දෙමාපියන්ගෙන් පාඩම්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න එහෙනම් මගේ වැඩක්
    මම 4 වසරෙදී මගේ යාලුවෝ ඔක්කාටම සිසන් තියනවා. යකෝ මට සිසන් එකක් නෑ‍. :( ඉතිං මම එක දවසක් කරපු වැඩේ මගේ යාලුවෙක්ගේ සීසන් එකක් උස්සලා මේස් එක ඇතුලේ දාගත්තා :eek: දැන් හවස් වෙනකොට යාලුවා සීසන් එක නැති බව දැනගෙන අඩනවා හෝ ගාලා. මූ ටිචට විතරක් නෙවෙයි ප්‍රයිමරියේ ලොකු ටීචටත් කියලා. :dull: අන්තිමට හොයල හොයල හොයාගන්න නැති තැන ලොකු ටීච මූට සල්ලි දුන්නා. 1.50 ක්ද කොහෙදා්.
    දැන් වැඩේ හරි කවදාවත් නැතුව සීසන් එකක් මම සතුයි. ගෙදර ඇවිල්ලා ඕක බල බල ඉන්නකොට පියානන්ට මාට්ටු වුනේ නැතැයි. අපේ තාත්තා ලේසියෙන් අපිට සැර කරන්නෙ නෑ. ඒත් එදා නම් මම හොදට ගුටි කෑවා. ඒ වගේම ඊට පස්සේ එහෙම හොර වැඩක් කලේ නෑ
    වෙලාවට සීසන් උන හොද උනේ. නැත්නම් තවත් බඩෙක් බිහිවෙන්න තිබ්බ:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි කාලේ කරන්නෙ කාබාසිනියා වැඩමයි..:eek:
    අප්පච්චිගෙ වොච් එකක් තිබුනා..
    දවසක් හිතුනා මට ඕකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවාද කියලා බලන්න.:confused:
    ගලවන්න දන්නෙත් නෑ හිතට ආවෙ එකම දෙයයි..
    වොච් එක ගලක තියලා තැලුවා..:shocked:ඉස්සරහ වීදුරුව කුඩු පිටිපස්සෙ කප් එක ගැලවිලා මදේ එලියට ආවා
    මදේ එලියට අරන් බැලුවා එකත් චුටි ඇගිලි වලින් මස් කලා..
    වොච් එකේ පටි දෙකත් එක්ක හවුසින් එක එලියට විසි කලා..:D
    දවසක් ඕක අප්පච්චි දැකලා මිදුලෙ තියනවා...:(
    දුන්නා කෝටු පාර කස කස දුවන්න..තවමත් මතකයි..
    අම්මා බේරන්න මැදට පැන්නා අම්මාටත් වැදුනා පාරක්,
    ආයේ ඔය වගේ වැඩ කරන්නෙ නෑ කියනකල් වැදුනා.
    අන්තිමේට අත්තා ඇවිත් තුරුලු කරගත්තෙ නැත්තම් තව වදිනවා කොටු පාරක්.;)
    පස්සෙ දවසක දුන්නා අප්පච්චි මට එයාගෙ වැඩ කරන්නෙ නැති රේඩියෝ එකක් ස්කෘ එකකුත් එක්ක ගලවලා බලන්න කියලා.:D
    පස්සෙ කාලෙක තමයි දැනගත්තෙ මම:(:(:(
    තලලා තින්නේ අප්පච්චි රස්සාවක් කරලා ඉස්සෙල්ලාම ගත්තු වොච් එක කියලා.:sorry::sorry:
    මේ වෙනකල් කවදාවත් ඒ වගේ කාබාසිනියා වැඩ කරලා නැ ඒ වගේම තමන්ගේ උනත් අනුන්ගෙ උනත් පරිස්සමින් දෙයක් පාවිච්චි කරන්නත්,හැම දේකම වටිනාකමක් තියනවා කියලත් ඉගෙන ගත්තා.:yes::yes::yes::yes:
    මාර බුලට් එකක්නේ..මම පොඩි කාලේ වලවල් හාරන්නේ තාත්තගේ රින්ච් වලින් ආයුද වලින්. එක වලකට එකයි ඒක මිසින්.. තාත්තා 10යේ යතුර අල්මාරියේ දාලා තිබ්බේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    4 වසරේදී ගෙදරින් සල්ලි හොරකන් කරලා කොල්ලෝ සෙට් එකටම අයිස් අරන් දුන්නා දවස් දෙක තුනක්ම. පස්සේ එකෙක් උන්ගේ ගෙදරට කියලා මම අයිස් අරන් දෙනවා කියලා. සීන් එක අම්මාට ආරංචි වෙලා ගැහුවා වයරින් කරන වයර් එකකික් කකුල් වල හම පුපුරන්න.:(:(

