දෙල්-ගසේ-කතාව

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපි නොදන්නා දෙල් ගසේ කතාව

    Breadfruit.jpg



    උපදින සෑම දරුවකු, වෙනුවෙන් ම දෙල් පැළයක් සිටුවීමේ සම්ප්‍රදායයක් ඇති රටක් ගැන ඔබ අසා තිබෙනවා ද? පොලිනීසියාවේ අනුගමනය කෙරෙන එම සිරිත ලොව සියලු රටවල් ආදර්ශයට ගත යුත්තක් බව ත්, එය ලෝක ආහාර අර්බුදයට සාර්ථක විසඳුමක් වනු ඇති බවටත් හවායි ජාතික නිවර්තන කලාපීය උද්‍යනයේ ආචාර්ය රගෝනේ මහත්මිය කියා සිටිනවා. ඇය එසේ පවසන්නේ 1980 සිට රටවල් 34 ක දෙල්වගාව පිළිබඳ අධ්‍යයනයකින් පසුවයි. 2003 අමෙරිකානු හවායි පර්‍යේෂණායතනය පිහිටුවා කළ පර්‍යේෂණ වලින් දෙල් පිළිබඳ වැදගත් කරුණු ගණනාවක් සොයාගනුලැබුවා. ඒ අනුව පැසිපික් කලාපයේ සහල් තිරිඟු ආදී වගාවන් අභිබවා දෙල් වවන්නට පටන්ගත් අතර වර්තමානයේ එම වගාව, රටවල් 90 ක් ඉක්මවා ව්‍යාප්තව තිබෙනවා.


    රට දෙල් ග්‍රෑම් 100ක ශක්තිය කැලරි 103 ක් අඩංගුවන අතර කිලෝ 300ක ගෙඩියකින් පස් දෙනකුගේ දෛනික කාබොහයිඩ්‍රේට් අවශ්‍යතාව සපිරෙනවා. එය පිෂ්ටය බහුල ශක්තිමත් ආහාරයක් බැවින් දෝ bread fruit නමින් හඳුන්වනු ලබනවා . නිව්ගිනියා සම්භවයක් සහිත ශාකය ඉන්දියාව ඉන්දුනීසියාව, තායිලන්තය මලයාසියාව චීනය මෙන්ම අමෙරිකානු අප්‍රිකානු රටවලද ආහාරයක් සේත්, ඖෂධයක් සේත්, යොදාගනු ලබනවා. මෙරට එය රට දෙල් ලෙස හැඳින්වෙන අතර ,ගෙඩි ත් , ගෙඩියේ පොතුත්, වෑංජන මැල්ලුම බැදුම තැම්බුම ආදි ලෙස සකසා ආහාරයට ගන්නවා. එය සැර කෑමක් ලෙස හැඳින්වුවත් ඒ මකා හැර රස ගුණ පමණක් ලබා ගැන්මට පොල් මෙන්ම නිවිති සාරණ ආදි කොළ වර්ග එක්කර ගනු ලබනවා . ඒ හා සමග වෙනත් සිසිල් ගුණැති ,ආහාර අනුභව කරනවා.

    අවාරයේ ආහාරයට ගැනීමට හීන් තීරු කපා යන්තම් තම්බා වියළා කල් තබාගත හැකියි. ඒවා චිප්ස් ලෙස බැද ආහාරයට ගත හැකියි .එසේ ම සීනි පැණි දවටා රස කැවිල්ලක් සේද සකසා ගත හැකියි. උදේ ආහාරය ඉතා ශක්තිමත් එකක් විය යුතු අතර ප්‍රෝටීන් හා කාබොහයිඩ්‍රේට් වලින් පොහොසත්, රට දෙල් තම්බා පොල් හා ලුණු මිරිස් සමග කෑමට සකසා ගැන්ම සිරුරට ඉතා පලදායකයි.ඇතැම් අප්‍රිකානු ප්‍රදේශවල එය ප්‍රධාන ආහාරය ලෙසත් යොදා ගන්නවා. යුරෝපයේත් අමෙරිකාවේත් බාබකිව් ක්‍රමයට, උදුනේ පුළුස්සා කෑමට, සකසා ගන්නවා.


    බැදි දෙල් ( Artocarpus nobilis) – වසර දහස් ගණනක සිට ප්‍රයෝජනයට ගන්නා ,මෙරටට ආවේණික දෙල් ශාකයක් ඇති අතර , එය හිංගල දෙල් , බැදි දෙල්, වල් දෙල් , ගම්දෙල් කැලෑ දෙල් ආදි නම්වලින් හැඳින්වෙනවා.එහි මදුලු ඇට එක්කොට වෑංජන මැල්ලුම් ලෙස සකසන අතර මේදය බහුල ඇට බැදගත් විට ඉතා රසවත් ආහාරයක් .ඖෂධ සඳහාත් යොදාගනු ලබනවා .එය ඇදුම, පණු රෝග සමනය කරන්නක් මෙන්ම වාජීකරණ ගුණ ද ලබා දෙන්නක්.ඇටවලින් සිඳින තෙල්, වාත රෝග පාලනයටත්, විසර ගෙඩි විසප්පු සුව කිරීමටත් උපකාරි වනවා ශාකයේ කිරි , ගුල්ම හා පණුරෝග සුවයට භාවිතා කෙරෙනවා.මෙම දේශීය ශාකය වනගත ප්‍රදේශවලට සීමාවෙමින් පවතින අතර වර්තමානයේ මෙරට බෙහෙවින් පරිභෝජනය කෙරෙන්නේ රට දෙල් .විශේෂයයි.


    රට දෙල් – (Artocarpus altilis) – නිව්ගිනියා සම්භවයෙන් පසුකාලීනව ව්‍යාප්ත වීමේදී පෘතුගීසින්ගේ සමයෙහි මෙරටට ගෙනෙන ලද්දේයයි සැළකෙන, රටදෙල් විටමින් A C E B K ප්‍රෝටීන් කැල්සියම් මැග්නීසියම් සෝඩියම් පොටෑසියම් තන්තු ඇතුළු පෝෂක ගණනාවකින් හා ප්‍රති ශක්තිකරණ ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පොහොසත්.රට දෙල් කෝප්පයක කෙසෙල්ගෙඩි තුනක පොටෑසියම් ,සහිතයි.සෝයා බෝංචිවලට වඩා ඇති ඇමයිනෝ අම්ලවලින් නිර්මාංශිකයන් ගේ ප්‍රෝටීන අවශ්‍යතාද බොහෝ සෙයින් සපිරෙන බව සඳහන් .ශාකය .ප්‍රතිජීවක ගුණයෙන් මෙන්ම, ප්‍රති දිලීර, ප්‍රතිබැක්ටීරියා, ප්‍රති වෛරස් , ප්‍රතිප්‍රදාහ ගුණවලින් ද යුක්තයි. එසේ ම සිරුර නිරෝගිකරගැන්මට අවශ්‍ය මත්ස්‍ය ආහාරයක් ලෙස ප්‍රකට ඔමේගා 3 හා ඔමේගා6 පෝෂක ද සහිතයි.මේ සියල්ල එක්ව හදවත, අක්මාව , පෙණහළු ,අස්ථි, දත්, ඇස් , සම, හිසකෙස් ආදි සිරුරේ , සියලු අංග නිරෝගි කරන්නට, උපකාරීවනවා.

    තන්තු බහුල දෙල් , ආහාර ජීර්ණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කරවමින් ඒ ආශ්‍රිත පාචනය, කුඩා අන්ත්‍ර පිළිකා, පටි පණු රෝග වළකනවා.එය හර්ද ස්පන්දනය යහපත් මට්ටමින් පවත්වා ගැන්මට උපකාරි වන්නක්.එහි ඇති පොටෑසියම් සංචිත රුධිරගත මේද පාලනය කරමින් ,අධි රුධිර පීඩන, අධි කොලෙස්ටරෝල් තත්ත්වයන්ට එරෙහිව ක්‍රියා කරමින් හදවත් රෝග ඈත්කරනවා .එය රුධිරගත සීනි පාලනය කරමින් දියවැඩියාව ඈත්කර හරිනවා .ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇදුම ක්ෂය රෝග මැඩ පැවැත්වීමට උපකාරිවනවා .සෙම් රෝග, පාලනය කරනවා.කැල්සියම් K විටමින් අස්ථි හා දත් ශක්තිමත් කරමින් සන්ධි රෝග, ආතරයිටිස් තත්ත්ව මැඩ පවත්වනවා .ඔස්ටියෝ පොරෝසිස් , ස්ක්ලෙ‍රෝසිස් , තත්ත්වයන් වළක්වනවා.දත් දිරායාම් නවතාලනවා. විටමින් A C චර්ම රෝග වලට එරෙහිව ක්‍රියාකරමින් වණ තුවාල සුවපත් කර දෙනවා. ඒවායින් ඇතිවන ඉදිමුම් බැහැරකරනවා.ඇසේ තුවාල සුවකිරීමේ සුවිශේෂ හැකියාවක් ශාකය සතුයි .ඔමේගා සංචිත හා විටමින් E හිස් කබලේ ශිඛම් ශ්‍රාවය පවත්වාගනිමින් හිස්සොරි දුරුකරමින් හිසකෙස් නිරෝගීව වවනවා.
    එහි ඇති විටමින් B ස්නායු වර්ධනය කරදෙමින් ඒ ආශ්‍රිත රෝග අවමකර දෙනවා .

    ශාකයේ මුල් මල් කොළ පොතු කිරි ආදි සියලු කොටස් ද ඔසුගුණ සහිත වන අතර විව්ධ රෝග පාලනයට යොදාගන්නවා. ශාක මුල් විරේක ගුණයෙන් හා ක්ෂුද්‍ර ජීවි නාශක ගුණයෙන් යුක්තයි .පොතු , කොළ සාරයන් පපුවේ වේදනා බැහැර කරන බව සඳහන්. මධ්‍ය අමෙරිකානුවන් ශාක කොළ තේ පානයක් මෙන් සකසා, රුධිර පීඩන හා දියවැඩියාව පාලනයට යොදා ගන්නවා.ජැමෙයිකාව කොළ යුෂ තුවාල සුවයට ගල්වනවා. පොතු හිසේ කැක්කුම හා මැලේරියාව වැනි උණ රෝග පාලනයටත්, සන්ධි රෝග හා ජීර්ණ පද්ධතියේ ආබාධ සඳහාත් යොදා ගන්නවා.මල් දන්තාබාධ හා කර්ණාබාධ පාලනයට උපකාරිවනවා.ළපටි ගෙඩි පෙණහළු ආබාධවලටත්, ගෙඩියේ නැට්ටෙහි කිරි සමේ බිබිලි කුෂ්ට පිළිකා වලටත් ප්‍රතිකාර සඳහා යොදාගනු ලබනවා. කොතෙක් ගුණදායක වුවත් උෂ්ණාධික සිරුරු ඇති අයට දෙල් සුදුසු නැහැ. තොලකට පැලීම්, පාද පැලීම්, උගුර කට , සිරුර දැවිල්ල, මුත්‍රා දැවිල්ල ආදි තත්ත්වයන් දෙල් වලින් වර්ධනය විය හැකියි.



    MSL_REC_Breadfruit_curry_fro_477_527913.jpg



    ලිපිය සැකැසුම -2019.06. 24 – Indra kumari Rathnayake / මූලාශ්‍ර හා සේයා රූ- , අත්තම්මාගේ අත් බෙහෙත්, ඔසුපැළ හඳුනා ගනිමු, වෛද්‍ය හා අන්තර්ජාල ලේඛන ඇසුරිනි.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ම්ම්ම්.. මම ආසම කැමක්... සෙට් වෙන වෙලාවට ගෙඩියක් තම්බලා පොල්සම්බෝල දවටලා ගත්තම පට්ට.
     
    • Like
    Reactions: Tz4400 and yosh371

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    කිලෝ 300ක ගෙඩියකින් පස් දෙනකුගේ දෛනික කාබොහයිඩ්‍රේට් අවශ්‍යතාව සපිරෙනවා.

    :confused::confused:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    del suddo sinhalunwa leda karanna genapu deyak kiyala kiyanawa neda
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    කිලෝ 300ක ගෙඩියකින් පස් දෙනකුගේ දෛනික කාබොහයිඩ්‍රේට් අවශ්‍යතාව සපිරෙනවා.

    :confused::confused:

    දෙල් ගෙඩියක්ද ගල් ගෙඩියක්ද? :lol::lol::lol:
    කිලෝ 3 වෙන්න ඇති.