. රොයල් නම් කමක් නෑ ලූ
https://www.facebook.com/apeaadia/videos/2315135452045016/?fref=mentions
රාජකීයයට පණ මෙන් ආදරය කරන අම්මාවරුන් මැජික් නොවෙන බව දන්නේ රාජකීයයන් ම පමණි. දිනපතාම පාහේ තම සෑම වැඩක් ම පසෙක ලා පාසල වෙනුවෙන් මහන්සි වෙන අම්මලා අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. එය රාජකීය විද්‍යාලයට පමණක් පොදු වූ කරුණක් නොවේ යන්න මගේ විශ්වාසය වන්නේ මම දන්නා බහුතරයක් පාසල්වලද පාසලේ ම පිරිසක් මෙන් ඇපකැප වී කටයුතු කරනා අම්මාවරු මම දැක ඇති නිසාවෙනි.
"මගෙ පුතත් රෝයල්, හස්බන්ඩුත් රෝයල්" යන වාක්‍යය ඛණ්ඩය නිසා පුදුමාකාර වේදනාවට පත් අය මේ දිනවල බුකියේ වැහි වැහැලා ය.
ආනන්දය රටේ ආරක්ශක අංශවල ප්‍රධානියන් දුසිම් ගණන් බිහි කරනා පින්කෙතකි.
ඩීඑස් සේනානායකය, නාලන්දය,මහානාමය, ඉසිපතනය යනාදී ප්‍රධාන පෙළේ පාසල් සියල්ලකගෙන් ම ද ක්‍රීඩකයන්, දේශපාලකයන් අනන්ත බිහිවී ඇත.
උන් පිස්සු කෙළින කල කිසිවෙක් පාසල් අල්ලාගන්නේ නැත.
මම පුද්ගලිකව ඉහත කී සියලු සහෝදර පාසල්වලට ගරු කරන්නෙක්මි.
ආනන්දය,නාලන්දය,සේනානායකය ඉන් ප්‍රධාන තැනක් ගනී.
ඉඳ හිට මරාගත්තාට, මවක් සිය පුතුන් සෙවණ ලබනා පාසල ගැන ආඩම්බර වීම තුප්පහි කොට කතා කිරීමට තරම් තවම පහත් තත්වයට වැටී නැත.
දේශපාලකයන් කොහොමත් කෙළින්නේ පිස්සු ය.
කවුරුත් මෛත්‍රීපාලගේ පාසලට කුණු කතා කියනවා මම අසා නැත්තෙමි.
මහින්දගේ පාසලට කුණු කතා කියනවා මම අසා නැත්තෙමි.
ඒ තබා රන්ජන්ගේ, ගීතාගේ, විමල්ගේවත් පාසල්වලට උන් නිසා කුණු කතා කියනවා මම අසා නැත්තෙමි.
මේ සියල්ල මතක් වෙන්නේ 'රාජකීයයෙක්' නම දුටු විටදී පමණි.
මේ කරුණ ගැන පුදුමාකාර ලෙස වහසි දොඩනා බණ්ඩාරනායකය වැනි අහලකවත් නැති එවුවා ගැන මම කතා කරන්නටවත් අකමැති වෙමි.
කුහක යැයි මට බැන්නාට කම් නැත.
කුහක කතාවලට උත්තර දෙන්නට මමද කුහක විය යුත්තෙමි.
'රෝයල් එක් ලොකුද ඇන්ටි' කියා ඇසූ වුන් අපි දුටුවෙමු.
ඔව් රාජකීය ය ලොකු ය.
නිකම්ම නොව රාජකීයය අභිමානනීය ම ඉතිහාසයක් සතු පාසල ය.
මම මගේ පාසල සුද්ද කරනවා යැයි ඔබ කියන්නට පුලුවන.
අනෙක් සියලුම පාසල් පසෙක ලා, රාජකීයයට පමණක් දේශපාලනයක් අල්ලාගෙන මඩ ගසන්නට තරම් අමන වූ ඔබ වැන්නෙක් එසේ සිතුවාට ද මට ප්‍රශ්නයක් නැති වග පමණක් කිව යුතු මය.
රාජකීය ය මෙතෙක් කල් පැවතුනේ එවන් අම්මාවරුන්ගේ ආදර ශක්තියෙනි.
එකම පවුලේ පරම්පරා ගණනක් ආනන්දීයයන් ය, නාලන්දීයයන් ය, සේනානායකීයයන් ය කියාගන්නට හැමකෙනෙකුටම වාසනාව නැත. ඒ වාසනාව ලබන්නා ඒ ගැන ආඩම්බර ය.
ඔහුට ඒ ගැන සියලු අයිතිවාසිකම සතු ය.
එවන් අභිමානයකින් අම්මා කෙනෙක් කතා කළ පළියට කුණු කතා කියන්නට පෙර සිහි කැඳවීමට කැමති කරුණක් තිබේ.
එනම්,
එකී රැල්ලේ මූලාරම්භය වන්නේ ද රාජකීය ය ම පමණක් ම වන බවයි.
මම යළිත් කියමි.
රාජකීය ය මෙතෙක් කල් විරාජමාන වූයේ එවන් අම්මාවරුන්ගේ ආදර ශක්තියෙනි.
අවැසි අයුරින් ලුහු කොට සලකනු මැනවි.
'අම්මා' අකුරු තුන වැදූ අම්මාටත් රාජකීයයටත් අමතන්නට එකම භක්තියෙන් යොදාගන්නේ හුදී වචනාර්ථයට එහා ගිය තේරුමක් සහිතව බව අවබෝධ කරගත් දිනෙක, ඔබෙත් රාජකීයයෙත් වෙනස ඔබට වැටහෙනු ඇත.
ප:ලි:
මේ ලියමන දැක අනේක විද්වතුන් රෙදි උස්සාගෙන කියවනු ඒකාන්තය.
උන්ට මේ ලියමන ම යළි යළිත් පිළිතුරු ලිපියක් කර ප්‍රධානය කරමි!
-ආඩම්බරකාර රාජකීයයෙක්-
උපුටාගැනීම...
දෙමින්ත ජයසිංහ-







