දෙවනි ඉනිම

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මාතර පාසල් ලමයෙක් තවත් පාසල් ලමයෙක් පිහියෙන් ඇනලා මරපු එකට දෙවනි ඉනිම සම්බන්ද නෑ කියන අයට,

    ප්‍රිසන් බ්‍රේක්, එස්කේප් ප්ලෑන්, ශෝශෑන්ක් රිඩෙම්ප්ශන් වගේ ඒවා බලලා තියෙන මම කවදහරි හිරේ ගියොත් ජීවිතාන්තය දක්වා කූඩුවේ කූරු ගැන ගැන ඉදී කියලා හිතෙනවද?

    නිව්ස් වල මොකෙක් හරි කඩයකින් හොරකන් කරන්න ගිහින් මාට්ටු උනාම අපෝ මුනම් ගොනෙක්, මම කරානම් මෙහෙමයි කරන්නෙ කියලා ලොවෙත් අහුවෙන්නැතුව කරන්න ප්ලෑනක් ඔලුවේ මැවෙන්නෙ නැද්ද?

    රෙස්ලින්ග් බලලා ඇඳ එහා පැත්තෙ තියන අල්මාරියට නැගලා ඒක උඩ ඉදන් ඇඳට පැනලා නැද්ද?

    කොටන් පටවපු ට්‍රක් එකක් ඕවර් ටේක් කරද්දි ෆයිනල් ඩෙස්ටිනේශන් බලපු මට එන ෆීලින් එක ඒක නොබලපු කෙනෙක්ට කවදාවත් එනවද?

    හැරී පොටර් බලලා කෝටු කෑල්ලක් අරන් බල යවන්න, කොස්සේ නැගලා උඩ යන්න හදලා තියෙනවද?

    ස්පයිඩමෑන් බලල අත් වලින් මකුලු දැල් විදින්න, උලුවස්ස දෙපැත්තෙ කකුල් තියලා උඩට යන්න හදලම නැද්ද?

    කාර් රේස් ගහලා ගහලා අර වාහන පටවගෙන යන ට්‍රක්, පාර දෙපැත්තෙ කන්ඩි වලින් වාහනේ අරන් උඩින් යන්න හිතිලා නැද්ද ?

    ඔය උඩ තියෙන ඔක්කොම වගේ මගේ වයසත් එක්ක මම කරලා තියෙනවා, ඒත් වෙනත් වයසක හෝ මානසික මට්ටමක ඉන්න කෙනෙක්ට එහෙම හිතෙන්නේ නෑ..

    අපි බලන දකින හැම දේකින්ම අපිට ප්‍රචණ්ඩත්වය පෙන්නනවා..

    ඒ වගේ තමයි, කූඹියෝ බලලා ලංකාවේ ආණ්ඩුව පෙරලන්න අපිට බැරි උනත් කූඹියෝ එකේ වගේ ගේම් ඕනෙ තරම් ලංකාවේ වෙනවා, ඒවා කරන්නෙ පාසල් ලමයි නෙවෙයි.

    තුවක්කු අරන් වෙඩිතියන්න ලංකාවේ බැරි උනාට ඇමෙරිකාවේ පාසල් ලමයි ඕනෙ තරම් තුවක්කු අරන් ගිහින් මුලු ඉස්කෝලෙටම වෙඩි තියලා ඌත් වෙඩි තියාගත්ත අවස්තා තියෙනවා..

    ඒ උනාට අවුරුදු 16ක ලංකාවේ පාසල් ලමයෙක්ට දෙවනි ඉනිම කියන්නෙ පට්ටම රියැලිටියක්. ඒකේ ඉන්නෙත් ඉස්කෝලෙ යන උන්. උන් කරන්නෙත් අපි ඉස්කෝලේ ගිහින් කරන මරි වැඩමයි..

    ඉතින් ඕක බලන පොඩි උන් මටත් ඕනේ අනුහස්ගෙ වගේ ලව් එකක්, අපෙ ඉස්කෝලේ නෑනේ අවන්ත වගේ ලස්සන කොල්ලො කිය කිය පෝස්ට් ශෙයා කරනවා.. ඒ අස්සේ ඔන්න ඒකෙත් පෙන්නනවා ගහගන්නවා මරාගන්නවා.. ඉතින් එතකොට උන් ආපහු ශෙයා කරනවා "ඊයේ දෙවනි ඉනිමෙ ගියපු වලිය පට්ට නේ, මටත් ආසයි ක්ලාස් ඇරිලා යද්දි මොකෙක්ට හරි එහෙම ගහන්න" කියලා..

    මන් කියන්නෙ නෑ දෙවනි ඉනිම විතරයි ප්‍රචන්ඩත්වය පෙන්නන්නෙ කියලා, ඒත් තමන්ගෙ රියැලිටියට ගොඩක් සමීප දේකින් අපිට කරන ඉම්පැක්ට් එක ගොඩක් වැඩියි ඒ නිසා ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අපි මොනවා නොකරයිද වගේ තර්ක ගේන්න එපා.. අවුරුදු 16ක එකෙක්ගෙ මානසිකත්වයෙන් මේ ගැන බලන්න!

    ඉස්සුවෙ fb එකෙන්
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,360
    113
    Deweni Inima Balalath ne lankawe Gobba channel balanneth ne
    Lankawe eunge maha Gota mentality ekak thiyenne
    Mama nam kiyanne ehema loku balapemak ne kiyala
    Nethuwa nemei
    eth mini marana thenata Genna be minihekwa
    eka thaman hedena parisaraya ekka thamai
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Deweni Inima Balalath ne lankawe Gobba channel balanneth ne
    Lankawe eunge maha Gota mentality ekak thiyenne
    Mama nam kiyanne ehema loku balapemak ne kiyala
    Nethuwa nemei
    eth mini marana thenata Genna be minihekwa
    eka thaman hedena parisaraya ekka thamai

    https://youtu.be/RXKj-YYi5d8
    දෙවනි ඉනිමට කලින් ඉදන්ම ආතල් දුන්න එකෙක්ලු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඔහොම ගියොත් ටීවී එකේ කිසි දෙයක් බලන්න වෙන්නේ නෑ නෙ :baffled: අවුරුදු දහඅටට අඩු උන්ට ටීවී තහනං කරන්නයි වෙන්නේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපි ටෙලි නාට්ටියක් චිත්‍රපටියක් බලල ඒක අපේ මනසට භාර ගන්නේ අපි ජීවත් වෙන පවතින සමාජක්‍රමය, සංස්කෘතියත් එක්ක සංසන්දනය කරලා බං .. එතකොට ඔය ඇමෙරිකාවේ හරි වෙනත් බටහිර රටක නිර්මාණයක් බැලුවට ඒක අපේ මනසට කාවදින්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි මොකද ඒවායේ ඉන්නේ සුදු මිනිස්සු, පරිසරය , භාෂාව , ඒ හැම දේම වෙනස් .. ඒව අපි බලල එහෙම්මම අත අරිනවා මොකද ඒ නිර්මාණ තියෙන්නේ අපේ අත්දැකීම් සමූහයට පිටින් ..

    ඒ වගේ නෙවෙයි ලංකාවේ දෙවැනි ඉනිම හෝ ඉන්දියාවේ දෙමල චිත්‍රපටි බැලුවම වෙන්නේ ඔකේ අනික් පැත්ත .. අරවට වඩා මේවා අපිට දැනෙනවා වැඩි , අපි අල්ලගන්නවා වැඩි .. ඒ නිසා නිරායාසයෙන්ම අපේ මනස ඒවා භාරගන්නවා තමන්ගේ දෙයක් හැටියට ..

    මං කියන්නේ මේවා නිර්මාණ වල වරදක් නෙවෙයි .. ඒවා අපිට වෙනස් කරන්න බෑ .. වරද තියෙන්නේ ඒ ළමය හැදිච්ච පරිසරේ වෙන්න ඕනේ ..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉතිං ඔහොම ගියොත් ටීවී එකේ කිසි දෙයක් බලන්න වෙන්නේ නෑ නෙ :baffled: අවුරුදු දහඅටට අඩු උන්ට ටීවී තහනං කරන්නයි වෙන්නේ.

    :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අදාල වෙන්නෙ අන්තර්ගතය නෙමේ, අනතර්ගතයෙන් ප්‍රවර්ධනය කරන දේ. සිගරට් කොම්පැනි වලිං film cartoon වල වීරය සිගරට් ගහන දර්ශන දාල මාකට් එක හදාගත්ත දැක්කනෙ. ඒ වගේ ඉන්න ගොබ්බම චරිතෙට සිගරට් පෙව්ව නං වෙන්නෙ අධෛර්යමත් වෙන එක. ඒ වගේ තමා ඉතිං. ඉන්න ගොබ්බම චරිතෙ අපරාධ කරනව පෙන්නුවට අවුලක් නෑ අපරාධ කරන එක ලොකු දෙයක් කියල ප්‍රවර්ධනය කලොත් තමා අවුල :yes: