අහුවුණොත් හෙම?
“ඔන්න නෝන මහත්තයා මේ පාර නං අපේ චූටි නෝනට මං ගෙනාවේ හරි අපූරු මංගල යෝජනාවක්. ඒ මහත්තයා බොහොම ජයට ටියුෂන් පන්තියක් කරගෙන යන, දියුණු වෙන ඉළන්දාරියෙක්”. සාලයේ වාඩිවී සිටි කපු මහතා කීවේ රංජනී ගෙනා තේ කෝප්පය අතට ගනිමිනි.
“හැබෑට! එහෙනං ඉතින් ගෙවල් දොරවල්, යාන වාහන හෙමත් නැතෑ, නේද?” රංජනී ඇසුවේ බලවත් උනන්දුවකිනි.
“මේ මොනවා අහනවද නෝනා? බොහෝම වටිනා අලුත්ම කාරෙකකුත් ගත්තා මේ ළඟදි. ඒ මහත්තයා ගණිත ගුරුවරයෙක් විදියට ඒ පළාතෙ බොහොම ප්‍රසිද්ධයි” කපුවා කීවේ මනමාලයා මුරුංගා අත්තේ තබමිනි.
“අනේ කපු මහත්තයො, එහෙම නං වෙන අතක් බලමු. ඔය මනුස්සයත් ආණ්ඩුවේ ප්‍රශ්න පත්තරයක් එහෙම හොරෙන් පිටකරලා අහුවුණොත් මේ අපේ කෙලිනෙ අමාරුවේ වැටෙන්නෙ.” රංජනී වහා කීවාය.
-----------------------------------------------------------------------------
එච්චර කොහෙද?
‘ස්වාමීනි, පාරේ කහ ඉරෙන් මාරු වෙමින් සිටි මගේ සේවා දායකයාව මේ විත්තිකාරිය, තම වාහනය නොසැලකිලිමත් ලෙස පදවා එහි හැප්පුවා විතරක් නෙමෙයි.
ඒ අනතුරෙන් ඔහුගේ ඉදිරිපස දතක් ඔහුට අහිමි වුණා. ඔහු ඒ වෙනුවෙන් රුපියල් දෙලක්ෂයක වන්දි මුදලක් බලාපොරොත්තු වෙනවා ස්වාමීනි.” චන්ද්‍රසිරි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විනිසුරුතුමන් දෙසට හිස නමා කීවේය.
“එක දතකට රුපියල් දෙ ලක්ෂයක්! මගේ වගඋත්තරකාරිය කෝටිපතිනියක් කියල හිතුවද?” පැමිණිල්ලේ නීතිඥවරයා පෙරළා ඇසුවේය.

එහෙම බලයක් කොහේද?
”අනේ අම්මාපල්ලා, මට මෙන්න මේ වගෙ වෙලාවකදි තමයි හිතෙන්නෙ දෝෂාභියෝගයක් ගෙනල්ලා හරි තමුසෙත් එක්ක තියෙන මේ කසාදෙ කටුගාලා දාන්ඩ.
මේ ගෙදර සුමේ කරන්ඩ ගියාම මට මගේ වැඩක් කරගන්ඩ වෙලාවක් නැහැනෙ” ගෙදරට බඩු ගෙන ඒම සඳහා කඩේ ගොස් නිවෙසට පැමිණි විගසම වත්තේ පොල් වළවල් කැපීමේ වගකීම තමන් වෙත පැවරීමෙන් කෝපයට පත් සෙනෙවි, තුෂාරිට කීවේය.
”කසාදෙ කටුගාන්ට දෝෂාභියෝගයකින් පුළුවන්යැ මනුස්සයො? එතකොට මම නඩුවක් දානවනෙ මිනිහා විදියට ඔයාට එහෙම බලයක් නෑ කියලා” තුෂාරි වහා කීවාය.

දෙකටම නැහැ
“ඊයේ හවස කඩෙන් මං ගෙනිච්ච හාල් සේරුව ආන් අපේ හාමිනේ කැලේට විසිකළා මුදලාලි.” සිරිතේක්කු හන්දියේ සිල්ලර කඩය වෙත අවුත් කීවේය.
“ඒ මොකෝ බං?” පෙරමියස් මුදලාලි ඇසුවේ විමතියෙනි.
“ඒක මේ දෙකටම නැති හාලක් කියල අපේ ගෑනි කිව්වෙ. බතක් උයන්ඩ ඒකෙ වැලි වැඩියිලු. ගෙයක් හදන්ඩ ඒකෙ වැලි මදිලු. සිරිතේක්කු පිළිතුරු දුන්නේය.

හොල්මන්
“තමුසෙගෙ පවුල පසුගිය කාලෙ සිංහල චිත්‍රපටයක චරිතයක් රඟපෑවා නේද? මොකද ඊට පස්සෙ කිසි හැල හොල්මනක් නැත්තෙ?” තිළිණගෙ සැමියා අතරමඟදී හමුවූ ඔහුගේ අසල්වැසියකු වන ගාමිණීගෙන් ඇසුවේය.
“හොල්මන් වලින් වැඩක් නැහැ කියල ඊට පස්සෙ එයාව චිත්‍රපටවලට තෝරා ගත්තෙ නැහැනෙ” හෙතෙම කීවේය.

link