ ඉන් හොරකම් කිරීම නොව එම තනතුරින් ජනතාව වෙනුවෙන් කළ හැකි නිර්මාණාත්මක සේවාවන් කවරේද යන්නයි. හරීන් ප්‍රනාන්දු නමැති තරුණ දේශපාලනඥයාද එලෙස සිතන්නෙක් බැවින් ඔහුට ක්‍රීඩා ඇමැතිධූරය ලැබීමෙන් පසු රට පුරා සිටින ක්‍රීඩකයන්ගේ අඳෝනා වලට ප්‍රතිකර්ම යෙදිය හැකි නව ක්‍රමවේදයක් සොයාගෙන තිබේ. ඒ නම් ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමත් ඒ සමගම ක්‍රීඩකයන්ගේ දුක්ගැනවිලි ක්ෂණිකව ඉදිරිපත් කළ හැකි පැය 24 පුරා ක්‍රියාත්මක 'කෝල් සෙන්ටර්' එකක් ආරම්භ කිරීමට කටයුතු යෙදීමත්ය. ඒ කෝල් සෙන්ටර් එකේ ක්ෂණික දුරකතන අංකය 1978 වේ.
ලංකාවේ ක්‍රිකට් වල ඇති දූෂණ ගැන කතා කරන හරීන් ප්‍රනාන්දු කියන්නේ ලෝකයේ දූෂිතම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්නේ ශ්‍රී ලංකාවේ බව අයිසීසීය තමන්ට පැවසූ බවයි. එය ඉහල සිට පහළටත් පහළ සිට ඉහළටත් දූෂිත බව අයිසීසීය පවසා තිබේ. ඒ ගැන තමා ලජ්ජාවට පත් වූ බව පවසන හරීන් එංගලන්තයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පත්වීමට ක්‍රීඩා සමාජ ඡන්ද ඇත්තේ 18 ක් බවද ඔ්ස්ට්‍රේලියාවේ එය 9 ක් නමුත් ලංකාවේ 142 ක් ඇතැයිද පවසයි. බොහොමයක් ඒවා ව්‍යාජ ඒවාය.
ලංකාවේ ක්‍රිකට් දූෂණ සෙවීමට අයිසීසීය විසින් ස්ථිර කාර්යාලයක් ලංකාවේ ආරම්භ කිරීමට යන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබෙන මුදල් වලින් සියයට 80 ක්ම ලැබෙන්නේ අයිසීසීය හරහා බවත් හරීන් පැවසීය. ක්‍රීඩාවේ දූෂණ විරෝධී නීති දුර්වල බැවින් මාස 2 ක් තුල ඒවා ස්ථාපනය කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට්හි අධික වැටුප් ලබන අය ගැන යළි තක්සේරුවක් කරන බවද පැවසීය. අසන්ත ඩිමෙල්ගේ නායකත්වයෙන් ඇති තේරීම් කමිටුවට දැන්ම අත නොතියන බවද හේ පැවසීය.
ක්‍රීඩා ඇමැති හරීන්ගේ අදහස් දැක්වීම පහතින්