දෙමළ ෆිල්ම් එකක් බැලුවා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දෙමළ ෆිල්ම් එකක් බැලුවා..

    මේ ලගදී ... දමිළ වානිජ චිත්‍රපටයක් බැලුවා....ඒ චිත්‍රපටියේ හරය ඇත්තටම මගේ සිතට වැදුනා....




    13239074_10209425896785187_4997974837913228787_n.jpg





    චිත්‍රපටියේ කතාව දිවයන්නේ IPS සුදුසුකම ලබන්න ඉගනගන්නා
    තරුණයන් කීපදෙනෙක් පිලිබදව.. ඔවුන් රටේ අසාධාරණයට එරෙහිවෙන්න උත්සහකරනවා ශිෂ්‍යන් කාලේ...

    ඒත් ඔවුන්ට ලැබෙන්නේ ගැරහුම් උපහාස පමණයි..

    ඒත් ඔවුන් ඔවුන්ගේ අරමුණ එනම් රටේ අසාධාරණයන්ට විරුද්ධව හඩ නගන එක නවත්වන්නේ නෑ..
    එයත් හිතේ තියාගෙන ඔවුන් අධ්‍යාපනය නිමකරනවා..
    එකෙක් උසස් පොලිස් නිලධාරියෙක් වෙනවා..
    එකෙක් දිසාපති කෙනෙක්..
    එකෙක් රේගු නිලධාරියෙක් ..
    එකෙක් දේශපාලකයෙක් ..

    ඔවුන්ගේ අරමුණ නිසාම ඔවුන් එකට එකතු වී අසාධාරණයට එරෙහිව වැඩ කරනවා.. දැන් ඔවුන්ට ලේසි වෙලා..
    අරමුණ වෙනස් වෙලා නැති වුනාට ඔවුන්ගේ බලය තත්වය වෙනස් වෙලා..

    අවසානයේ ඔවුන් ජයග්‍රහණය කරනවා..

    මේ කතා පුවත බලපු අවස්ථාවේ මට මතක් වුනේ

    "අහෝසිකරනු.. හකුළා ගනු.. දෙනු ගනු"
    කිය කිය අව්වේ කට්ට කන, පොලු පාරවල් කන "උගත්" කොල්ලෝ කෙල්ලෝ....

    කිසිම දෙයක් කරගන්න බැරි ..
    සුහුඹුලන් කාලේ රට හොල්ලන්න වෙනස්කරන්න ලේ රහකරන් උගුරු කෙටියට වදදීලා.. "වේරම්බ වාතයක්" කියලා උන් හිතුවට
    "සද්දේ අඩු අදෝවාතයක්" ගියා වගෙයි.. දැනෙන්නේ .සිස්ටම් එකට...:lol::lol::lol::lol:


    ඒත් කාලයක් එනවා.. සුහුඹුලන් වෙනස් වෙන හැඩිදැඩියන් වෙන... සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන්..
    හැබැයි අවාසනාවට ඒ කාලේ වෙනකොට උන්ගේ අරමුණු වෙනස් වෙලා.. තවත් සිස්ටම් එක වෙනස් කරන්න උන්ට ඕනේ නෑ ..
    උන්ම සිස්ටම් එකෙ වහල්ලු වෙලා.. සමහරු පර සුද්දන්ට කඹුරනවා.. සමහරු ධනවාදීන්ට කඹුරනවා..
    ඉස්සර නිතර මතක් කරපු මාතලන්ගේ ත්‍රිමාලගේ හතුරෝ වෙලා..

    ඇයි එහෙම උනේ?

    මාත් අවුරුදු දොලහක් තිස්සේ කොලඹ කොටුව පහුකරන් යනවා..
    හැම අවුරුද්දේම ලගදි රැව්ල වැවිච්ච ගැටවරයෝ.. ගැරිස්සියෝ.. එනවා කොටුවට ..
    සිස්ටම් එක වෙනස් කරන්න ..
    කෑ ගහන්න.. ඇවිල්ලා අම්බානෙක කාලා යනවා..

    කොටුව එහෙම්මයි... සිස්ටම් එක එහෙම්මයි .. අවුරුදෙන් අවුරුද්ද අලුත් මූණු... කෝ එතකොට කලින් අවුරුදුවල එවුන්... උන්ට දැන් සිස්ටම් එක ඕකේ ලු.. දැන් උන් සිස්ටම් එකට වැඩ ..
    අපේ ඔෆිස් එකෙත් ඇති.. අපේ බොස්ලා වෙලත් ඇති..

    කෝ බන් අරමුණ .. මොකද උනේ බන්?
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    ඔෆිස් එකට ගියානං වැඩ කරපං මිනිහෝ මරු කියෝ කියෝ ඉන්නේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කතාව ඇත්ත. හොඳම උදාහරණය රාජිත සේනාරත්න. උඹලට දැන් එයාව පෙන්නන්න බැරි වුනාට එයත් කැම්පස් කාලේ ඔය වගේ ක්‍රියාකාරිව හිටපු කෙනෙක්. නමුත් කෝ අද? මම දැනට ටිකක් හරි එහෙම ඉන්න එකෙක්ට දැක්කේ උදුලා.. මිනිහත් අනාගතේදී වෙනස්වෙයිද දන්නේ නැ..