දෙමළ බසින් ගැයීමට ශ්‍රීලනිපය එකඟයි

monson

Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    දෙමළ බසින් ගැයීමට ශ්‍රීලනිපය එකඟයි

    ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නැතැයි හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

    මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමට ප්‍රධානම හේතුව ජාතිවාදී, වාර්ගවාදී ක්‍රියාවන් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව කියා ගන්නා ඇතැමුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් කීමට එරෙහි බව කියනුයේ ඔවුන්ගේ පෞද්ගලික අදහස බවත්, බොදුබල සේනාව වැනි සංවිධාන වල තැන ඔවුනට හිමි බවත් හිටපු ඇමැතිවරයා පැවසීය.

    වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි දෙමළ සහ සිංහල භාෂා රාජ්‍ය භාෂා වන බැවින් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ වරදක් නැති බවයි.


    - http://www.lankadeepa.lk/index.php/articles/304152

    ජාතික ගීය දෙමළෙන් ගයන්න විරුද්ධ වූ සරත් වීරසේකරට ඩිලාන්, වාසු දෙහි කපයි

    ජාතික ගීය දෙමළෙ භාෂාවෙන් ගායනා කිරීමට දී ඇති අවසරය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රි සරත් වීරසේකර මහතා ඊයේ (20)පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාවට පිළිතුරු දෙමින් එජනිස මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා හා වාසුදේව නානයක්කාර මහතා දැඩි පිළිතුරු ලබා දිමට කටයුතු කළහ.

    සරත් වීරසේකර මහතා ප‍ටු ජාතිවාදී මතයක සිට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම ගැන ද දෙමළ ජනතාවද ඉතා පහත් මට්ටමට ඇද දමමින් කතා කළේය.

    මෙහිදී දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට අයිතියක් තිබෙන බව ද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසී ය. ව්‍යවස්ථාවේ තිබෙන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්නයෙන් ම එකඟ බවත් පෙරේරා මහතා කියා සිටියේය. ශ්‍රී ලනිපයේ යැයි කියා ගන්නා මේ මන්ත්‍රීවරයා වැනි අන්තවාදීන් නිසා තමයි මහින්ද රාජපක්‌ෂ මහතා පරාජය වුණේ ඒ මන්ත්‍රීවරයා සුදුසු ශ්‍රීලනිපයට නොවේ බොදුබල සේනාව වැනි සංවිධානකටයි යැයිද ඩිලාන් පෙරේරා මහතා කීවේය.

    ලෙස ජාතික ගීය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මතය වන බවත් ඩිලාන් පෙරේරා මහතා කීවේය.

    මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ සිංහලවාදීව හෝ දෙමළවාදීව මේ ප්‍රශ්නයට අවතීර්ණ වීම සුදුසු නොවන බවයි. තමන් මේ පිළිබඳව යෝජනාවක් පෙර දී ගෙන ආ බවත් ඊට ආණ්ඩුවේ සිටි අන්තවාදි කොටස් විරුද්ධ වූ බවත් ඔහු පෙන්වා දුන්නේය


    - http://www.lankadaily.com/latestnews/item/5823-2015-03-21-02-45-36
     
    Last edited:

    Similar threads