දෙයියන්ගෙ ඇඟිල්ල God's Finger

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    දේශපාලනෙනුයි අප්පුවගේ වැලිගම්පිටි යන්නම දෙන සිංහල බේත් වලිනුයි ඉන්දරයගේ ඇවිදින බොරු වලිනුයි හෙම්බත් වෙලා ඉන්න තොපිලට පොඩි අයිටම් එකක් ගෙනාවා.

    අපේ රටේ ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන ඇමරිකාවට දරුණුවටම ලැබෙන ස්වභාවික ව්යසනයක් ගැන කියන්න හිතුව. හැමෝම ටෝනාඩෝ කියන නම අහල තිබ්බට ගොඩක් අය දන්නෙ නැතුව ඇති හරිහමන් විස්තරයක්. අපි අත්දැකල නැතත් මේ ලෝකෙ තියෙන දරුණුම සහ ඉතාම පුදුමසහගත සංසිද්ධියක් මේක. දෙයියන්ගෙ ඇඟිල්ල ලෙස හඳුන්වන්නේ, උඩ ඉන්න දෙයියෝ නරපණුවන්ගෙ ලෝකෙ පොලොවට ඇඟිල්ලක් තියල ඇදගෙන ගිය වගේ ටෝනාඩෝ එක ගිය පාරෙ තියෙන ගහකොළ, ගොඩනැගිලි, සතා සීපාවා යාන වාහන හැමදේම විනාස වෙලා යන නිසා..

    ටෝනාඩෝ එකක් ඇතිවෙන්න හේතු වෙන්නෙ සුපර්සෙල් ( supercell ) නමින් හඳුන්වන කුණාටු වර්ගයක්. මේ කුණාටු ඇති වෙන්නේ සිසිල් වියළි සුළං ප්‍රවාහයක් සහ උණුසුම් ආර්ද්‍ර සුලං ප්‍රවාහයක් එකිනෙක ගැටුනම. ටෝනාඩෝ වලට අමතරව මේ කුනාටු වලින් hail නැත්නම් අයිස් බෝල, දරුණු වැසි සහ දරුණු අකුණු ඇතිවෙන්න පුළුවන්. හැම සුපර්සෙල් එකකින්ම ටෝනාඩෝ ඇති වෙන්නෙ නැහැ. Supercell thunderstorms වලින් 20%ක් වගේ ප්‍රමාණයක් තමයි ටෝනාඩෝ ඇති කිරීමට සමත් වෙන්නේ.

    3030938-poster-2014-05-22-082317.gif

    මේ සිලින්ඩරේ වගේ තියෙන වලාකුළු කොටසට කියන්නෙ wall cloud කියලා. මේ තමයි supercell thunderstorm එකක පහලම අඩිය. මේකට උඩින් සුදු පාට නිශ්චල වලාකුළු වලට වැහිල තියෙනවා mesocyclone එක. ඒ කියන්නෙ මේ කුණාටුවෙ කැරකීම සිද්ද වෙන වායු කඳ. ඒකෙන් තමයි ටෝනාඩෝව ඇති වෙලා පොළොවට පහත් වෙන්නේ. අපි ටෝනාඩෝ එකක පින්තූර බලද්දි අපිට ඒක සුදු හෝ දුඹුරට හුරු පැහැයකින් දකින්න පුළුවන්. නමුත් ඇත්තටම ටෝනාඩෝවක් කියන්නෙ කැරකෙන වායු කඳක් නිසා ඒකට කිසි පාටක් නෑ. ඒ පේන පාට එන්නෙ පොළොවෙ දූවිලි වලින් සහ වාතයෙ තියෙන ජලවාෂ්ප වලින්. මේක නිකමට කියන්නේ - වාතයෙ ආර්ද්‍රතාවය ඉතාම අඩු ප්‍රදේශයක දූවිලි බිඳක් නැති ටයිල් පොලොවක ටෝනාඩෝ එකක් ඇති උනොත් ඒක ඇවිල්ල ඇඟේ වදිනකන් අපිට පේන්නෙ නැහැ