    ( වයර් එකකින් කාලා නැති එවුන් තනියෙන් ගහගෙන බලපල්ලා :angry:)


    අපරාදේ කියන්න බෑ අදටත් වැඩකරන තැනකින් A4 එකක් ගන්න කොටත් කකුල් සීතල වෙනවා.
    :cool::cool:
    :D:D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම පොඩි කාලෙත් දැනුත් එච්චර දඟ චරිතයක් නෙමෙයි.ඒක හින්ද වැඩීය ගෙදරින් ගුටි කාල නෑ.

    ඒත් පොඩිකාලෙ එක වතාවක් තාත්තා වැඩ කරන ටෙස්ටරය පිටිපස්ස ගලවල ඒකට භූමිතෙල් පුරවල තියල මදි නොකියන්න කෑව.
    තව වතාවක් තාත්තට කුනුහරපයක් කියල කෑවා.
    මතක හැටියට ඔච්චරම තමයි තාත්තගෙන් ගුටි කෑවෙ.
    හැබැයි තාත්තගෙන් ගොඩක් දෑතෙ දේවල් ඉගෙන ගත්තා.පොඩි කාලෙ තාත්තගෙ ආවුද අරගෙන ලී කපලා ,ගේ පුරාම ඇන ගහල බඩු නාස්ති කරල තියෙනවා.එතකොට අම්ම අපිට බනිනවා බඩු ටික කනවා කියලා.එතකොට තාත්තා කියනව ඒකට කමක් නෑ උන් මොනවා හරි දෙයක් ඉගෙන ගනී කියලා.ගෙදර තියෙන බඩු අනන්තවත් කඩල තියෙනවා.හොඳට වැඩ කරන රේඩියෝ එක පවා ගලවලා කඩල තියෙනවා
    ඒත් පොඩිකාලෙ එක වතාවක් තාත්තා වැඩ කරන ටෙස්ටරය පිටිපස්ස ගලවල ඒකට භූමිතෙල් පුරවල- ඒ මොන කුප්ප වැඩක්ද බන්?:confused::confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18471230 said:
    ඒත් පොඩිකාලෙ එක වතාවක් තාත්තා වැඩ කරන ටෙස්ටරය පිටිපස්ස ගලවල ඒකට භූමිතෙල් පුරවල- ඒ මොන කුප්ප වැඩක්ද බන්?:confused::confused:

    ආතල් එකට බන් කලේ.ටෙස්ටරය විනිවිද පේන එකක්.ඒ කාලෙ තිබ්බ් භූමිතෙල් නිල් පාටයි.ඕකට දැම්මම මොනවගේද කියල බලන්න කලේ.ඕකෙ බරක් පතලක් දන්නෙ නෑනෙ බන් පොඩි කාලෙ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේකනම් ටිකක් සොරි දඩුවමක් බන්.අපේ තාත්ත යකා වගේ මිනිහ.තාත්ත හමුදාවෙ හිටියෙ.නිවාඩු රෑ ආව නම් උදේපාන්දර චක්කරේ දෙන්න ඕන 12වරක් වෙනකම්ම.ඉන්ග්‍රීසි වචන 100ක් විතර දීල යන්නෙ නිවාඩු යනකොට.අවම 50ක් වත් අහනව.

