දෙලොවක් අතර පෙමක්...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙලොවක් අතර පෙමක්...

    3427x600.jpg


    ගිය වසරෙ අවසානයේ නිකුත් වෙච්ච තවත් සුපිරිම චිත්‍රපටයක්.. ප්‍රේම වෘත්තාන්තය, ප්‍රබන්ධ කථා වලට කැමති අයට නම් මේ චිත්‍රපටය උපරිමයි.. චිත්‍රපටිය බලනකොට දැනෙන්නෙ අපිවත් ඒ ලෝකයකට අරන් යනවා වගේ හැඟීමක්.. චිත්‍රපටයට යොදාගෙන තියෙන පසුබිම් ඒ තරම්ම ලස්සනයි.. ඇත්ත දේවල් නොවුනත් ගොඩක් ලස්සනට ඒ හැම දෙයක්ම කරලා තියෙනවා.. ඒව වැඩක් නෑ කතාවට බහිමුකො..

    ඇඩම් ජීවත් වෙන්නෙ අමුතුම ලෝකයක.. මං මෙහෙම කිව්වොත් තේරුම් ගන්න පුළුවන් වෙයිද මංදා.. මට තේරෙන විදියට කියන්නම්.. එයාලගෙ සෞරග්‍රහ මණ්ඩලය අමුතුම එකක්.. ඒකෙ තියෙන්නෙ ද්විත්ව ගුරුත්වයක්.. නිවුන් ග්‍රහලෝක දෙකක් තියෙනවා ඒ ග්‍රහලෝක දෙක එකම ඉරක් වටා බ්‍රමණය වෙනවා.. ඔය දෙක අතර තියෙන්නෙ මහ විකාර ගුරුත්වාකර්ෂනයක්.. මේ ග්‍රහලෝක දෙක බ්‍රමණය වෙන්නෙ එකකට එකක් විරුද්ධ දිශාවන් වලට.. මේ ද්විත්ව ගරුත්වයෙ නීති තුනක් තියෙනවා.. හැම භෞතික දෙයක්ම තමන් අයිති ලෝකයේ ගුරුත්වයට පමණක් මුහුණ දෙන්න ඕනි.. ඕනම කෙනෙක්ට පුළුවන් ඕනම දෙයක් මේ ලෝක දෙක හරහා හුවමාරු කරගන්න.. ඒත් ඒ හුවමාරු කරගන්නා දේවල් විනාඩි කිහිපයකින් ගිණිගන්නවා.. මේ නීති වෙනස් කරන්න බෑ.. ඒවට ආදේශක දාන්නත් බෑ.. ඇඩම් ජීවත් වෙන ග්‍රහලෝකය ගොඩක්ම දුප්පත්.. ඒත් අනෙක් ග්‍රහලෝකය හැම අතින්ම ගොඩක් ඉහල තැනක ඉන්නවා..

    ඇඩම් කියන පුංචි කොලුගැටයා ජීවත් වෙන්නෙ අනාත නිවාසයක.. ඔහු කුඩාකලමයි ඔහුගෙ දෙමාපියන් ඉන්ධන පිරිපහදුවක වෙච්ච අනතුරක් නිසා මියගිහින් තියෙන්නෙ.. ඇඩම් හැම සති අන්තයෙදිම ඔහුගෙ නැන්දා වන බෙකීව බලන්න ඇයගේ නිවසට යනවා.. ඇය හදන පෑන් කේක් කන්න ඇඩම් ගොඩක් ආසයි.. ඒවට ඔහු කියන්නෙ පියාඹන පෑන් කේක් කියලා.. ඇත්තටම ඒවා පියාඹනවා.. ඒ පෑන් කේක් වලට රෝස රේණු දාන නිසා තමා ගොඩක්ම රසවත් වෙන්නෙ.. ඒත් රෝස රේණු දවසක ඉවර වෙනවා.. ඒ නිසා ඇඩම් රෝස රේණු හොයන්න තහනම් ප්‍රදේශයකට ඇතුලු වෙනවා.. ඒ ප්‍රදේශයට කිසිම කෙනෙක්ට යන්න දෙන්නෙ නැහැ.. ආරක්ශක අංශ විසින් එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් පවා යොදලා තියෙන්නෙ.. ඒත් ඇඩම් ඔවුන්ට හොරෙන් පැනගන්නවා.. ඔහු එම ප්‍රදේශයේ තියෙන විශාල කන්දකට නඟිනවා.. ඒ කන්දට නැග්ගාම ඇඩම්ගේ ලෝකයත් අනිත් ලෝකයත් අතර තියෙන්නෙ ගොඩක්ම කිට්ටු පරතරයක්.. ඇඩම් අනෙක් ලෝකය දිහා කන්දට නැගලා ගොඩක් ආසාවෙන් බලා ඉන්නවා.. ඒ වෙලාවෙදි ඔහු දකින්නෙ ලස්සනම ලස්සන ගෑණු ළමයෙක්ව.. ඔහු ඇයට කතා කරනවා.. කතා කරලා ඇයගෙ නම අහනවා.. ඇයගෙ නම ඊවන්.. ඔවුන් දෙන්නා අතර වැඩි කලක් නොගිහින්ම පෙම් සබඳතාවක් පටන් ගන්නවා.. කාලය බොහොම වේගයෙන් ගතවෙනවා.. මේ දෙන්නගෙ ආදරයත් දවසින් දවස වැඩිවෙනවා මිසක් අඩුවක් නම් වෙන්නෙ නෑ.. දවසක් ඇඩම්, ඊවන්ව කඹයක් ආදාරයෙන් එයාගෙ ලෝකයට ගන්න උත්සාහ කරනවා.. කොහොම නමුත් ඒ උත්සාහ නම් සාර්ථකයි.. ඔහුට ඇයව තමන් ගාවට ගන්න ලැබෙනවා.. ඔහුන් ආදරය උපරිමයෙන් විඳිනවා.. ඒත් අවාසනාවට............ ඊවන් නැවත ඇයගේ ලෝකයට යවන්න සැරසෙද්දී ආරක්ෂක අංශ මොවුන් දෙන්නව දකිනවා.. ඔහුන් ඊවන්ට සහ ඇඩම්ට වෙඩි තියන්න ගන්නවා.. එයින් එක උන්ඩයක් වදින්නෙ ඇඩම්ගෙ අතට.. ඒ වදිනවත් එක්කම ඇඩම්ගෙ අතේ තද කරන් ඉඳපු කඹය අතෑරෙනවා.. ඊවන් මහා ප්‍රපාතයකට වැටෙනවා.. ඇඩම් හිතන්නෙ ඒ අනතුර නිසා ඇය සඳහටම ජීවිතෙන් සමුගත්තා කියලා.. නැහැ.. වාසනාවට එහෙම වුණේ නෑ.. ඒත් ඇයගෙ මතකය සම්පූර්ණයෙන්ම මැකිලා යනවා.. එදා ඉඳන් ඇඩම් ඉන්නෙ ලොකු වේදනාවකින්.. තමන්ට මේ ලෝකෙ වටිනම වස්තුව නැති වුණාම දැනෙන වේදනාව ගැන කියන්න උවමනා නැහැනේ..

    ඔහොම කාලය ගත වෙලා යනවා.. වසර දහයකට පස්සෙ ඇඩම් ඇයව රූපවාහිනියෙන් දකිනවා.. ඔහුට පුදුමයි වගේම හිතට විශාල සතුටක් දැනෙනවා.. තමන්ගෙ ඉක්මනින්ම ඇඩම් ඊවන්ව හොයාගෙන එහා ලෝකයට යන්න උත්සාහ කරනවා.. මොහුගේ උත්සාහය සාර්තක වෙයිද..? ඔවුන් දෙදෙනා නැවත එකතු වෙයිද..? ඇයගේ මතකය නැවත එයිද..? ඒ ටික දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා..

    ඇත්තටම මේ හැමදේකටම වඩා මොවුන් දෙදෙනාගේ ආදරය ප්‍රබලයි.. බලවත්..:love:


    බය නැතුව බාගන්න.. ෆිල්ම් එක සුපිරියි.. චාටර් නම් දාන්නෑ ලොවෙත්..



    ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්කුවක් හම්බවුණා.. ඒකෙන් බාගන්න.. ඉක්මන් කරන තරමට හොඳයි.. :yes:

    Code:
    http://www.300mbfilms.com/upside-down-2012-brrip-625mb

    fdgdg.gif

     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Ela ela balanna one. Ube nama dakka gaman me paththata duwagena awe mu tawath hena kebba post ekak daalada balanna... :lol::lol: (Just a Joke)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ela ela balanna one. Ube nama dakka gaman me paththata duwagena awe mu tawath hena kebba post ekak daalada balanna... :lol::lol: (Just a Joke)
    :frown::frown::frown:
    තූ තොපි

    ඕක සිරා ෆිල්ම් එක බං.. මැක්සා කියන්නෙ උපරිම මැක්සා.. බලපං මේ දැන් සිංහල උපසිරැසි තියෙනවා දැක්කෙ.. ඒකත් කරුමෙ තමා.. දැන් ආයෙම බලනවා.. කතාවෙ සමහර තැන් තේරුනේ නෑ බං.. :rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන්නම් බලන්නම්..
    download limit පැනල තියෙන්නෙ.. :(
    බලපන් බලපන්.. මේක නම් බලන්නම වටින ෆිල්ම් එක ඕයි.. මටත් කනාවට සෙට් වුණේ ඊයෙ.. ආයෙම බලනවා.. සිංහල උපසිරැසි සෙට් උනා.. :D

    එදා එඩිෂන් කියපු කතාව ඇත්ත තමා.. :rofl:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බලපන් බලපන්.. මේක නම් බලන්නම වටින ෆිල්ම් එක ඕයි.. මටත් කනාවට සෙට් වුණේ ඊයෙ.. ආයෙම බලනවා.. සිංහල උපසිරැසි සෙට් උනා.. :D

    එදා එඩිෂන් කියපු කතාව ඇත්ත තමා.. :rofl:


    මොකද්ද.. මරනව ඕකව :growl::growl::growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බාන්න පටන් ගත්තා
    එලස් මියුරුවා.. පට්ට ෆිල්ම් එක.. :yes:

    ela ela rep dila thiyana nisa denda belu්‍
    රෙප් අවුලක් නෑ මචෝ.. ෆිල්ම් එක බලපං.. පට්ට..

    :baffled:

    You're Welcome මචං..

    sub link kath dapan
    දාන්න බෑ මචෝ.. Spam වෙනවා.. :(

    lassana kathawa bn!!!!
    thnx
    rep+
    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;14392365 said:
    එළෙ එල රේප් දුන්නා :P:P:P;)
    රෙප් 12කින් නැවත පෙරලා පහර දුන්නා.. :D

    මරුසිරා;14392382 said:
    :frown:හුටා මේකේ ටොරන්ට් නැතැයි???? :baffled::confused:
    යකෝ ඩිරෙක්ට් ඇඳපං.. ටොරන්ට් එකෙත් ඇති.. මං දැම්මෙ නෑ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්කුවක් සෙට් වෙච්ච නිසා..