    ඉතින් කලින් කිව්ව වගේ මේ සුපර්සෙල් එකක් ඇති වෙන්න බලපාන පරිසර සාධක සෙට් වෙන තැන් මේ ලෝකෙ ගොඩක් තියෙනවා. කැනඩාවෙන් ඇලස්කාවෙන් එන සීත වියළි සුළං සහ මෙක්සිකෝ බොක්කෙන් එන උණුසුම් ආර්ද්‍ර සුලං එකට ගැටෙන ඇමරිකාවෙ මිඩ්වෙස්ට් ස්ටේට්ස් ටික තමයි මේ අතරින් ප්‍රධානම. නිව් මෙක්සිකෝවෙන් නැගෙනහිර පැත්තට තියෙන ස්ටේට්ස් ඔක්කොම වගේ අඩුවැඩි වශයෙන් මේ ටෝනාඩෝ වලට ගොදුරු වෙන ප්‍රදේශ. අනිත් ස්ටේට්ස් වලත් ටෝනඩෝ ඇති වෙනවා, නමුත් අර තරම් දරුණුත් නැහැ සුලබත් නැහැ.

    මීට අමතරව අනාත දූපතට ටිකක් කිට්ටුවෙනුත් මෙහෙම තැනක් තියෙනවා. හිමාලෙන් එන සිසිල් වියළි සුළඟයි බෙංගාල බොක්කෙන් එන උණුසුම් ආර්ද්‍ර සුළඟයි එකතු වෙන්නෙ බංගලාදේශය සහ නැගෙනහිර ඉන්දියාවට ඉහලින්. ඇමරිකාවෙ තරම්ම සුලබ නැතත් ලෝකෙ ගොඩක් ටෝනාඩෝ ඇති වෙන ස්ථාන වලින් ඉහලින්ම ඉන්න ප්‍රදේශයක්. ලෝකෙ ටෝනාඩෝවකින් උන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙන්නෙත් බංගලාදේශයෙන්. 1989 අවුරුද්දෙ බංගලාදේශේ ඩකා අගනුවර ආසන්නයෙ ඇති උන ටෝනාඩෝවකින් 1300කට වඩා වැඩි පිරිසක් මියගිහින් තියෙනව. දෙවන ස්ථානය හොබවන 1925 ඇමරිකාවෙ මිසූරි,ඉලිනොයි සහ ඉන්දියානා ප්‍රාන්ත තුන හරහා ගිය tri-state tornado නමින් හඳුන්වන ටෝනාඩෝවෙන් මියගිය ගණන 695ක්.

    8973367414_9973fd8c10_b.jpg

    මේ ටෝනාඩෝ වර්ගීකරණය කරන්න මහාචාර්ය ටෙඩ් ෆුජීටා විසින් ස්කේල් එකක් නිර්මාණය කරනවා 1971දි. මේක හඳුන්වන්නෙත් ඉතින් ෆුජීටා ස්කේල් කියල තමයි. F-0 සිට F-5 දක්වා කාණ්ඩ හයක් මේ ස්කේල් එකට ඇතුලත්. මේ කැටගරි වලට ටෝනාඩෝ බෙදෙන්නෙ ඒවයෙ සුළඟෙ වේගය අනුව. F-0 කැටගරිය පටන් ගන්නෙ පැයට හැතැක්ම 40න්/ පැයට කිලෝමීටර් 64න්. F-5 ඉවර වෙන්නෙ පැයට හැතැක්ම 318න්/පැයට කිලෝමීටර් 512න්. මේක තනිකරම ටෝනාඩෝවේ කැරකෙන සුළං ප්‍රවාහයේ වේගය මත පදනම් උන කාණ්ඩ කිරීමක්.