    ඒ කාලෙ 5 වසරෙ වගේ.ගෙයින් එලියට ගිහින් එනකොට දුවගෙන එන පුරුද්දක් මට තිබුන.එතකොට සෙරෙප්පු ගලවන්නෙ එකක් යාපනේ අනික මාතර.සෙරෙප්පු දෙක තැන් දෙකක.දෙපාරක් විතර කිවුව.ඒත් පුරුද්ද ලොකුයි නෙ.මල පැනල දන ගහපන් කියල සෙරෙප්පු පටියක් කටෙන් අල්ලගෙන ඉන්න දුන්න කියපන්කො.මම අඩ අඩ ඉන්නව.අම්මත් කෑගහනව එපා කියල.මිනිහ නෙවෙයි අහන්නෙ.විනාඩි විස්සක් විතර ඉන්දවල තමා නැගිට්ටුවෙ,

    තාමත් ඒ බයට ගේකට යද්දි සෙරෙප්පු එකතැන ගලවල පිලිවෙලට යන්නෙ.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඉස්කෝලේ යන්න බෑ කියල කාපු එකක් මතකයි..
    පිස්සු කෑමක් කෑවා එදා නම්..
    වෙන අනාත කේස් නම් නෑ.. :P
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඉස්කෝලේ රතිඥ්ඥා ගහලා පිනාට මාට්ටු වෙලා ගෙදරින් එක්කන් එන්න කිව්වා.. අම්ම එපා තාත්තවම එක්ක වරෙන් කිව්වා.. හැන්දෑවේ විස්තරේ අම්මා තාත්තට කිව්වම දුන්නා කොහොමද දන්නවද බෙල්ට් එකෙන්.. චූත් ගියා මයෙ හිතේ... කකුල සීබ්‍රා වගේ තිබ්බේ සති ගානක් යනකන්
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේක උනේ මම දහය වසරෙ ඉන්නකොට,දහය වසරෙදි තමයි මම මුලින්ම මොටර් බයික් එකක් පෑද්දෙ.අපේ ගෙදර තිබුනෙ cd 125 බෙන්ලි එකක්.තාම තියෙනව අවුරුදු 19ක් වෙනව අපි අරන්.හෙන ගේමක් දීල ඕක කෙලින් කරන් පදින්න පුරුදු උනා.අපේ මිදුලෙ පටන් ගත්ත තෑනම පොඩි කන්දක්,ඊට පස්සෙ තව 100m විතර ගිහින් තව පොඩි කන්දක්.මම ඉතින් ඔය දෙවනි කන්ද උඩට ගිහින් එන්න පුරුදු උනා.බයික් එක අතට ටිකක් පුරුදු උනාම දන්නවනෙ පොඩි ආතල් එකක් එනවනෙ හයියෙන් යන්න.මටත් ඉති ඕක උනා....ඔන්න කොල්ල එනව අර කියපු දෙවනි කන්ද උඩ ඉදන් ලෝකෙ ඉන්න හොදම rider වගේ.ඒ කන්ද ඉවර වෙද්දිම පොඩි වන්ගුවක්.දෑන් මට බයික් එක නවත්තගන්න බෑ බය උන පාරට ඈල්ලුව ඉස්සරහ බ්‍රේක් වන්ගුවෙදි.කතා දෙකක් නෑ කොල්ල බිම.කකුල යටවෙලා බයික් එකට,ආයි ඉතින් හොල්ලන්න පුලුවන් භාන්ඩයක් නෙවේනෙ.අම්ම එනවා මට බෑනගෙන.පුලුවන් වෑඩක් කරන්න ඕනා අරකයි මේකයි කිය කිය.තාත්තා එනවා ෆුල් ආතල් එකෙ හෙමින් හෙමින් ඈවිත් ඈහුව අමරුද කියලා.මම කිව්වා නෑ කියලා.බයිසිකල් පදිද්දි වෑටෙන්න ඕන තමයි නෑත්නම් අනිත් මිනිස්සුන්ගෙ දුක තේරෙන්නෙ නෑ කිව්වා.