ලංකාවේ ඡන්ද දායකයාගේ හැසිරීම ගැන මගේ ඔලුවේ සෑහෙන කාලෙක ඉඳන් මීම් එකක් තිබුණා.
පුදුමයකට වගේ මේ මීම් එක ඇමෙරිකානු ජනාධිපතිවරණේ වෙලාවේ ඊලෝන් මස්ක් දාලා තිබුණා.
මීම් එක මිනිස්සුන්ගේ IQ එක චාර්ට් එකකට ගත්තු කර්ව් එකක්.
මේ කර්ව් එකේ මුල එහෙම නැත්නම් IQ එක අඩු මිනිස්සු ට්‍රම්ප් විශ්වාස කරනවා.
කර්ව් එකේ අන්තිම එහෙම නැත්නම් IQ එක වැඩිම මිනිස්සුත් ඡන්ද දෙන්නේ ට්‍රම්ප් ට.
හැබැයි මැද ඉන්න කොටස කමලාට.
ලංකාවේ ප්‍රශ්නෙත් හරියටම මේකයි.
ඔය IQ එක අඩුය කියලා කියන, අහිංසක මිනිස්සු එක අරමුණකට මෙහෙයවන්න ලේසියි.
IQ වැඩි මිනිස්සු එක්කත් ලෝන්ග් ටර්ම් ගෝල් එකකට වැඩ කරන්න පුලුවන්. ඒ මිනිස්සු ලොජිකල්. ෆුල් පික්චර් එකම දකිනවා.
නමුත් මේ මැද ඉන්න කොටස.
ඔවුන්ට අනුව ඔවුන් උගත්, බුද්ධිමත්.
ඔවුන් හැමතැනටම මේ 'උගත්බව' යූස් කරන්න උත්සහ කරනවා.
නමුත් ඇත්තටම ඔවුන් පහසුවෙන් රැවටිය හැකි, කල්පනා කළ නොහැකි, දුර නොපෙනෙන පිරිසක්.
ඔවුන් ෆේස්බුක් පෝස්ට් එකකින්, යූටියුබ් වීඩියො එකකින් රැවටෙනවා.
හැබයි ඔවුන්ට අනුව ඔවුන් 'උගත්' සහ 'බුද්ධිමත්'.
උදාහරණයක් විදියට ආගම ගැන එතරම් උගත් නැති, වයොවෘද්ධ උපාසක මාතාවකගේ අදහස සහ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ උගත්ම සහ තාර්කිකම දාර්ශනිකයා වූ නලීන් ද සිල්වා දරන අදහස සමානයි.
හැබැයි O/L ෆිසික්ස් ඉගෙන ගත්තු මොකක්හරි කොම්පැනියක වැඩ කරන කොල්ලෙක්ගෙන් ඇහුවොත් ආගම "අවිද්‍යාත්මක" දෙයක්, "මිත්‍යාවක්" කියාවි.
වයෝවෘද්ධ උපාසක අම්මාට ඇයගේ විශ්වාසය බලවත්.
නලීන් ද සිල්වා මහාචාර්යතුමා විද්‍යාව ගැඹුරෙන් ඉගෙන ගෙන, එහි සංරචකයන් ගැන දන්නා නිසා ඔහු විශාල අවබෝධයකින් ආගම විශ්වාස කරනවා.
නමුත් තෙවැන්නා විද්‍යාව ද හරිහැටි නොවැටහෙන , ආගම ද නොදන්නා පුද්ගලයෙක්.
IQ මැද පන්තිය යනු ඔවුන්.
මේ පිරිස වැඩි වුනාම රටක් කරන්න බැහැ. විශේෂයෙන්ම මේ දකුණු ආසියානු කලාපයේ.
ලංකාවේ මේ පිරිස වැඩිවුණේ මහින්ද රාජපක්ෂගේ ආර්ථික විප්ලවයෙන්.
ඊටපස්සේ 2015 දී මහින්ද රාජපක්ෂ 'පොෂ්' මදි වෙලා, මහින්දගේ ආර්ථික වැඩපිලිවෙල කඩලා බිඳලා දැම්මෙත් මොවුන්.
ඉන්පසුව සිරිසේන - රනිල් හවුල පොෂ් මදි වී ඇමෙරිකාවෙන් "ගෝඨා" ගෙනාවේ ඔවුන්.
ඒ ගෝඨා ඥානා මෑණියන් විශ්වාස කරන බව දැනගෙන ඔහුට සිනාසුනේ ද ඔවුන්.
පසුව ගෝඨා එලවා දමා දැන් අනුර ගෙන ආවේත් ඔවුන්.
නමුත් ඔවුන්ගේ තෝරාගැනීම වීම දෙපැත්තම කැපෙන කඩුවක් වගෙයි.
තමන්ගේ අනන්‍යතාවයට අවුලක් වූ සැණින් අනුර අතහැර දැමීමට මොවුන් දෙවරක් හිතන්නේ නැහැ.
එතනදී අනුර සාධරණ ද, ඔහුගේ චේතනාව අවංක ද අදාල නැහැ.
නමුත් මෙරට දේශපාලනයේ කිසිවෙටත් වඩා අනුරට මේ IQ මැද පන්තිය වැටහෙන බව පෙනෙනවා.
අනුර ඔවුන්ගේ භාෂාව, සිතුම් පැතුම් පිළිබඳ දන්නවා.
ඔවුන්ට අවශ්‍ය 'කැරට්' අනුර සපයනවා.
අනුර සීරුවෙන් ඔවුන් නඩත්තු කරනවා. අනුර මේ IQ කර්ව් එකේ ඉදිරියෙන්ම සිටිනා බුද්ධිමතෙක්.
ඒ කියවීම ගෝඨාට තිබුණේ නැහැ. ගෝඨා බලාපොරොත්තු වූයේ තමන්ගේ අරමුණ 'ජෙනුයින්' නම් ජනතාව තේරුම් ගනු ඇති බවයි.
එවැනි තේරුම් ගැනීමක් බලාපොරොත්තු විය හැක්කේ IQ කවයේ මුලම සහ අග පිරිසෙන් පමණයි.
නමුත් ශ්‍රී ලංකාවේ අති බහුතරය IQ මැද පන්තියේ
රටක් දියුණුවෙන තුරු මේ කර්ව් එකේ මැද කුඩා වෙන තරමට වාසියි.
ඉන්දියාව උදාහරණයක්.
ඉන්දියාව එක්කො Google CEO ලෙවෙල් එකේ බුද්ධිමත්තු සහ එයට හාත්පසින්ම වෙනස් මිනිස්සු ඉන්න රටක්.
මැද කොටස අඩුයි.
ඉතින් කෝච්චියක තේ හදපු, ජාති(ක)වාදී නරේන්ද්‍ර මෝදි ට රටම එක අරමුණකට මෙහෙයවන්න ලේසියි. ______copied*______