ඔහු වීරයෙක් නොවන්නේ අධිරාජ්‍යවාදී ධනපතීන් පමනයි.
හොඳයි දැන් ඉතාම දුප්පත් මනුස්සයෙක් ඉන්නවා, ඔහු පරමාණු බෝම්බ වලට විරුද්ධයි.. ජපානයට පරමාණු බෝම්බ දාපු ඇමරිකානු බලධාරීන් ඔහුගේ පිළිකුලට පත් වෙනවා.
දැන් ඒ මනුස්සය කොහොමද කියන්නේ පරමාණු බෝම්බ වෙනුවෙන් පෙනී හිටපු චේ වීරයෙක් කියලා?
මානව දයාව කියන්නේ මිනිස්සුන්ගේ වැඩේ කෙරෙනවා නම් සෙසු ප්‍රාණීන්ට (අනික් සත්වයන්ට හා ජීවීන්ට ), ගහකොල වලට හෙන ගහල ගියත් කමක් නෑ කියන එකට. (ඒක බෞද්ධ සංකල්පයක් නෙවේ. බෞද්ධයන්ට තියෙන්නේ සියළු සතුන් කෙරෙහි කරුණාව විතරයි.)
මානව දයාව කියන්නේ ඉතාම පහත් ප්‍රාථමික සංකල්පයක් විතරයි. නමුත් මිනිසුන් මතවාද අනුව දෙකට බෙදල එක කොටසකට දයාව දැක්වීමත් තවත් කොටසකට වෛරය දැක්වීමත් මානව දයාව නෙවෙයි.
චේ ඉන්නේ මේ ප්‍රාථමික මානව දයාව කියන සංකල්පයටත් පහළින්.. ඔහුට මානව දයාව තිබුනා කියන්නේ බොරුවක් විතරයි.
මම විරුද්ධ වෙන්නේ චේ වීරයෙක් විදිහට සලකන එකට නෙවෙයි. එහෙම කරන අයගේ දෙබිඩි පිළිවෙතටයි.
උදා-
1. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අයත් කියනවා චේ වීරයෙක් කියලා - තමන්ට කැමති මතවාදයක් දරණ එක මූලිකම මිනිස් අයිතිවාසිකමක්. එතකොට කෙනෙකුට ධනවාදී අදහස් දරන්න අයිතියක් නැද්ද? එහෙම මිනිස්සු මරන එක වීරකමක් වෙන්නේ කොහොමද?
2. පරමාණු බෝම්බ වලට විරුද්ධ අය කියනවා චේ වීරයෙක් කියලා - චේ කියන්නේ පරමාණු බෝම්බ දාල මිලියන ගනන් මිනිස්සු මරල නව ලෝකයක් ගොඩනැගිය යුතුයි කියල ප්‍රසිද්ධියේ කියපු කෙනෙක්.
3. යුද්ධයකදී කුඩා ළමුන් ඝාතනය නොකළ යුතුයි කියන අය කියනවා චේ වීරයෙක් කියලා - චේ අවු 14ක ළමයෙක් ඔත්තු සැපයීමේ චෝදනාව මත වෙඩි තියල දැම්ම කියල ඔවුන් දන්නේ නැතිව ඇති.
ඒ මදිවට මට වරක් හමුවුනා චේ ට වඳින සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුත්... මේ මිනිස්සුන්ට පිස්සුද දන්නේ නැහැ.
චේ ට ගරු කරනවා නම් ඉස්සෙල්ලම ඔහුගේ මතවාද වෙනුවෙන් පෙනී සිටින්න....






