දෙයියන්ටම පෙනිච්චාවේ

UltraHD

Member
Sep 5, 2013
47
3
0
SL
දෙයියන්ටම පෙනිච්චාවේ

පසුගිය වසරේ යතුරුපැදියකට ආදායම් බලපත්‍රය ගැනීමට ගෙවිය යුතු වූයේ රුපියල් 450 කි. පියසේන රුපියල් 500 ක්‌ද සොයාගෙන මේ වසරේ ආදායම් බලපත්‍රය ගැනීමට තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ අදාළ ලියවිලි සමග රුපියල් 450 ක්‌ මුදල් බඳින කවුළුවට දුන්නේය.

හාරසිය පනහ ගත්තේ ගිය අවුරුද්දේ දැන් රුපියල් 700 යි. තව රුපියල් 250 ක්‌ දෙන්න කවුළුව බාරව සිටි කාන්තාව කීවාය.

පියසේන ළඟ ඉතිරිව ඇත්තේ රුපියල් 50 ක්‌ පමණි 700 ක්‌ ගෙවන්නට මුදල් නැත.

එහෙනං ඉතින් ගෙදර ගිහින් මුදල් හොයාගෙන එන්නම්. මේවා ඉතින් දෙවියන්ට මිස කාට කියන්නද පියසේන ආපසු හැරී බයිසිකලය ගෙන පාරට බැස්‌සේය.

ප්‍රධාන පාරේ ටික දුරක්‌ එනවිට රථවාහන පොලිසිය පියසේන නැවැත්වීය.

ගන්න ලයිසන් ඉන්ෂුවරන්ස්‌ පොලිසියේ විධානය විය.

ඒ වනවිට අලුත් වසරට ගෙන තිබූ ඉන්ෂුවරන්ස්‌ සහතිකය ද දුම්වාර්තාවද පසුගිය වසරේ ආදායම් බලපත්‍රයද පොලිසියට පෙන්වීය.

කෝ.....මේ ආදායම් බලපත්‍රය දින 6 ක්‌ කල් පහුවෙලා නෙ.

ඒක ගන්න තමයි ගියේ මුදල් මදි. මුදල් ගේන්න ගෙදර යනවා.

එහෙම කියල බැහැනෙ. බලපත්‍රය නැතුව පාරේ දුවන්න බෑ. කෝ ලයිසන් එක දෙන්න. රුපියල් 1000 කට දඩ කොළයක්‌ දෙනවා. ඒක ගෙවල ලයිසන් එක ගෙනින්න.

පියසේන ගේ යතුරුපැදි පැදවීමේ ලයිසන් එක පොලිසිය ගෙන දඩ කොළයක්‌ පියසේනට දුන්නේය.

වසරේ ආදායම් බලපත්‍රය ගැනීමට ගොස්‌ සිදුවූ වියදම් පියසේන ගණන් බැලීය.

තුන්වන පංතියේ රක්‌ෂණ

සහතිකයට රුපියල් 578.00

දුම්බට වාර්තාවට 450.00

ආදායම් බලපත්‍රය 700.00

පොලිසියේ දඩ කොළයට 1000.00

2728.00

ගිය අවුරුදුවල ඔක්‌කෝම වැඩ රුපියල් 500 න් කරගත්තා. දැන් ආදායම් බලපත්‍රයට 700 යි. රක්‌ෂණයට 578 යි. දුම් බටේට 450 යි. මේවා ඉතින් දෙයියන්ටම පෙනිච්චාවේ යෑයි කියමින් පියසේන ගෙදර ගොස්‌ තවත් රුපියල් 1500 ක්‌ රැගෙන බලපත්‍රය ගන්නට ගියේය. අහිංසක දරුවන්ට කන්න දෙන්න තිබූ මුදල් නොවේදැයි සිතුනි.


--Divaina--
 
  • Like
Reactions: nOoB_SL

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඒක කණගාටු දෙයක් තමයි නමුත් ඌ දින 6යක් පහුවෙන්නේ නැතුව ඉන්නේ නැතුව ඊට කලින් යන තිබ්බනේ.
 

UltraHD

Member
Sep 5, 2013
47
3
0
SL
ඒක කණගාටු දෙයක් තමයි නමුත් ඌ දින 6යක් පහුවෙන්නේ නැතුව ඉන්නේ නැතුව ඊට කලින් යන තිබ්බනේ.

නීතියෙ හැටියට හරි බන්. ඒත් ඉතින් ඇත්ත තත්වෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ...
 

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :( ලොකු වාහන වලට අඩු බදු, ලොකු සල්ලිකාරයන්ට සහන, පොඩි මිනිහාගේ පොඩි වාහනයට වැඩි බදු, කන පොල් ගෙඩියේ හිටන් බදු ගහන, එහෙත් බදු ගෙවන්න තරම් ආදායම් නැති රටක් ආශ්චර්යම නොවේද?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අදායම් බලපත්‍රයේ ගාන වැඩි කල එකට හෙන ගහන්න ඕනේ.ඒකේ විවදයක් නෑ. ඒත් මේ කතාවේ 100% වැරදි පියසේන.මොකද
    01.බලපත්‍රය ගන්න දින 6ක් පහුවෙලා.
    02.බලප්ත්‍රය නැතුවත් මූ බයික් එකේම ගිහින්
    03.ගාන වැඩි කල එක ගැන් පුවත්පත්,ප්‍රවෘති වල කිව්වා
    රටේ ලොකේ වෙන දෙයක් ගැන දන්නෙ නැතුව ගියාට කරන්න දෙයක් නෑනේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෝරිසාදයා;15653985 said:
    පොඩි මිනිහට Xකේ අරින පයි ආණ්ඩුවක් මේක

    යකෝ චන්දයක් ආවම දේශපලකයෝන්ට වියදම් කරන්න ඉන්නේ පොඩි මිනිස්සුද? ලොකු මිනිස්සුද? ඉතින් ආණ්ඩුව වැඩිපුර සලකන්නේ ලොකු මිනිහට තමයි. උඹල අපි වගේ එවුන් ඕනේ වෙන්නේ චන්දයක් දා ගන්න විතරයි.

    දේශපාලකයෝ හැමදාම ඉන්නේ ලොකු මිනිස්සුත් එක්ක. ලොකු මිනිස්සු දේශපලකයෝන්ට උදව් කරන්නෙත් ඔය වගේ වැඩ උන්ට කියල කර ගන්න. අපි නිකන් media සංදර්ශන බලන් ඉන්න ඉත්තෝ ටිකක් විතරයි.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ චන්දයක් ආවම දේශපලකයෝන්ට වියදම් කරන්න ඉන්නේ පොඩි මිනිස්සුද? ලොකු මිනිස්සුද? ඉතින් ආණ්ඩුව වැඩිපුර සලකන්නේ ලොකු මිනිහට තමයි. උඹල අපි වගේ එවුන් ඕනේ වෙන්නේ චන්දයක් දා ගන්න විතරයි.

    දේශපාලකයෝ හැමදාම ඉන්නේ ලොකු මිනිස්සුත් එක්ක. ලොකු මිනිස්සු දේශපලකයෝන්ට උදව් කරන්නෙත් ඔය වගේ වැඩ උන්ට කියල කර ගන්න. අපි නිකන් media සංදර්ශන බලන් ඉන්න ඉත්තෝ ටිකක් විතරයි.

    සහතික ඇත්ත..:yes: