පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම සඳහා දෙල් ආහාරයට ගැනීම සුදුසු බව විද්‍යාඥයින්ගේ අවධානයට ලක්ව ඇතැයි වාර්තා වේ.නිව් සටන්ටිස්ට් සගරාව පවසන්නේ පැසිපික් දිවයින්වල වී, තිරිගු හෝ ඉරිගු වගාවට වඩා දෙල් වගා කෙරෙන බවයි.කිලෝග‍්‍රෑම් 3ක පමණ දෙල් ගෙඩියකින් පස් දෙනෙකුගෙන් යුතු පවුලක කාබෝහටිඩ්‍රේට් අවශ්‍යතාව සම්පූර්ණ වන බව ගණන් බලා තිබේ.විටමින් සහ ඛනිජ ලවණ වලින්ද අනූන දෙල්, ග්ලූටන් රහිත කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් ලබාගැනීමේ ප‍්‍රධාන මූලාශ‍්‍රයක් ලෙසින්ද සැලකේ.
විද්‍යාඥයින් පවසන්නේ දෙල් වල අඩංගු ප්‍රෝටීන තුළ සෝයා වලට වඩා ඇමයිනෝ අම්ල ප‍්‍රමාණයක් අන්තර්ගත වන බවයි.දෙල් පිටි කරගැනීමෙන් පසුව එම පිටි වලින්ද ආහාර වර්ග රැසක් සකස් කරගත හැකිය.1980 දශකයේ සිට දෙල් හෙවත් බ්‍රෙඞ්ෆෘට් ශාකය පිළිබඳව අධ්‍යනය කරන හවායි ජාතික ජෛව උද්‍යානයේ ඩයෑන් රැගෝන් පවසන්නේ නව ගිනියාවේ වැවෙන බ්‍රෙඞ්නට් ගස මෙහි පූර්වජයා විය හැකි බවයි.
ලෝක ආහාර අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙස දෙල් යොදා ගත හැකියැයි හවායි හි ජාතික නිවර්තන කලාපීය උද්භිද උද්‍යානයේ ආචාර්ය ඩයන් රගෝනේ මහත්මිය පවසයි. ඇය මේ බව පවසන්නේ 1980 සිට රටවල් 34 ක වැවෙන දෙල් වර්ග පිළිබඳ අධ්‍යයනයකින් අනතුරුවය.
මේ අධ්‍යයනය සඳහා ම ආචාර්ය රගෝනේ 2003 වසරේදී මෝයි දිවයිනේ දී පර්යේෂණාගාරයක් ද විවෘත කිරීමට කටයුතු කළා ය.
චිකාගෝ නුවර නෝර්ත්වෙස්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නයිරේ සිගේරා සමග රෙගෝනා මහත්මිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත. මෙම පරීක්ෂණයට දෙල් ගසේ මුල් පද්ධතියේ පටක යොදා ගනිමින් කරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද ඇතුලත්ය. ආචාර්ය රගෝනා මහත්මිය පවසන්නේ ලොව මුලින්ම මිනිස් ආහාරය සඳහා එක්කැරගෙන ඇති දෙල් වර්ගය නිව්ගිනියාවේ වැඩෙන බ්‍රෙඩ්නටස් නමැති දෙල් වර්ගය බවයි.
මේ පර්යේෂණයෙන් පසු ශාන්තිකර දූපත්වල වෙසෙන වැසියන් හා විද්‍යාඥයින් දෙල් ශාක වැවීම කෙරෙහි වඩාත් නැඹුරුව සිටියි. පැසිපික් කලාපයේ රටවල සහල්, තිරිඟු හා ඉරිඟු වගා කරන හෙක්ටයාර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෙල් වගා කිරීමට ගොවියන් තීරණය කැර ඇත.
බරින් කිලෝග්‍රෑම් තුනක පමණ දෙල් ගෙඩියකින් මිනිසුන් පස් දෙනකුට දිනකට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ලබාගැනීමට අවකාශ ඇත. දෙල් යනු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සහ විටමින් වර්ග රැසකින් යුත් ආහාරයකි. මෙහි ඇති ප්‍රෝටීන් වලින් නිපද වන ඇමයිනෝ අම්ල සෝයා බෝංචි මගින් ලැබෙන ඇමයිනෝ අම්ල ප්‍රමාණයට වඩා අධික බව පර්යේෂකයන්ගේ මතයයි.
පොලිනීසියාවේ අපූරු සම්ප්‍රදායක් පවතී. ඒ සෑම ළමයකුගේ ම උපත සිහිවීම පිනිස උපන් විගස දෙල් පැලයක් සිටුවන බවයි. ආචාර්ය නයිරේ සිගේරා පවසන්නේ මේ සම්ප්‍රදාය සමස්ථ ලෝක වාසීන් විසින් ආදර්ශයට ගත යුතු දෙයක් බවයි.
lankadepa
Last edited:
ubata thiyenne ushna agak wenna athi..niwithi daala uyapan.
del thiyenawanam bath ekata thawa wena monawath ona naha