    මේ සුළඟේ වේගය මනින්නෙ ඩොප්ලර් රේඩාර් කියන උපකරණෙන්. නමුත් මේකෙන් 100%ක් ඇකියුරේට් මිනුමක් ගන්න බැහැ. ඇත්තටම මෙතනදි මනින්නෙ සුළඟෙ වේගය නෙමේ ටෝනාඩෝවෙ කැරකෙන හුලං කඳ එක්ක කැරකෙන වැහිබිංදු වලප්‍රවේගය. ඩොප්ලර් ආචරණය කියන මූලධමයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. රේඩාර් එකේ ට්‍රාන්ස්මිටර් එකෙන් යවනවා මයික්‍රොවේව් එකක්. මේක ගිහින් වැහි බිඳුවක වදිනවා. නමුත් මේ වැහි බිංදුව ලොකු ප්‍රවේගෙකින් ගමන් කරන නිසා ඒකෙ වැදිල පරාවර්ථනය වෙනකොට මේ යවන තරංගයෙ සංඛ්‍යාතයේ පොඩි වෙනසක් වෙනව. ට්‍රාන්ස්මිට් කරපු තරංගයෙ සංඛ්‍යාතය සහ රිසීව් කරපු තරංගයෙ සංඛ්‍යාතය අතර වෙනසෙන් තමයි අදාල ප්‍රවේගය ගණනය කරන්නේ.

    ඉතින් මේ ෆුජීටා ස්කේල් එකේ තිබ්බ තව දුර්වලතාවයක් තමයි උපරිම වේගයක් අර්ථදක්වා තිබීම. ඒ උපරිම වේගයෙ ටෝනාඩෝ එකක් ඇතිවෙලා නොතිබ්බ පළියට කියන්න බෑනේ ඊට වඩා වේගෙ වැඩි ටෝනාඩෝ නෑමයි කියලා. ඉතින් මේ හේතු කීපයම නිසා 2007දි එනවා Enhanced Fujita ස්කේල් එක. මේක හඳුන්වන්නෙ EF අකුරු දෙකෙන්. මේකෙත් කැටගරි හයයි, EF-0 සිට EF-5 දක්වා. මේකෙ ප්‍රධාන වෙනස තමයි සුලඟේ වේගයන්ට අමතරව මහ පොළොවේ මේ ටෝනාඩෝ එකෙන් සිදුවෙන විනාශයෙ තරම අනුව වර්ගීකරණය කිරීම. EF-0 කියන්නේ ඉතාම සුළු හානි. ගස් වල අතු කැඩිලා, වහලෙ උළු කැටයක් දෙකක් ගැලවිලා, අත්තක් වැටිලා ලයිට් කම්බි කැඩිලා වගේ ඒවා. EF-5 කියන්නේ උපරිම හානිය. ආයෙ සුන්බුන් රොඩ්ඩක්වත් ඉතුරු වෙන්නෙ නෑ. EF-0 අවම සුලන් වේගය පැයට සැතපුම් 65ක්/ පැයට කිලෝමීටර් 105ක් සහ EF-5 අවම වේගය පැයට සැතපුම් 200ක්/පැයට කිලෝමීටර් 322ක් ලෙස අර්ථදක්වල තියෙනව.

    නමුත් මේ ස්කේල් එකටත් අනුව භූමියෙ ගස් කොළන් ගොඩනැගිලි අඩු නම් ටෝනාඩෝ එක අඩු කැටගරි එකකට තමයි වැටෙන්නේ. මොකද විනාශ වෙන්න මුකුත් නැති නිසා විනාශය තක්සේරු කරන්න බෑ. මේ දුර්වලතාවය නිසා මේ ස්කේල් එකත් ළඟදිම අප්ඩේට් වෙන්න ඉඩ තියෙනවා.

    imrs.php

    දෙයියො පොළොවට ඇඟිල්ල තියල ඇදගෙන ගියාම ඔන්න ඔහොමලු 👆

    මනුශ්‍ය වර්ගයා මේ ටෝනාඩෝ ගැන දන්න දැනුමෙන් වැඩි ප්‍රමාණෙකට ක්‍රෙඩිට් එක යන්න ඕන storm chasers ලෙස හඳුවන පිස්සන් කොට්ටාසයට.

    281956525_b9cd660532_b.jpg

    උන්ට පිස්සො කියන්නෙ මොකද, අපි නම් මෙහෙම එකක් දැක්කොත් කකුල් දෙකට වැඳ වැඳ දුවනව උනත් මුන් දුවන්නෙ ටෝනාඩො එක පස්සෙ. පඩි අරන් නෙමෙයි, ත්‍රිල් එක උදෙසා කරන්නේ, නමුත් මුන් ස්වෙච්චාවෙන් ටෝනාඩෝ එකේ හැසිරිම, ස්වභාවය, දිග පළල ආදී ගොඩක් දත්ත එකතු කරනවා. මේ දත්ත ඇනලයිස් කරල තමයි කාලගුණ විද්‍යාඥයො මේ ටෝනාඩෝ ගැන ගොඩක් දේවල් දැනගෙන තියෙන්නේ. නමුත් ටෝනාඩෝ වල හැසිරීම ගැන මිනිස්සු තාම දන්නෙ ඉතාම අල්පයයි. නොදන්න දේවල් බොහෝයි. කොටින්ම ටෝනාඩෝ එකක් ඇති වෙන්නෙ හරියටමම මෙන්න මෙහෙමයි කියන දේට, සමහර සුපර්සෙල් වලින් ටෝනාඩෝ හැදෙන්නත් සමහරකින් නොහැදෙන්නත් හේතුවට, ටෝනාඩෝවක් යම්කිසි කාලයකින් පස්සෙ නිකන්ම නැති වෙලා යන්නෙ කොහොමද කියන කාරණාවට නිරවද්‍ය උත්තර තාම විද්‍යාවෙන් හොයාගෙන නෑ. ( ගොඩක් වෙලාවට ටෝනාඩෝවක් පවතින්නෙ පැයකට අඩු කාලයක් )

    ඉතුරු ටික පස්සෙ දාන්නම්
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සුපිරි නූල පුතා.....

    ඕක දෙවියංගෙ වැඩක්නං, හෙල මන්ත්‍ර ශාස්ත්‍රයෙන් දෙහි ගෙඩියක් කපල පූජා වට්ටියක් දීල වැඩේ ගොඩදාන්න පුලුවන් වෙයි....
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    දේශපාලනෙනුයි අප්පුවගේ වැලිගම්පිටි යන්නම දෙන සිංහල බේත් වලිනුයි ඉන්දරයගේ ඇවිදින බොරු වලිනුයි හෙම්බත් වෙලා ඉන්න තොපිලට පොඩි අයිටම් එකක් ගෙනාවා.

    අපේ රටේ ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන ඇමරිකාවට දරුණුවටම ලැබෙන ස්වභාවික ව්යසනයක් ගැන කියන්න හිතුව. හැමෝම ටෝනාඩෝ කියන නම අහල තිබ්බට ගොඩක් අය දන්නෙ නැතුව ඇති හරිහමන් විස්තරයක්. අපි අත්දැකල නැතත් මේ ලෝකෙ තියෙන දරුණුම සහ ඉතාම පුදුමසහගත සංසිද්ධියක් මේක. දෙයියන්ගෙ ඇඟිල්ල ලෙස හඳුන්වන්නේ, උඩ ඉන්න දෙයියෝ නරපණුවන්ගෙ ලෝකෙ පොලොවට ඇඟිල්ලක් තියල ඇදගෙන ගිය වගේ ටෝනාඩෝ එක ගිය පාරෙ තියෙන ගහකොළ, ගොඩනැගිලි, සතා සීපාවා යාන වාහන හැමදේම විනාස වෙලා යන නිසා..

    ටෝනාඩෝ එකක් ඇතිවෙන්න හේතු වෙන්නෙ සුපර්සෙල් ( supercell ) නමින් හඳුන්වන කුණාටු වර්ගයක්. මේ කුණාටු ඇති වෙන්නේ සිසිල් වියළි සුළං ප්‍රවාහයක් සහ උණුසුම් ආර්ද්‍ර සුලං ප්‍රවාහයක් එකිනෙක ගැටුනම. ටෝනාඩෝ වලට අමතරව මේ කුනාටු වලින් hail නැත්නම් අයිස් බෝල, දරුණු වැසි සහ දරුණු අකුණු ඇතිවෙන්න පුළුවන්. හැම සුපර්සෙල් එකකින්ම ටෝනාඩෝ ඇති වෙන්නෙ නැහැ. Supercell thunderstorms වලින් 20%ක් වගේ ප්‍රමාණයක් තමයි ටෝනාඩෝ ඇති කිරීමට සමත් වෙන්නේ.

    3030938-poster-2014-05-22-082317.gif

    මේ සිලින්ඩරේ වගේ තියෙන වලාකුළු කොටසට කියන්නෙ wall cloud කියලා. මේ තමයි එකක පහලම අඩිය. මේකට උඩින් සුදු පාට නිශ්චල වලාකුළු වලට වැහිල තියෙනවා mesocyclone එක. ඒ කියන්නෙ මේ කුණාටුවෙ කැරකීම සිද්ද වෙන වායු කඳ. ඒකෙන් තමයි ටෝනාඩෝව ඇති වෙලා පොළොවට පහත් වෙන්නේ. අපි ටෝනාඩෝ එකක පින්තූර බලද්දි අපිට ඒක සුදු හෝ දුඹුරට හුරු පැහැයකින් දකින්න පුළුවන්. නමුත් ඇත්තටම ටෝනාඩෝවක් කියන්නෙ කැරකෙන වායු කඳක් නිසා ඒකට කිසි පාටක් නෑ. ඒ පේන පාට එන්නෙ පොළොවෙ දූවිලි වලින් සහ වාතයෙ තියෙන ජලවාෂ්ප වලින්. මේක නිකමට කියන්නේ - වාතයෙ ආර්ද්‍රතාවය ඉතාම අඩු ප්‍රදේශයක දූවිලි බිඳක් නැති ටයිල් පොලොවක ටෝනාඩෝ එකක් ඇති උනොත් ඒක ඇවිල්ල ඇඟේ වදිනකන් අපිට පේන්නෙ නැහැ

    ඉතින් කලින් කිව්ව වගේ මේ සුපර්සෙල් එකක් ඇති වෙන්න බලපාන පරිසර සාධක සෙට් වෙන තැන් මේ ලෝකෙ ගොඩක් තියෙනවා. කැනඩාවෙන් ඇලස්කාවෙන් එන සීත වියළි සුළං සහ මෙක්සිකෝ බොක්කෙන් එන උණුසුම් ආර්ද්‍ර සුලං එකට ගැටෙන ඇමරිකාවෙ මිඩ්වෙස්ට් ස්ටේට්ස් ටික තමයි මේ අතරින් ප්‍රධානම. නිව් මෙක්සිකෝවෙන් නැගෙනහිර පැත්තට තියෙන ස්ටේට්ස් ඔක්කොම වගේ අඩුවැඩි වශයෙන් මේ ටෝනාඩෝ වලට ගොදුරු වෙන ප්‍රදේශ. අනිත් ස්ටේට්ස් වලත් ටෝනඩෝ ඇති වෙනවා, නමුත් අර තරම් දරුණුත් නැහැ සුලබත් නැහැ.

    මීට අමතරව අනාත දූපතට ටිකක් කිට්ටුවෙනුත් මෙහෙම තැනක් තියෙනවා. හිමාලෙන් එන සිසිල් වියළි සුළඟයි බෙංගාල බොක්කෙන් එන උණුසුම් ආර්ද්‍ර සුළඟයි එකතු වෙන්නෙ බංගලාදේශය සහ නැගෙනහිර ඉන්දියාවට ඉහලින්. ඇමරිකාවෙ තරම්ම සුලබ නැතත් ලෝකෙ ගොඩක් ටෝනාඩෝ ඇති වෙන ස්ථාන වලින් ඉහලින්ම ඉන්න ප්‍රදේශයක්. ලෝකෙ ටෝනාඩෝවකින් උන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙන්නෙත් බංගලාදේශයෙන්. 1989 අවුරුද්දෙ බංගලාදේශේ ඩකා අගනුවර ආසන්නයෙ ඇති උන ටෝනාඩෝවකින් 1300කට වඩා වැඩි පිරිසක් මියගිහින් තියෙනව. දෙවන ස්ථානය හොබවන 1925 ඇමරිකාවෙ මිසූරි,ඉලිනොයි සහ ඉන්දියානා ප්‍රාන්ත තුන හරහා ගිය tri-state tornado නමින් හඳුන්වන ටෝනාඩෝවෙන් මියගිය ගණන 695ක්.

    8973367414_9973fd8c10_b.jpg

    මේ ටෝනාඩෝ වර්ගීකරණය කරන්න මහාචාර්ය ටෙඩ් ෆුජීටා විසින් ස්කේල් එකක් නිර්මාණය කරනවා 1971දි. මේක හඳුන්වන්නෙත් ඉතින් ෆුජීටා ස්කේල් කියල තමයි. F-0 සිට F-5 දක්වා කාණ්ඩ හයක් මේ ස්කේල් එකට ඇතුලත්. මේ කැටගරි වලට ටෝනාඩෝ බෙදෙන්නෙ ඒවයෙ සුළඟෙ වේගය අනුව. F-0 කැටගරිය පටන් ගන්නෙ පැයට හැතැක්ම 40න්/ පැයට කිලෝමීටර් 64න්. F-5 ඉවර වෙන්නෙ පැයට හැතැක්ම 318න්/පැයට කිලෝමීටර් 512න්. මේක තනිකරම ටෝනාඩෝවේ කැරකෙන සුළං ප්‍රවාහයේ වේගය මත පදනම් උන කාණ්ඩ කිරීමක්.

    මේ සුළඟේ වේගය මනින්නෙ ඩොප්ලර් රේඩාර් කියන උපකරණෙන්. නමුත් මේකෙන් 100%ක් ඇකියුරේට් මිනුමක් ගන්න බැහැ. ඇත්තටම මෙතනදි මනින්නෙ සුළඟෙ වේගය නෙමේ ටෝනාඩෝවෙ කැරකෙන හුලං කඳ එක්ක කැරකෙන වැහිබිංදු වලප්‍රවේගය. ඩොප්ලර් ආචරණය කියන මූලධමයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. රේඩාර් එකේ ට්‍රාන්ස්මිටර් එකෙන් යවනවා මයික්‍රොවේව් එකක්. මේක ගිහින් වැහි බිඳුවක වදිනවා. නමුත් මේ වැහි බිංදුව ලොකු ප්‍රවේගෙකින් ගමන් කරන නිසා ඒකෙ වැදිල පරාවර්ථනය වෙනකොට මේ යවන තරංගයෙ සංඛ්‍යාතයේ පොඩි වෙනසක් වෙනව. ට්‍රාන්ස්මිට් කරපු තරංගයෙ සංඛ්‍යාතය සහ රිසීව් කරපු තරංගයෙ සංඛ්‍යාතය අතර වෙනසෙන් තමයි අදාල ප්‍රවේගය ගණනය කරන්නේ.

    ඉතින් මේ ෆුජීටා ස්කේල් එකේ තිබ්බ තව දුර්වලතාවයක් තමයි උපරිම වේගයක් අර්ථදක්වා තිබීම. ඒ උපරිම වේගයෙ ටෝනාඩෝ එකක් ඇතිවෙලා නොතිබ්බ පළියට කියන්න බෑනේ ඊට වඩා වේගෙ වැඩි ටෝනාඩෝ නෑමයි කියලා. ඉතින් මේ හේතු කීපයම නිසා 2007දි එනවා Enhanced Fujita ස්කේල් එක. මේක හඳුන්වන්නෙ EF අකුරු දෙකෙන්. මේකෙත් කැටගරි හයයි, EF-0 සිට EF-5 දක්වා. මේකෙ ප්‍රධාන වෙනස තමයි සුලඟේ වේගයන්ට අමතරව මහ පොළොවේ මේ ටෝනාඩෝ එකෙන් සිදුවෙන විනාශයෙ තරම අනුව වර්ගීකරණය කිරීම. EF-0 කියන්නේ ඉතාම සුළු හානි. ගස් වල අතු කැඩිලා, වහලෙ උළු කැටයක් දෙකක් ගැලවිලා, අත්තක් වැටිලා ලයිට් කම්බි කැඩිලා වගේ ඒවා. EF-5 කියන්නේ උපරිම හානිය. ආයෙ සුන්බුන් රොඩ්ඩක්වත් ඉතුරු වෙන්නෙ නෑ. EF-0 අවම සුලන් වේගය පැයට සැතපුම් 65ක්/ පැයට කිලෝමීටර් 105ක් සහ EF-5 අවම වේගය පැයට සැතපුම් 200ක්/පැයට කිලෝමීටර් 322ක් ලෙස අර්ථදක්වල තියෙනව.

    නමුත් මේ ස්කේල් එකටත් අනුව භූමියෙ ගස් කොළන් ගොඩනැගිලි අඩු නම් ටෝනාඩෝ එක අඩු කැටගරි එකකට තමයි වැටෙන්නේ. මොකද විනාශ වෙන්න මුකුත් නැති නිසා විනාශය තක්සේරු කරන්න බෑ. මේ දුර්වලතාවය නිසා මේ ස්කේල් එකත් ළඟදිම අප්ඩේට් වෙන්න ඉඩ තියෙනවා.

    imrs.php

    දෙයියො පොළොවට ඇඟිල්ල තියල ඇදගෙන ගියාම ඔන්න ඔහොමලු 👆

    මනුශ්‍ය වර්ගයා මේ ටෝනාඩෝ ගැන දන්න දැනුමෙන් වැඩි ප්‍රමාණෙකට ක්‍රෙඩිට් එක යන්න ඕන storm chasers ලෙස හඳුවන පිස්සන් කොට්ටාසයට.

    281956525_b9cd660532_b.jpg

    උන්ට පිස්සො කියන්නෙ මොකද, අපි නම් මෙහෙම එකක් දැක්කොත් කකුල් දෙකට වැඳ වැඳ දුවනව උනත් මුන් දුවන්නෙ ටෝනාඩො එක පස්සෙ. පඩි අරන් නෙමෙයි, ත්‍රිල් එක උදෙසා කරන්නේ, නමුත් මුන් ස්වෙච්චාවෙන් ටෝනාඩෝ එකේ හැසිරිම, ස්වභාවය, දිග පළල ආදී ගොඩක් දත්ත එකතු කරනවා. මේ දත්ත ඇනලයිස් කරල තමයි කාලගුණ විද්‍යාඥයො මේ ටෝනාඩෝ ගැන ගොඩක් දේවල් දැනගෙන තියෙන්නේ. නමුත් ටෝනාඩෝ වල හැසිරීම ගැන මිනිස්සු තාම දන්නෙ ඉතාම අල්පයයි. නොදන්න දේවල් බොහෝයි. කොටින්ම ටෝනාඩෝ එකක් ඇති වෙන්නෙ හරියටමම මෙන්න මෙහෙමයි කියන දේට, සමහර සුපර්සෙල් වලින් ටෝනාඩෝ හැදෙන්නත් සමහරකින් නොහැදෙන්නත් හේතුවට, ටෝනාඩෝවක් යම්කිසි කාලයකින් පස්සෙ නිකන්ම නැති වෙලා යන්නෙ කොහොමද කියන කාරණාවට නිරවද්‍ය උත්තර තාම විද්‍යාවෙන් හොයාගෙන නෑ. ( ගොඩක් වෙලාවට ටෝනාඩෝවක් පවතින්නෙ පැයකට අඩු කාලයක් )

    ඉතුරු ටික පස්සෙ දාන්නම්
    Man hithuwe heding eka dakkama @scurvy ge finger eka gana kiyala
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සුපිරි නූල පුතා.....

    ඕක දෙවියංගෙ වැඩක්නං, හෙල මන්ත්‍ර ශාස්ත්‍රයෙන් දෙහි ගෙඩියක් කපල පූජා වට්ටියක් දීල වැඩේ ගොඩදාන්න පුලුවන් වෙයි....
    ඒ කාලෙ රතු ඉන්දියන්කාරයින්ට එහෙම අමුඩෙ රෙවෙන්න ඇති මේකක් එනව දැක්කම. දුවල බේරෙන්න කියලයි :(