"මට නම් පුතා තිස්තුන් කෝටියක් දෙය්යන්ට වඩා බල්ලෙක් වටිනවා... ඇයි මම එහෙම කියන්නේ ..ඔන්න එක ගෑනු ළමයෙක් පාළු පාරක් දිගේ පන්ති යනවා. නීච සිතුවිලි තියන පාපතර කොල්ලෙක් අර ගෑණු ළමය ඇදගෙන මානා පඳුරක් අස්සේදී දුෂණය කරනවා. ලංකාවේ ඉන්නේ කෝටි දෙකයි නේ මිනිස්සු . එතකොට තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්නකොට මිනිස්සු එක්කෙනෙකුට දෙවිවරු 16 ක් විතර ඉන්නවානේ එයාලව බලාගන්න පුතා. ඔය තිස්තුන් කෝටියෙන් එකෙකුටවත් පෙනුනේ නැද්ද අර ළමයා දුෂණය කරනවා . ඒ අපරාදේ. පෙනුනෙම නැද්ද ? දින ගණනක් ගත වෙනවා ...ඒ දුෂිතයා අල්ලන්න රහස් පොලිසියටත් බැරි උනා ගමේ අයටත් බැරි උනා පුතා..අන්තිමට ඒ පාපතර පුද්ගලයා අල්ලා ගන්න පොලිසියේ බල්ලා ගේනවා . ඒ බල්ලා ගෙනල්ලා අතෑරියාම කැලෑව මැද්දෙන් දුවගෙන දුවගෙන ගිහින් අර ගෑනු ළමයා දුෂණය කල මිනිහා ගේ ගේ ළඟ නතර වෙනවා. ඊට පස්සේ පොලිසියේ මහත්වරු පැනලා ඒ මිනිහා අල්ල ගන්නවා.
දැන් වඳිනවනම් පුතා මොකාටද වඳින්න ඕනි ???
කාගම සිරිනන්ද හිමි
දැන් වඳිනවනම් පුතා මොකාටද වඳින්න ඕනි ???
කාගම සිරිනන්ද හිමි