කවදාවත් ගෙදර තියෙන බඩුවක් ගෑලෙව්වට වචනයක් වත් කියල නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    පාඩම් කියන්නේ මෙහෙමයි .ගොඩාක්ම කෙල්ලො සම්බන්ධව .අපේ අම්මාට මම කවුරු හරි කෙල්ලෙක්ට ට්‍රයි කරනවා කිව්වොත් කලබල වෙන්නේ නැහැ .හැබැයි ඒ කෙල්ලගේ රූපේ දැක්ක හැටිය චරිතේ විග්‍රහ කිරීමේ හැකියාවක් කිව්වා .එක පාරක් මම ට්‍රිප් එකක් ගිහින් කෙල්ලෙක් එක්ක ෆොටෝ එකක් ගත්තා .අපේ අම්මා සැකේට වගේ ඇහැව්වා උඹ මේ කෙල්ලත් එක්ක යාළු වෙලාද ඉන්නේ කියලා .පස්සේ මම කිව්වා නැහැ මම නිකන් ෆොටෝ එකක් විතරයි ගත්තේ කියලා .අපේ අම්මා කිව්වා අහ් එහෙනම් කමක් නැහැ .ෆොටෝ එකට විතරක් නම් .ඒත් වැඩි දේවල් තියාගන්න එපා .මම ඇහැව්වා ඒ ඇයි කියලා .පස්සේ කිව්වා ඒ ගැනු ලමයා උඹට වඩා වයස පාටයි .ඒ වගේම චරිතෙත් මෙවැනි කෙනෙක් වෙන්න ඇති කියලා.
    එදා මම ඒක වැඩිය ගානක්ට ගත්තේ නැහැ .ඒත් අද තේරෙනවා ඒ කිව්වා දේ හරියටම හරි කියලා .සමහරවිට ඒකි ගැන දැනගෙනම කිව්වද දන්නේ නැහැ .
    ඒ කෙල්ල යාළු වෙලා හිටියා කලින් කොල්ලෙක් එක්ක ඌව අත ඇරියා ඌ හරි නැහැ කියලා .ඌත් එක්ක ගියොත් අනාගතේ අඳුරු වෙනවා කියලා .පස්සේ වෙන එකෙක් එක්ක යාළු වෙකා බරටම සීන් එක ගියා අවුරුදු ගානක්ම .
    මම මේ ලඟකදි ෆෙස්බුක් එකේ දැක්කා මේකි බැඳලා .
    බැඳලා තියෙන්නේ වෙන අර කලින් අත ඇරපු එකාව .
    ඉතිං අපේ අම්මා එදා කිව්ව දේ අද තේරෙනවා
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පාඩම් කියන්නේ මෙහෙමයි .ගොඩාක්ම කෙල්ලො සම්බන්ධව .අපේ අම්මාට මම කවුරු හරි කෙල්ලෙක්ට ට්‍රයි කරනවා කිව්වොත් කලබල වෙන්නේ නැහැ .හැබැයි ඒ කෙල්ලගේ රූපේ දැක්ක හැටිය චරිතේ විග්‍රහ කිරීමේ හැකියාවක් කිව්වා .එක පාරක් මම ට්‍රිප් එකක් ගිහින් කෙල්ලෙක් එක්ක ෆොටෝ එකක් ගත්තා .අපේ අම්මා සැකේට වගේ ඇහැව්වා උඹ මේ කෙල්ලත් එක්ක යාළු වෙලාද ඉන්නේ කියලා .පස්සේ මම කිව්වා නැහැ මම නිකන් ෆොටෝ එකක් විතරයි ගත්තේ කියලා .අපේ අම්මා කිව්වා අහ් එහෙනම් කමක් නැහැ .ෆොටෝ එකට විතරක් නම් .ඒත් වැඩි දේවල් තියාගන්න එපා .මම ඇහැව්වා ඒ ඇයි කියලා .පස්සේ කිව්වා ඒ ගැනු ලමයා මට වඩා වයස පාටයි .ඒ වගේම චරිතෙත් මෙවැනි කෙනෙක් වෙන්න ඇති කියලා.



    යකෝ තෝ යාලු වුණේ උඹේ අම්මටත් වඩා වයස කෙනෙක් එක්කද? :sorry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    යකෝ තෝ යාලු වුණේ උඹේ අම්මටත් වඩා වයස කෙනෙක් එක්කද? :sorry:
    යකෝ මෙතන "මට " යනු මම .
    පොඩ්ඩක් ඉතිං කථන වහරෙන් ලියන්න ගියහම මෙ වගේ සිද්ඪි වෙනවා .පොඩ්ඩක් හිටහන් අප්ඩේට් කරන්න .නැත්තම් තෝ වගේ අප්සට් පොරවල් මේක අල්ලගෙන දඟලලා මේ thread එක විනාස කරාවි

     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම එක වසරේ ඉස්කෝලේ ඇරිලා එද්දි මගෙ යාලුවෙක් නම් වනම් කිය කියා ආවා... මුගෙ ටෝල්ක්ස් ඉවර වෙන පාටක් නෑ. වටේ ඉන්න එවුනුත් මට නම් කියනකොට බක බක ගානවා... උන්ට ලැබුනු චාන්ස් එකනේ...:angry:

    පැන්නනේ මල ඉදිරියට... මම අරූව පෙරලලා ඇඟ උඩ නැගලා කෑගගහා හිටියා... මුගේ සද්දයක් නෑ,,,:no:
    මම කොහොමත් දන්නවා මූ සද්දෙට අඬන එකෙක් නෙවෙයි කියලත්... මුන දිහා බැලුවම තමයි අඬනවා කියල තේරෙන්නෙ.... සද්දේ එන්නේ නැති නිසා තව ටිකක් වෙල නැගල කෑ ගගහාම හිටියා...:D:yes:

    නිකමට බැලුව මූ දිහා...
    කිරි අප්පට බල්ලො පැනපි.. මුගෙ අත නිකන් කුඩ මිට වගේ වෙලා. අත පැනලා.... ඉස්කෝලෙ ඇරිලා යන ඔක්කොමලා වටවෙලා... බය උනු පාරට චන්ඩියා දුවලා නතර උනේ ගෙදර...:sorry:

    හවස පියාණන්ට සැලවී මහ වැස්සේ නිර්වස්ත්‍රව යාලුවගෙ ගෙදරට වේවැල් පහර කමින් ගොස් යාලුවාගෙන් සමාව ඉල්ලු බව සලකන්න...:P
    යාලුවා ක්ශණයකින් "උපුල්ට ගහන්න එපා මාමේ" කියා ඇඬු බවද සලකන්න:(:)
     

    Jalthara Malli

    Well-known member
  • පොඩි කාලේ මම ගොඩාක් ආසයි කෙසෙල් ගෙඩි කන්න දවසක් ගෙදර තිබ්බ ඇවරියකින් හොරෙන් ගෙඩියක් කෑවා තාත්තට මාට්ටු ගැහුවේ නෑ එත් සැර කලා දඩුවම හැටියට තව ඇවරි තුනක් වගේ ගෙනල්ලා ඔක්කොම කාපන් කියලා කියුවා මම බයට කෑවා ගොඩාක් පුංචි කාලෙ හින්දා ඇවරියක් කන්නත් බෑ බඩ රිදෙන්න ගත්තා වමනේ එන්නත් ගත්තා ඒත් තාත්තගෙන් නම් නෑ ලැබුනේ සමාවක් වමනෙ දාන්න දාන්න කන්න කියුවා මාත් අඬ අඬා කෑවා ගොඩාක් මට තව කන්න බැරිබව දැනගත්තට පස්සෙ තාත්තා දැන් ඇති පලයන් ගිහින් හොදගනින් වමනේ කියල සැර කලා මමත් අඬ අඬා හෝදගත්තා එදායින් පස්සෙ අද වෙනකම් කිසිම දෙයක් හොරකම් කලේ නෑ තාත්තා ඒ කරපු දේ හින්දා තාම පොඩි දෙයක් වත් හොරකම් කරන්න බයයි ඒ විතරක් නෙමේ මට අදටත් කෙසෙල් කන්න බෑ තාම අප්පිරියයි එදා එපා උනු කෙසෙල් අද වෙනකම් කන්න බෑ වමනෙට එනවා :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැරදි කරපුවට ගහල නෑ :yes: :yes: :yes:
    පොඩි කාලෙ ඉස්කෝලෙ යන්න බෑ කිව්වාම නං ගහලතියේ :D :D :D :D :D
    හොරකමක් කියල කලේ තුනේදි වගේ එකම වතාවයි බිම වැටිල තිබ්බ මකනයක් ඇහිදං ආව :yes: :yes:
    එදා හොරකං කරන්න එපා කියල පැහැදිලි කල්ල දුන්න විතරයි මලාට කිසිම දෙයක් හොරකං කල්ල නෑ :yes: :yes:
    ගහල හදන එක සාර්ථකම ක්‍රමයක් නෙමේ :no: :no: :no:
    මං නං කියන්නෙ ගහල හදනවනං ගහන්න ඕනෙ උඩුබැලි අතට හිටෝල හොඳ ඉදල් මිටකිං වටේ ඇට කටු කැඩිල හති වැටෙනකං. :yes: :yes:
    ඊට පස්සෙ නහයයි කටයි වහල වතුර වක්කරන්න ඕනෙ :yes: :yes:
    ආයෙ ගහල බේසමක් වගේ එකක් අරං හොඳට වතුර යනකං විනාඩියක් විතර ඔළුව ඔබන්න ඕනෙ :yes: :yes:
    ත්‍රස්තවාදෙන් හදනවනං ඕකයි ක්‍රමේ :yes: :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගහල හදන එක සාර්ථකම ක්‍රමයක් නෙමේ :no: :no: :no:
    මං නං කියන්නෙ ගහල හදනවනං ගහන්න ඕනෙ උඩුබැලි අතට හිටෝල හොඳ ඉදල් මිටකිං වටේ ඇට කටු කැඩිල හති වැටෙනකං. :yes: :yes:
    ඊට පස්සෙ නහයයි කටයි වහල වතුර වක්කරන්න ඕනෙ :yes: :yes:
    ආයෙ ගහල බේසමක් වගේ එකක් අරං හොඳට වතුර යනකං විනාඩියක් විතර ඔළුව ඔබන්න ඕනෙ :yes: :yes:
    ත්‍රස්තවාදෙන් හදනවනං ඕකයි ක්‍රමේ :yes: :yes:[/SIZE]

    ඇත්ත කියපන්.උබ දවස් දෙක තුනක් කූඩුවේ ලැග්ගා නේද?
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අපේ නම් අප්පච්චි කිසිම දවසක මට වත් අයියට වත් ගහලත් නැ, සැර කරලත් නැ අම්මා නම් පොඩ්ඩක් විතර සැරයි ඉස්සර දැන් නම් සැර නැ.....

    මම කියන තරම් ලොකු වැරදි නම් කරලා නැ... අපේ අයියට නම් පොඩි කලේ ගහලා තියනවා ස්කොලේ යන්න බැ කියලා අඩලා. ඒ හින්දද කොහෙද මම නම් හැමදාම ස්කොලේ නම් යනවා. අපේ නම් ගෙදර ඉස්සර උනේ මෙහෙමයි අපේ මොනා හරි වැරැද්දක් උනොත් අම්මා අප්පච්චිට සැර කරනවා අපි ඉතින් අප්පච්චිට සැර කරනවා බලන්න බැරි නිසා කරන හැම වැඩක්ම හොදට හිතලා plan කරලා කරන්නේ...