දෙර්කාණාධිපතින් සහ 22 වැනි දෙර්කාණාධිපති | 🪐

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    දෙර්කාණයක් යනු රාශියකින් 1/3 ක කොටසක් (නවාංශක 3 ක්) බව ඔබ දැනටමත් දන්නා කරුණකි. විස්තර සඳහා මේ ලිපිය කියවන්න. ඕනෑම භාවයක නෛසර්ගික ගුණ කියන්නේ ඒ භාවයේ පිහිටි රාශියේ පළමු දෙර්කාණය මඟිනි.
    යම් රාශියක පළමු දෙර්කාණය එම රාශිය හිමි ග්‍රහයාට ද, දෙවැනි දෙර්කාණය එම රාශියේ පටන් පස්වැනි රාශිය හිමි ග්‍රහයාට ද, තෙවැනි දෙර්කාණය එම රාශියේ පටන් නමවැනි රාශිය හිමි ග්‍රහයාට ද අයිතිවේ. මෙය මා පිළිගන්නා ගුරුකුළයේ පිළිගැනීම වේ.
    ඒ ඒ රාශියට අයත් 1, 2 සහ 3 යන දෙර්කාණ අධිපති ග්‍රහයන් පහසුවෙන් සොයාගැනීමට පහත වගුව ප්‍රයෝජනවත් වනු ඇත.
    Derkana.JPG

    --
    (මීට වෙනස් මතයක් ද ව්‍යවහාරයේ පවතින බව දැනගන්නට තිබෙයි. ඊට අනුව චර රාශියක නම් පළමු දෙර්කාණය ඒ රාශිය හිමියාට ද, දෙවැනි දෙර්කාණය ඒ රාශියේ පටන් පස්වැනි රාශිය හිමියාට ද, තෙවැනි දෙර්කාණය ඒ රාශියේ පටන් නමවැනි රාශිය හිමියාට ද අයත් වන බව කියැවෙයි. ථිර රාශියක නම් පළමු දෙර්කාණය පස්වැන්න හිමියාට ද, දෙවැනි දෙර්කාණය නමවැන්න හිමියාට ද, තෙවැනි දෙර්කාණය ඒ රාශිය හිමියාට ද අයත් වන බව කියැවෙයි. උභය රාශියක නම් පළමු දෙර්කාණය නමවැන්න හිමියාට ද, දෙවැනි දෙර්කාණය තුන්වැන්න හිමියාට ද, තෙවැනි දෙර්කාණය පස්වැන්න හිමියාට ද අයත් වන බව පැවසෙයි.)
    --
    අටවැන්න යනු මාරක ස්ථානය බැවින් අටේ පිහිටි රාශියේ පළමු දෙර්කාණය නෛසර්ගික මාරක ස්ථානය වේ. කේන්ද්‍රයක ලග්නයේ පටන් හත්වැන්න දක්වා දෙර්කාණ විසි එකක් සම්පුර්ණ වේ. එබැවින් විසි දෙවැනි දෙර්කාණය වන්නේ අටවැන්නේ පළමු දෙර්කාණය බව පැහැදිළි වෙයි. මේ නයින් නියම මාරකස්ථානාධිපති වන්නේ සෑම විටම හුදු භාවයෙන් අටවැන්නේ පිහිටි රාශියේ අධිපති නොව 22 වැනි දෙර්කාණාධිපති වන බව සිහියට ගන්න.

    උදාහරණයකට මේෂය ලග්නය වූ අයෙකුගේ අටවැන්නාධිපති වන්නේ ද ලග්නාධිපති ම වන කුජ ග්‍රහයා ය (අටවැන්න වෘශ්චිකය වන බැවිණි). එහෙත් කුජ මාරකස්ථානාධිපති වශයෙන් සලකන්නේ මේෂ ලග්නයේ මුල් නවාංශක තුන (මේෂ, වෘෂභ, මිථුන) ඇතුළත උපන් අයට පමණි. නවාංශක හතරේ සිට හය දක්වා (කටක, සිංහ, කන්‍යා) වූ අයට මාරක වන්නේ 22 දෙර්කාණය හිමි ගුරු ග්‍රහයාය. නවාංශක හතේ සිට නමය දක්වා (තුලා, වෘශ්චික, ධනු) වූ අයට මාරක වන්නේ 22 දෙර්කාණය හිමි චන්ද්‍රයා ය.
    22 Derkana.JPG

    --
    කේන්ද්‍රයක් පරීක්‍ෂා කිරීමේදී දෙර්කාණ පිළිබඳ විමසිලිමත් වීමේ වැදගත්කම දැන් ඔබට අවබෝධ වන්නට ඇත. අටවැන්න පමණක් නොව අන්‍ය සියළු භාවයන්ගේ තත්ත්වය මෙසේම වේ. එබැවින් ඵලාඵල කථනයේදී මේ සම්බන්ධව විශේෂ සැළකිල්ලක් දක්වීම මැනවි.