දෙන්නගෙම පළවැනි එක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙන්නගෙම පළවැනි එක

    දෙන්නගෙම පළවැනි එක

    ’මොකද මේ තමුසෙ බයෙන් වෙව්ලන්නෙ? ශල්‍යකර්මය සඳහා රැගෙන ආ රෝගියාගේ තොලකට වියළී සුදුමැලි වෙමින් පැවති මුහුණ දුටු වෛද්‍ය ගුණසේකර සිනා සී ඇසීය.

    ’මේ මගෙ පළවැනි ඔපරේෂන් එක දොස්තර මහත්තයෝ.’ රෝගියා විලියෙන් මෙන් සිනා සී පිළිතුරු දුන්නේ ය.
    ’ඉතින් හලෝ මේ මගෙත් පළවැනි ඔපරේෂන් එකනෙ’ සිනාසී කියූ වෛද්‍යවරයා නිර්වින්දන එන්නත අතට ගත්තේය.

    emoticon-00179-headbang.gif
    emoticon-00106-crying.gif

    =================================================

    කූඹි තමයි

    දඹදිව වන්දනාවේ යාම සඳහා චාමනී කටුනායක ගුවන් තොටුපළට ගියේ තම සැමියා, දරුවන් සහ තවත් සමීප හිතවතුන් පිරිසක් සමඟය. චාමනීටත් ඇගේ යෙහෙළියක වූ රමණීටත් ගුවන්යානයේ එක ළඟ අසුන් ලැබුණි. රමණී මින් පෙර කීප වරක් විදේශයන්හි සංචාරය කර තිබුණි. එහෙත් මේ චාමනීගේ පළමු ගුවන් ගමන විය.
    රමණී සමඟ ටික වේලාවක් ආගිය තොරතුරු කතාබහ කරමින් සිටි චාමනී හදිසියේම ගුවන් යානයේ කවුළුවෙන් පිටත බලා මෙසේ කීවාය.
    ’හානේ... බලන්ඩකො රමණි අර පහළ ඉන්න මිනිස්සු. හරියට කූඹි පෙළක් වගෙ.’
    රමණි කුහුලින් හුනස්නෙන් මඳක් එසවී කවුළුව දෙසට නැඹුරුව එබී පිටත බලා සිනාසෙමින් මෙසේ කීවාය.
    ”ඒ කූඹි තමයි චාමනී. අපි තාම පිටත්වුණේ නෑ.”

    emoticon-00127-lipssealed.gif

    =================================================

    දෙන්නෙක් නෙමෙයි

    මධුසමය ගතකිරීම සඳහා තානායමට ගිය නිලංක සහ මනෝරි නාන කාමරයට වැදී ඇඟපත සෝදාගෙන අවුත් තමන්හට වෙන් වූ කාමරයේ එක් පසෙක ගලා යන ගඟකට මුහුණලා සාදා තිබූ බැල්කනියේ එක ළඟ තබා තිබූ සුවපහසු පුටු දෙකක වැතිරුණහ.
    ’මින් පස්සෙ ඔයයි මමයි දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්’ මනෝරිගේ මුහුණට එබුණු නිලංක ඇගේ දෑත් වැලඳ ගනිමින් කීවේය.
    ’ඒක මං දන්නව. ඒ වුණාට රෑ කෑම දෙන්නෙකුට ඕනෙ කියල ඕඩර් කරන්න.’ මනෝරි කීවාය.

    emoticon-00115-inlove.gif
    emoticon-00140-rofl.gif

    =================================================

    හොඳ නැත්තෙ මොනවද?

    ”ඔහේලගෙ සාප්පුවෙන් අපි අරගත්ත රත්තරන් බඩු බාලයි. අපි කැමැති නෑ ඒ වගෙ බඩු පාවිච්චි කරන්ඩ. කරුණාකරලා මේවා ආපහු අරගෙන අපිට සල්ලි දෙන්ඩ.” තමා රන් බඩු මිලදී ගත් සාප්පුවට ගොඩවැදුණු අනුලා සහ චම්පා එහි කළමනාකරු හමුවී කීවෝය.
    ”අපි එහෙම පොරොන්දු වෙලා නැහැනෙ නෝනා” කළමනාකරු කාරුණිකව ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
    ”මොකද නැත්තෙ? මේ බිලේ තියෙන්නේ ලොකු අකුරෙන් මුද්‍රණය කරලා, ‘හොඳ නැත්නම් මුදල් ආපසු දෙනු ලැබේ’ කියලා” අනුලා කළමනාකරුගේ මුහුණට බිල්පත පෑවේ තරහිනි.
    ”ඒක හරි නෝනා. නෝනා දුන්න සල්ලි ආපහු දෙන්න ඒවයෙ වැරැද්දක් තිබුණෙ නැහැනෙ” කළමනාකරු සිනාසෙමින් කීවේය.

    emoticon-00146-punch.gif

    =================================================

    ඉතුරුවේ තරම !

    ’මම දැන් පැය භාගයක් තිස්සේ බලාගෙන ඔයා එක සිගරට් එකකින් අනිත් සිගරැට් එක පත්තු කරගන්න හැටි. අනේ ඇත්තට මනුස්සයෝ, ඔයා ඔය විදියට මාසෙකට කොයිතරම් මුදලක් නාස්ති කරනවද?” කොළඹගේ ගේ බිරිඳ පත්තරයක් කියවමින් සිගරට්ටුවක් උරනා තම සැමියා දෙස අවඥාවෙන් බලා කට ඇද කොට කීවාය.
    ”ඔන්න ඕකනෙ ඩල්සි වැරැද්ද. ඔයගොල්ලෝ ඕන දේක වැරදි පැත්තමනෙ බලන්නෙ. ඔයා හිතුවේ නෑ නේද මට ගිනිපෙට්ටිවලට යන සල්ලි සම්පූර්ණයෙන්ම ඉතුරුයි කියලා.” සිගරට් කහට බැඳී අවපැහැ ගැහුණු දත් පෙන්නා සිනාසෙමින් කොළඹගේ කීවේය.

    emoticon-00176-smoke.gif
    emoticon-00102-bigsmile.gif

    =================================================

    වෙලාව ගිය දුරක්

    මනෝ බස් නැවතුම්පළට වී සිටියේ නගරයට යාමේ අදහසිනි. එතැනට ආ තරුණයෙක් ආචාරශීලී ලෙස සිනාසී ‘වේලාව කීයදැ’යි ඔහුගෙන් ඇසීය. මනෝ තරුණයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළා කිසිවක් නෑසුණාක් මෙන් ඉවත බලා ගත්තේය. තරුණයා ලැජ්ජාවට පත්ව ඉවත ගියේය. මේ සිද්ධිය බලා සිටි සිරිල් මනෝ වෙත හැරී මෙසේ ඇසීය.
    ”මොකෝ මිස්ටර් මනෝ අර හාදයා වෙලාව ඇහැව්වාම ඔහේ උත්තරයක් නොදී අහක බලා ගත්තෙ?”
    ”සිරිල්, තමුසෙ දකින්ඩ ඇතිනේ වෙච්ච දේ. එයාට මම වෙලාව කිව්වා නං මිනිහා මාත් එක්ක කතාවට වැටෙනවා. මිනිහා එතකොට අහන්ඩ බැරි නෑ බස් එකත් ප්‍රමාද හින්දා තේ එකක් බොමුද කියල.
    එහෙම එයාගෙන් තේ බිව්වාම මටත් වෙනවා මිනිහට කියන්ඩ අපේ ගෙවල් පැත්තෙ ඇවිත් යන්ඩ කියල. එහෙම ආවහම මිනිහා මගෙ ලස්සන දුවව දකිනවා. මිනිහා දුවව කසාද බඳින්ඩ කැමැතියි කියල කියන්ඩත් බැරි නැහැ.
    දුවත් මිනිහට කැමැති වුණොත් එහෙම දෙන්න කසාද බඳියි. මම කොහොමද අයිසෙ ඔරලෝසුවක් ගන්ඩ බැරි එකෙකුට මගෙ දුවව දෙන්නෙ? ඒකයි මං උත්තරයක් නොදී අහක බලා ගත්තෙ.” මනෝ කීය.

    emoticon-00158-time.gif

    =================================================

    සිළුමිණ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    heh meka fatta machan:lol::lol: